රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ නිල කාලය අවසන්වීමත් සමඟ බස්නායක නිළමේ තනතුර සඳහා මෙවර අපෙක්ෂයෝ 18ක් ඉදිරිපත්ව සිටිති.
දුටුගැමුණු රජ සමයේ ඉදි කෙරුණු කතරගම දේවාලයේ පරිපාලන නිලධරයා වන බස්නායක නිළමේට දේවාලයේ චංචල නිශ්චල දේපල පරිපාලනය කිරීමේ බලතල ලබාදී ඇත. වත්මන් බස්නායක නිළමේවරයාගේ නිල කාලය වසර 5කි.
කතරගම බස්නායක නිලවරණය සඳහා ඡන්දය ලබාදීමට කිරිවෙහෙර රාජ මහා විහාරය, කතරගම ශ්‍රී අභිණවාරාමය, කතරගම වැඩසිටි කන්ද, කතරගම සෙල්ල මහාසේන රාජ මහා විහාරය, කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිළමේවරයා, බිබිල කොටබෝව දේවාලයේ බස්නායක නිළමේවරයා හා මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් 11 දෙනාට හැකියාව ඇත.
නිලවරණය මොනරාගල දිසා ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
නිලවරණය සඳහා එකල පටන් දේශපාලනඥයන් ඉදිරිපත්වූ අතර හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා දේශපාලනඥයින්ට එය තහනම් කරමින් පනතක් සම්මත කළද පසුව විවධ දේශපාලන බලවතුන්ගේ අවශ්‍යතා පරිදි පනත් වෙනස් කරගනු ලැබිණි. නමුත් මේ සඳහා දේශපාලනයෙන් තොර ස්වාධීන පුද්ගලයකු පත්විය යුතු බව ප්‍රදේශවාසීහු කියති.
එළැඹෙන නිලවරණයේදී තෝරාපත් කර ගැනීමට නියමිත වන්නේ දේවාලයේ 12 වැනි බස්නායක නිළමේවරයාය.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශෂීන්ද්‍රගේ තැනට 18ක් පොරේ
පියුමාලි Tuesday, 27 January 2015 08:04 AM
බලයට ඇයි මිනිසුනේ මෙතරම් ආශා? (නි)
කුමාර් Tuesday, 27 January 2015 09:11 AM
ඔන්න ලංකාවේ මෝඩයෝ ගිහිල්ල පුජාකරන රන් රිදී එකතුකරලා,සීශෙල්ස් වලට යවන එක්කෙනාව පුරවන්න ඇබෑර්තුවක් ඇවිල්ල. හුරේ! (ස)
සමන්ති Wednesday, 28 January 2015 03:52 PM
මෙච්චර ඕනෑකම මොකදැයි තේරෙනවා (නි)
සිල්වා Tuesday, 27 January 2015 09:29 AM
බලයේ ඉන්න කෙනා තමයි ඒකේ රසය දන්නේ (නි)
මලික් Tuesday, 27 January 2015 09:51 AM
මෙතන තව හොඳයි (නි)
ලලිත් Tuesday, 27 January 2015 05:23 AM
රාජකාරිය සහ දේවකාරිය කියන්නේ දෙකක්. ඒ නිසා මේ පාරවත් දේශපාලකයෝ ගාවාගන්න එපා. අන්තිමේ වැඩ දෙකෙන් එකක්වත් හරියට කෙරෙන්නේ නැහැ. (නි)
සුජිත් Tuesday, 27 January 2015 05:47 AM
මොකද අප්පේ මේකට මෙච්චර පොරේ? (නි)
විදුරන්ග Tuesday, 27 January 2015 06:31 AM
කවුද ඉතින් වැඩිය හොඳ? (නි)
ටියුඩර් Tuesday, 27 January 2015 06:46 AM
අවසානයේ සුදුස්සෙකු පත්වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු (නි)
පද්මසිරි ඉතාලිය Tuesday, 27 January 2015 07:03 AM
මේ පොරකන්නේ මොකද කියන එකේ රහස අපි දන්නවා (නි)
කණිෂ්ක Tuesday, 27 January 2015 07:03 AM
ශෂින්ද්‍ර මහත්තයා හොඳින් වැඩකළ කෙනෙක්. අලුත් කෙනා කවුරු වෙයිද දන්නෙ නැහැ (නි)
අජිත් Tuesday, 27 January 2015 07:35 AM
දෙවියන්නේ තැන රාජකාරිය කරන්න එහෙම සුළුවෙන් හිතලා බැහැ. මේවා කවුරු නැතත් දෙවියන්ම බලාගනීවි (නි)