
(මනොප‍්‍රිය ගුණසේකර)
ව්‍යාජ උප්පැන්න සහතිකයක් මඟින් ලබාගත් අවිධිමත් රාජතාන්ත‍්‍රික විදේශ ගමන් බලපත‍්‍රයක් ලඟ තබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වී වසර 02ක බරපතල වැඩ සහිත සිරදඬුම් නියම කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා දුන් නියෝගය කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද ස්ථිර කළේය.
1967 වසරේ උපන් ශෂී වීරවංශ නමැත්තිය ඊට වසර 04කට පසුව 1971 වසරේ උපන් බව හැඟවෙන ආකාරයට සකස් කළ ව්‍යාජ උප්පැන්න සහතිකයක් උපයෝගී කරගනිමින් මෙම අවිධිමත් විදේශ ගමන් බලපත‍්‍රයක් ලබා ගෙන ඇති බව සාක්කි මඟින් හෙළිදරව් වී ඇතැයි තීන්දු කළ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා දුන් නියෝගයට එරෙහිව රණසිංහ මුදියන්සේලාගේ ශර්ජා උදයන්ති හෙවත් ශෂී වීරවංශ නමැත්තිය ඉදිරිපත් කළ අභියාචනය නිශ්ප‍්‍රභ කළේය.
රාජ්‍ය ත‍්‍රාන්තික විදෙස් ගමන් බලපත‍්‍රයක් ලබා ගැනීම සඳහා 2010 ඔක්තෝබර් 13 වැනිදා ව්‍යාජ උප්පැන්නයක් ඇතුළු ලේඛන සහිත ඉල්ලූම්පත‍්‍රයක් ආගමන විගමන පාලකවරයාට ඉදිරිපත් කර ලබාගත් අවිධිමත් විදෙස් ගමන් බලපත‍්‍රයක් ලඟ තබා ගැනීමේ චෝදනාව යටතේ විත්තිකාර ශෂී වීරවංශ නමැත්තියට එරෙහිව රහස් පොලිසිය මෙම නඩුව පවරා තිබිණී.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකාරියට එරෙහිව නඟා ඇති චෝදනාවන් පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීන්දු කරමින් ඇයට වසර 02ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් ලක්‍ෂයක දඩයක් නියම කළ අතර දඩ මුදල නොගෙවුවහොත් අමතර මාස 06ක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක් නියම කෙරිණී.
එම තීන්දුවට එරෙහිව ශෂී වීරවංශ නමැත්තිය විසින් කොළඹ මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර දීර්ඝ අභියාචන විභාගයකින් අනතුරුව තීන්දුව ප‍්‍රකාශයට කිරීම සඳහා නඩුව කැඳවු අවස්ථාවේදී ශෂී වීරවංශ නමැත්තිය අධිකරණයේ පෙනී සිටියේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd