රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ නිල කාලය අවසන්වීමත් සමඟ බස්නායක නිළමේ තනතුර සඳහා මෙවර අපෙක්ෂයෝ 18ක් ඉදිරිපත්ව සිටිති.
දුටුගැමුණු රජ සමයේ ඉදි කෙරුණු කතරගම දේවාලයේ පරිපාලන නිලධරයා වන බස්නායක නිළමේට දේවාලයේ චංචල නිශ්චල දේපල පරිපාලනය කිරීමේ බලතල ලබාදී ඇත. වත්මන් බස්නායක නිළමේවරයාගේ නිල කාලය වසර 5කි.
කතරගම බස්නායක නිලවරණය සඳහා ඡන්දය ලබාදීමට කිරිවෙහෙර රාජ මහා විහාරය, කතරගම ශ්‍රී අභිණවාරාමය, කතරගම වැඩසිටි කන්ද, කතරගම සෙල්ල මහාසේන රාජ මහා විහාරය, කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිළමේවරයා, බිබිල කොටබෝව දේවාලයේ බස්නායක නිළමේවරයා හා මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් 11 දෙනාට හැකියාව ඇත.
නිලවරණය මොනරාගල දිසා ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
නිලවරණය සඳහා එකල පටන් දේශපාලනඥයන් ඉදිරිපත්වූ අතර හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා දේශපාලනඥයින්ට එය තහනම් කරමින් පනතක් සම්මත කළද පසුව විවධ දේශපාලන බලවතුන්ගේ අවශ්‍යතා පරිදි පනත් වෙනස් කරගනු ලැබිණි. නමුත් මේ සඳහා දේශපාලනයෙන් තොර ස්වාධීන පුද්ගලයකු පත්විය යුතු බව ප්‍රදේශවාසීහු කියති.
එළැඹෙන නිලවරණයේදී තෝරාපත් කර ගැනීමට නියමිත වන්නේ දේවාලයේ 12 වැනි බස්නායක නිළමේවරයාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලයට ඇයි මිනිසුනේ මෙතරම් ආශා? (නි)
ඔන්න ලංකාවේ මෝඩයෝ ගිහිල්ල පුජාකරන රන් රිදී එකතුකරලා,සීශෙල්ස් වලට යවන එක්කෙනාව පුරවන්න ඇබෑර්තුවක් ඇවිල්ල. හුරේ! (ස)
මෙච්චර ඕනෑකම මොකදැයි තේරෙනවා (නි)
බලයේ ඉන්න කෙනා තමයි ඒකේ රසය දන්නේ (නි)
මෙතන තව හොඳයි (නි)
රාජකාරිය සහ දේවකාරිය කියන්නේ දෙකක්. ඒ නිසා මේ පාරවත් දේශපාලකයෝ ගාවාගන්න එපා. අන්තිමේ වැඩ දෙකෙන් එකක්වත් හරියට කෙරෙන්නේ නැහැ. (නි)
මොකද අප්පේ මේකට මෙච්චර පොරේ? (නි)
කවුද ඉතින් වැඩිය හොඳ? (නි)
අවසානයේ සුදුස්සෙකු පත්වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු (නි)
මේ පොරකන්නේ මොකද කියන එකේ රහස අපි දන්නවා (නි)
ශෂින්ද්‍ර මහත්තයා හොඳින් වැඩකළ කෙනෙක්. අලුත් කෙනා කවුරු වෙයිද දන්නෙ නැහැ (නි)
දෙවියන්නේ තැන රාජකාරිය කරන්න එහෙම සුළුවෙන් හිතලා බැහැ. මේවා කවුරු නැතත් දෙවියන්ම බලාගනීවි (නි)