මෙවර අගෝස්තු මස 23 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇති 5 වසර ශිෂ්‍යත්ව විභාගය නියමිත පරිදි එදිනට පැවැත්වෙන බව විභාග කොමසාරිස් කාර්යාල ආරංචි කියයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග මහ මැතිවරණය අගෝස්තු 17 පැවැත්වීමට දින නියම කෙරුණු අතර ඒ හේතුවෙන් අගෝස්තු මාසයේ පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගයේ කාල සටහන් වෙනස් කිරීමක්ද සිදු කෙරිණි.
නමුත් ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටළුවක් පැන නොනගින බවත් නියමිත පරිදි අගෝස්තු 23 වැනිදා විභාගය පැවැත්වෙන බවත් එම කාර්යාල ආරංචි පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝස්තු 17 කියන්නේ චන්ද්‍රික ඡන්දෙ දිනු දවස. මේක චන්ද්‍රිකාගේ බලපෑම මත කරපු දෙයක්. චන්ද්‍රිකාගේ ආශාව ලක්ෂ ගණක අනාගතයට වඩා ලොකුයි එහෙනම්.(අ)
මේ අයට අධ්‍යාපනය මොකක් උනත් කමක් නැහැ දේශපාලනය තමා ඕනි. දැන් බලන්න මේ ඡන්දෙ නිසා උසස් පෙළ ළමුන්ට වෙලා තියෙන අසාදාරණය. මේකේ ප්‍රතිපල එන්න පරක්කු වෙනවා. ඊට පස්සේ උසස් පෙළ පන්ති ආරම්භ කරන්න පරක්කු වෙනවා. ඔක්කොම පස්සට යනවා. ගොන් රැලක් නිසා වෙන පාඩුව කවුරුත් තේරුම් ගන්නේ නැහැ (නදී)