
(රෝෂන් තුෂාර)
කිරිඉබ්බන්වැව පිහිටි මහවැලි අධිකාරියට අයත් ඉඩමක ඉදිකළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දේශපාලන කාර්යාලය අරගල කරුවන් විසින් 2022 දී ගිනිබත් කිරීමෙන් සිදුවූ හානියට රුපියල් 8850000.00ක වන්දි මුදලක් රජයේ නිලධාරීන්ට බලපෑම් කර ලබා ගනිමින් රාජ්‍ය දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කරන ලදැයි කියන හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 19 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද(12) නියෝග කළේය.
සැකකරුට ඇප ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේය.
සැකකාර රාජපක්ෂ මහතාට නින්දේදී එක් පැයකට තිස්පස් වතාවක් හුස්ම හිරවීමේ රෝගයක් පවතින බැවින් එය සුවිශේෂී කරුණක් ලෙස ගෙන ඇප ලබා දෙන්නැයි විත්තියේ නීතිඥවරු ඉල්ලා සිටියේය.
ඊට පිළිතුරු ලබා දුන් අල්ලස් කොමිසම සඳහන් කර සිටියේ පැයකට 35 වතාවක් හුස්ම හිරවෙන සැකකරු මාසයක් බන්ධනාගාරගතව සිටි බවත් රෝගය ඔය කියන තරම් බරපතල නම් මේ වනවිට මියගොස් සිටිය යුතු බවත්,එසේ එයින් ඔහුට බරපතල රෝගයක් පවතින බවට අල්ලස් කොමිසම විශ්වාස නොකරන බවත් සඳහන් කළේය.එසේ හෙයින් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරන ලෙසද ඉල්ලා සිටියේය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මෛත්‍රාත්වරයා රෝගී තත්ත්වය පිළිබඳව ලිඛිත දේශන ගොනු කරනකරන ලෙසට දන්වා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ ඉක්මනින් ඉවර කර ගන්න පුළුවන් වෙයි දිගටම බන්ධනාගාරයේ හිටියොත් !
දැන් මේ වගේ හුස්ම හිරවෙන ලෙඩ හිරේ යන මැති ඇමැතිලා හදනවා නේද?
යකඩෝ... ලෙඩ කඳවල්නේ රටේ ජනතාව 2048දී වැල් පාලමෙන් එගොඩ කරවන්න හැදුවේ.
මේවා අහලා අපිට හුස්ම හිරවෙනවා අප්පා
යකඩෝ බන්ධනාගාර ගත කළාම ද මේ ලෙඩේ හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ ගෙදර ඉන්න කොට මෙයා නිදාගෙනම නැද්ද? එක පැයකට 35 වතාවක් පැය 8 නිදාගත්තා නම් හුස්ම හිරවෙන ගාන අනුව ජීවත් වෙලා ඉන්න එකත් පුදුමනේ.
හුස්ම හිරවෙන වාර ගාන ගනින්න සහ ඒවා සටහන් තබා ගන්න "හුස්ම පාලක" කියලා කෙනෙක් ගෙදර හිටියද දන්නෑ නේද?
කොහොමත් ජඩ වැඩ, හොර වැඩ කරපු, මිනී මරපු එවුන්ට නින්ද යන්නේ නෑ. සමහර විට හීනෙන් බෙල්ල මිරිකනවා වගෙත් දැනෙනවා ඇති. දැන් ඉතිං කුම්බලා මාළු කාපු බළල්ලුන්ට වෙච්ච දේ තමයි.
දෙවියෙක් වගේ බෙල්ලන කෙනෙක් ඉන්නේ කොළඹ මහ ඉස්පිරිතාලෙ, ගිහින් හම්බ වෙන්නකෝ...?
නිදාගන්න යන්න ඉස්සෙල්ලා අහවල් එකේ හොඳට සිධ්ධාලේප ගාන්න, හුස්ම හිරවෙන රෝගය නිට්ටාවටම සුව වෙනවා !!!
ඔහු මිලියන 4000ක් රැස් කළ ආකාරය සොයා, ඔහුගේ සියලු දේපළ අත්පත් කර ගන්න. මේ රාජපක්ෂ පරම්පරාවේ ඔක්කෝම කම්බර් හොරු. දේශපාලනයට මුන්ගේ පස්සෙන් යන අපේ රටේ තවමත් මෝඩ මිනිස්සු ඉන්නවානේ... අනේද කියන්නේ...?
දූෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ රාජ්‍ය ඇමැති. මහාපරිමාණ හොරකම් වංචා දූෂණ වලින්ගසා කාලා හම්බ කරන කොට ඔය කිසිම ලෙඩක් නැහැ.හිරේට ගියාම තමා නැති ලෙඩත් මතුවෙන්නේ?
ස්ලීප් අැප්නියා කියන්නේ මහ ලොකු ලෙඩක් නෙමෙයි. මටත් තිබුණා. එක දවසක් වත් මෙඩිකල් නිවාඩු දුන්නේ නැහැ ඒකට. මොවුන් මහ තොත්ත බබ්බු...
ශශීන්ද්‍රයෝ.. කමෙන්ට් කියවන්න..හුස්ම නවතී.
එක සැරේම හුස්ම ටික පිටකරලා හිටහල්ලකෝ. එතකොට ආපහු හිරවෙන්න හුස්මක් නැහැනේ.
හුස්ම සදකාලිකම හිරවෙලාම තියෙන්න සෙට් කරන්න බැරිද?
නින්දෙදී පැයකට 35 වතාවක් හුස්ම හිරවෙන අරුම පුදුම ලෙඩක් තියෙන කෙනෙක් ගැන අපි ඔය ඇහැව්වාමයි .
අපායේ දොරටුව අරින්න.
බෙල්ලට කිව්වා නම් වැඩේ ගොඩ...
ශෂී, මටත් ඔය ලෙඩේම තිබුණා... හිරේට දාපු ගමන්ම පටන් ගත්තේ. බලාගෙන ඔය ලෙඩේ බෝවෙනවා. මට ඔය ලෙඩේ දුන්නේ අර බඩ තඩි, තට්ට දොස්තර. දැන් මම ගෙදර ඉන්න නිසා ලෙඩේ හැංගිලා තියෙන්නේ. මම ඔය ලෙඩේට පාවිච්චි කරපු "යන්ත්‍රය " ඔයාට දෙන්නම්, හැබැයි ඒක ටියුන් කරන්න දන්නේ මගේ නෝනා විතරයි. ඒ නිසා මම තීරණය කළා. ඒ යන්ත්‍රයත් එක්කම මගේ නෝනාවත් ඔයාට තෑගි කරන්න...
හොරාකාලා මහත් කරගත්තු ඇග අඩු කරගත්තාම ඔය බරපතල ගෙරවිල්ල නිසා ඇතිවන මේ ලෙඩේ ඉබේම සුවවෙනවා.
හොදම ප්‍රතිකාරය. විදුලිය විසන්දි කර තත්පරයක් ඇතුලත් අත් දෙකෙන්. බෙල්ලේ බල නහරය මිරිකන්න. නිවනට ගියාවගෙ තේරෙයි එහෙම නැත්නම් අපාගතවෙයි
මෙයාගේ කෝනා තමයි කුප්‍රකට එතනෝල් හාමිනේ. දැන් ඕස්ට්‍රේලියාවට පැනලා ඉන්නේ. අල්ලාගෙන ලංකාවට ගේන්නේ කවදාද…?
මම මේ කල්පනා කළේ හුස්ම හිරවන වාර ගණන ගැනපු එක්කෙනාට මොන ලෙඩක් ඇත්ද කියලා...
ඔහුව කුණු කූඩයට දමා තදින් වසා දමන්න, එවිට ඔහු අසල සිටින අනෙක් සිරකරුවන්ට ඔහුගේ නපුරුකම්වලින් පීඩා විඳින්නට සිදු නොවේ.
මෙයාලා හොරකම් කරපු ගනන් මිනුම් අහලා අපේ හුස්ම හිරවෙන තත්වයක් දැන් තියෙන්නේ.
තවම මෙයාගේ .. පත්තර වල දැක්කනේ... තව රාජපක්ෂයෙක් ජීවතුන් අතර වගෙයි...