මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයක් හරහා රසික ඔබ හමුවන රුක්ෂානා මෑතකදී නර්තන පාසලක් ආරම්භ කරනු ලැබුවාය. එලැඹෙන 2017 වසරේදී එය තවත් දියුණු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින රුක්ෂාන් තවත් නව වසරේ බලාපොරොත්තු කිහිපයක් පිළිබඳව අපිට මෙළෙස තොරතුරු පැවසුවෙමු. මේ අවුරුද්දෙ බලාපොරොත්තු කිහිපයක්ම මට තියෙනවා. ඒ අතරින් ප්‍රධාන එක තමයි මගේ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කරන එක.
ඒ වගේම මම මෑතකදී ආරම්භ කළ නර්තන ඇකඩමිය තවත් වැඩි දියුණු කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව තවත් ටෙලි නිර්මාණ බොහෝමයකට මේ අවුරුද්දෙත් සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වැඩ කටයුතු හොඳින් නිමකරන්න තමයි මේ අවුරුද්දේ මගේ සැලසුම වෙලා තියෙන්නේ. පෞද්ගලික ජීවිතේ නම් ලොකු වෙනසක් වෙන එකක් නම් නැහැ. සුපුරුදු පරිදි මේ ඉන්න සාමාන්‍ය විදිහටම ගෙවිලා යාවි. කලා නිර්මාණවලටම කාලය ගෙවෙද්දි පෞද්ගලික ජීවිතේ ගැන හිතන්න වෙලාවක් හොයාගන්න එක තමයි මේ අවුරුද්දේ අපහසුම වැඩේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd