උසාවි එන විට ශිෂ්ට සමිපන්න ඇදුමින් සැරැසී එන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මතාගේ දියණිය හිරුණිකාට අද අවවාද කළාය.
හිරුණිකා ලා රෝස පාට ලිනන් කුර්තාවක් හා කලිසමක් ඇඳ සිටියාය.
බොරුල්ලේ කිංසි පාරේ ව්‍යාපාරික ස්ථානයකට බලෙන් ඇතුළු වී ව්‍යාපාරිකයාට තර්ජන කළැයි ඇය අතුළු සිව්දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව සමථ මණ්ඩලයට යොමු කරන ලෙස මහෙස්ත්‍රාත් නියෝග කළාය.
කසුන් සම්පත් , නිලූක දර්ශන, මුදිත ආර් බණ්ඩාර හා චමිල ප්‍රියංකර ද රුපියල් ලක්ෂ දෙක බැගින් වු ඇප දෙකක් මත මුදා හරින ලෙස නියම කළ මහේස්ත්‍රාත් සමථ මණ්ඩල වාර්තාව ලබන ජුලි 31 වැනිදා ඉදිරිපත් කරන්නැයි ද නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවි එන විට ශිෂ්ට සමිපන්න ඇදුමින් සැරැසී එන්න ඉගෙන ගන්න (දී)
අධිකරණයට යන විට සුදු විතරක් අදින්න කාන්තාවන් , සාරියනම් වඩාත් හොදයි (දී)
හැමෝම උසාවියට ඇහුම්කන් නොදී හිරුණිකාගෙ ලස්සන බල බලා හිටියද දන්නෙ නැහැ. (නි)
මැස්සෙක් ගිය උඩ?(නදී)
නීතියට ගරු කරන්න අධිකරණයටද ගරු කරයි (දී)
ශිෂ්ට සම්පන්න නැද්ද කුර්තාවක්. කන්න ඕන වුනාම කබරගොයත් තලගොයා වගේ වෙනවා කියන්නේ ඕවට තමයි.(නදී)
මොකද්ද මේ ළමයාට මේ දවස් වල වෙලා තියෙන්නේ (දී)
දෙයියෝ සාක්කි (දී)
කාට හරි මට ශිෂ්ඨ කියන එකට නිර්වචනයක් දෙන්න පුලුවන්ද?(නදී)
උසාවියේ පෙනී සිටින ආකාරය ගැන ඇය දැනුවත් වියයුතුයි. (නි)
අධිකරණ නීති වලට අනුකුලව වැඩ කරන්න (දී)
මොකක්ද හාන්දුරුවනේ කුර්තාවෙයි කලිසමෙයි තියන වැරැද්ද? (නි)
පින්තුරයක් අවශ්‍යයි (දී)
හිරුනිකා, ඊළඟ පාර ශිෂ්ට සම්පන්න විදියට එන්න. (නි)
එතකොට ආදි වාසී පොරමොලා වන්නියලැඇත්තෝ?? (නි)
කරුණා හරි, අපේ රටේ නීතිය සැමට සාදාරන නැහැ. හිරුනිකා ඇඳගෙන ඇවිත් තිබුන ඇඳුම මටනම් කිසිම අසංවර කමක් පෙන්න නැහැ. හැමෝම සාරී ඇඳගෙන එන්න ඕනේ කියලා නීතියක් නැහැනේ නේද? (නදී)
මේ සිදුවීම් ආදර්ශයට ගන්න (දී)
ඉතා දැඩි ඉල්ලීමක් (දී)
දුවේ මේ දවස් ටිකේ පරිස්සමෙන් වැඩ කරන්න ටිකක් හොද නැහැ වගේ (දී)
ඔච්චර එකේ තේරුනේ නැද්ද ඇඳුම ගැන (දී)
දේශපාලනයට ලාබාල චරිතයක් (දී)
මදැයි වෙච්ච දේ (දී)
හිරුණිකා නීති ශිෂ්‍යාවක්. උසාවියට ඇදගෙන එන ඇදුම ගැන ඇයට අවබෝධයක් නැද්ද?(නදී)
මේක එහෙම අසංවර ඇදුමක් නෙමෙයිනෙ..!(නු)
අයියෝ සල්ලි (දී)
උසාවියට එද්දි අදින්න ඕන ඇදුම් ගැන ජනතාව දැනුම්වත් කරන ලිපියක් පත්තරේ පලකරන්න. කොන්ඩය බදින්න ඕන විදිහත් ඒ ලිපියේ පලකරන්න.(නදී)
එහෙමනම් ඉතින් ඇදුමට ප්‍රමිතියක් නියම කරන්න ඕනෑ. (නි)
අත් දිග රෝස පාට හැටිටයක් ඇදලා කලිසමක් ඇදලා. අග විනිසුරුවරියත් පහුගිය දවසක මම දැක්කා ඒ වගේ ඇදලා ඉන්නවා.(නදී)
මොනවා වුණත් හිරුනිකා හරි ලස්සනයි. (නි)
ළමයිනේ, මෙතන ශිෂ්ට සමිපන්න නොවෙන්නේ රෙදි වර්ගය. (නි)
මෙතුමියට මේ දවස්වල ටිකක් අපලයි (දී)
අයියෝ හිරුනිකා
නීතියේ සාධාරණය අනුව හිරුනිකාගේ තාත්තා මරපු අයට ඉක්මණින් දඩුවම් ලැබිය යුතුයි. (නි)
ෆොටෝ එකක් බලන්නේ නැතුව නම් කියන්න බැහැ තමයි. ඒ වුණාට කාන්තාවක් කලිසමක් ඇඳගෙනනේ ඇවිත් තියෙන්නේ?? (නි)
මෙතන අදහස් දමන අයට අමතක උනාද අධිකරණයේ ගෞරවය තියෙන්නේ දෙන තීන්දු වල කියලා. මිනීමරුවන් මහජන මුදලින් බුදු සැප විදිනවා ඒවට මොනවද කියන්නේ.(නදී)
හිරුනිකා ගැන මේ දවස් ටිකේම කතා උනා නේද (දී)
හිරුණිකා තියන්නේ අවංකවම අරාබි ගැහැණියක් හා සමාන රූප සමිපත්තියක් තියෙන ලස්සන කෙල්ලෙක්.(නදී)
හිරුණිකාටත් මූලික ප්‍රජා අයිතිවාසිකම් කියලා දෙයක් තියෙනවනේ. (නි)
බලමුකෝ අධිකරණයේ ගෞරවය රැකෙන විදියට තීන්දු තීරණ දීලා නීතිය ක්‍රියාත්මක වේවිද කියලා.(නදී)
නොදන්නා කමටයි අහන්නේ, මේ අඩුම නරක අදුමක්ද (දී)
මොනවා වුණත් ලස්සන කෙල්ල... (නි)
මොනවා කරන්නද ඉතින් (දී)
මම නම් ඒ ඇදුමට ආසයි. මම දැක්ක විදියට එයා ඇවිත් හිටියේ ලස්සන ඇදුමක් දාලා.(නදී)
මෙයා පහුගිය කාලේ ඇදපු සුදු සාරියටයි අඩපු කදුලුවලටයි මොකද වුනේ.(නදී)
පියාගෙ නමටත් හොද මදි නේද ? (නි)
මගේ කමිසයේ උඩම බොත්තම දාල තිබුනේ නැහැ කියලා දවසක් මමත් බැණුම් ඇහුවා. (නි)
මොකාද්ද ඇත්තට ඒ ඇඳුම (දී)
අධිකරණයේ මතය අපිට පිලි ගන්න වෙනවා (දී)
රත්තරන් දුවේ,ඔයාගේ තාත්තාගේ මරණය සාදාරණය ඉෂ්ට කරන තුරු අපිත් බලන් ඉන්නවා.(නදී)
අයියෝ හොද ඇදුමක් ඇදන් එන්න එපායෑ (දී)
මමත් අනුමත කරනවා අධිකරණයේ මතය (දී)
ඇත්තනේ කතාව (දී)
කතාව ඇත්ත
මම හිරුණිකාගේ තාත්තගේ හොද යාළුවෙක්. මම හිරුණිකා ගැනත් දන්නවා. (නි)
උසාවියට ඇදගෙන ඉන්න සුදුසු සුදු වගේ චාම් පාට නේද? (නි)
ඒ අදුම උසාවියකට සුදුසු නැහැ (දී)
හැැබයි පාකිස්ථානු කාන්තාවන්ට නම් මේ නීතිය ගැළපෙන්නෙ නැහැ. (නි)
මොකද්ද ඒ ඇඳුම (දී)
හොද ඇඳුමක් ඇඳන් එනතුරු මොකද කරන්නේ (දී)
අපේ රටේ අධිකරණ සංග්‍රහයේ අධිකරණයට ඇදුම් ඇදිය යුතු පිළිවෙළ ගැනත් සදහන් වෙලා තිබෙනවා නේද? (නි)
අපිටත් හොද පාඩම් මේවා (දී)
විනීතා සේනාධිපති කියන අදහස අනුව මට හිතෙන්නේද සාරිය අධිකරණයට හැඳගෙන ගියා නම් වඩා උචිතයි කියලයි. (නි)
අධිකරණයට ගරු කිරීම අපේ පරම යුතුකමක් (දී)
කෙල්ල ලස්සන නිසා මට නම් මුකුත් කියන්න හිතෙන්නෙ නැහැ. (නි)
හිරුනිකා දුව ඔබ කලේ වරදක් (දී)
ඔය පරණ තරහා මරහා අයින් කරලා අරයා එක්ක එකට වැඩ කරන්න. සමාජයට ආදර්ශයක් වෙන්න. මගේ එකම පැතුම එයයි. (නි)
මොකද්ද ඇදන් ඉදලා තියෙන ඈදුම
හිරුනිකාට වෙන වැඩ (දී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. එතකොට එයා ඇඳගෙන ගියේ ශිෂ්ඨසම්පන්න නොවන ඇදුමක්ද? (නි)
නීතිය, කෙනෙකුගේ තත්වය , තරාතිරම, වත්කම දිහා බැලෙන්නේ නැත. නිතිය කාටත් පොදුයි (දී)
මම හිතන විදියට ලිනන් කියන වර්ගය විනිවිද පෙනෙනවා. (නි)
මෙතුමිය ඇඳලා තියෙන්නේ අශිෂ්ට ඇඳුමක්ද (දී)
උසාවියට ඔහොම අපහාසයැ වුනේ?
ඇඳුම මොකද්ද කියලා දන්නේ නැතුව කොහොමද අදහසක් දාන්නේ (දී)
එතකොට අර ඉරිච්ච බැනියමකුයි, කොට කලිසමකුයි ඇඳගෙන හොර පොල් කඩන අප්පුහාමියට දෙයියන්ගේම පිහිටයි නේද?(නදී)
හිරුණිකා ගැන මා තුල පැහැදීමක් නැත. නමුත්, මම දැනගන්න කැමතියි මොකක්ද ශිෂ්ට සම්පන්න නැත්තේ කියලා. කුර්තාවද, නැත්නම් කලිසමද? එහෙමත් නැත්නම් ලා රෝස පාටද? නැත්නම් සම්පූර්ණ ඇදුමද? (නි)
මිනිස්සු ප්‍රසිද්ධ වෙන්න කරන වැඩ නේ. (නි)
අධිකරණය උත්තරීතරයි (දී)
අධිකරණයෙන් කියනවා කියන්නේ ශිෂ්ට නැහැ කියන එක තමයි (දී)
අපේ සමහර දේශපාලඥයොත් අදින කුර්තා දැක්කහම ගැහැණු පරාදයි. (නි)
මේක මෙහෙම දුරදිග ගියේ හිරුණිකා ප්‍රසිද්ධ කෙනෙක් නිසා. නැත්නම් උසාවියේ මෙහෙම දේවල් අනන්තවත් වෙනවා. (නි)
තැනට සුදුසු ඇදුමක් ඇන්දා නම් මෙහෙම වෙන්නෙ නැහැනේ. (නි)
ලංකාවේ ප්‍රශ්න නැතුවට (දී)
තැනට ගැලපෙන පරිදි ඇදුම් අදිනවානම් කොහොමටත් හොද .කව්රුවත් වැරදි කියන්නේ නෑ .(නදී)
වදින්න ගිය දේවාලේ හිසේ කඩා වැටුනා කියන්නේ මේවාට.(නදී)
රත්තරන් දුවේ. ඔයාගේ තාත්තා වෙනුවෙන් ඕනැම කැපකිරීමක් කරන්න අපි සුදානම්. හැබැයි ඇදුම ගැනත් ටිකක් හිතන්න වෙනවා. අපි ඔයාට ආදරෙයි තාත්තගේ මරණයට සාදාරණයක් ඉටුවෙනකම් අපිත් බලාගෙන ඉන්නවා.(නදී)
ඇත්තෙන්ම අපි එම යුවතිය ඇදගෙන ගිය ඇදුම දැක්කේ නැහැ. ගැහැණියකගේ නොපෙනෙන දේ දකින්න පිරිමි කවුරුත් යටිසිතින් හරි ආසයි. ඒකයි නියම සත්‍යය. නමුත් උසාවියකදී අවයව නොපෙනෙන්න ඇදිය යුතුයි. මෙය ලංකාදීප පාඨක ඔබට බාරයි අදහස් දක්වන්න. රසවත් දෙයක් වේවි කාටත්. (නි)
අපි ඔයාගේ ලස්සනට ඊර්ෂ්‍යා නොකරන්නෙමු. ඔයා කොහොමත් ලස්සනයි. (නි)
මෙතුමිය ඇඳපු ඇඳුම මොකද්ද
ඉස්සරහට තව මොනවා වෙයිද? අපි බලාගෙන ඉදිමු. (නි)
ඊළග පාර උසාවි යනකොට දිග සායකුයි, හැට්ටයකුයි ඇදගෙන යන්න. (නි)
හොඳ වැඩේ. නීතිය කාටත් පොදුයි. (නි)
හිරුණිකා මෙනවිය ඉතා යහපත් ගුණවත් යුවතියක් ලෙස මා හැඳිනගෙන සිටිමි. (නි)
මේ කියන්නේ එයාට පමණක් නොවේ. සියල්ලන්ටමයි. (නි)
අයියෝ හිරුනිකා (දී)
ඇදුම දකින්නෙ නැතුව මුකුත් කියන්න අමාරුයි. (නි)
ඇයි සාරියක් ඇඳගෙන නොගියේ? (නි)
විනිසුරු තුමීගෙ අවවාදේ විරෝදෙට.. තුනී ඇඳුම් ගැලපෙන්නේ ගත සිතට.. ඔය ටයි කෝට් ගිණි අව්වේ දවාලට.. ලක් දිව පහත රට සුදුසුද අඳින්නට... (නි)
මට නම් තේරෙන්නෙ නැහැ. ෆොටෝ එකක්වත් දාලා තිබුනා නම් බලන්නවත් තිබුණා. (නි)
ඔන්න පොටෝ එකක් https://www.facebook.com/photo.php?fbid=10151495820107086 (නි)
දුහුල් උඩ ඇඳුම නිසා උඩුකය පැහැදිලිව ප්‍රදර්ශණය වීම උසාවියක් වැනි ස්ථානයකට විශේෂයෙන් නුසුදුසුයි. (නි)
මින්පසු උසාවියට යද්දී දෙවරක් සිතන්න වෙනවා. (නි)
මොකද්ද ඇදපු අඩුම (දී)
අධිකරණයට ගරු කරන්න (දී)
හිරුණිකා කියන්නේ හොද දේශපාලන අනාගතයක් කියෙන කෙනෙක්. ඒත් මේ වගේ දේවල් වලින් ඇය අනාගන්නයි හදන්නේ. මට නම් ඒ ගැන හුගක් දුකයි.(නදී)
නීතියට ගරු කරන්න ඕනේ අපි (දී)
එයාගේ ඇදුමේ වැරැද්ද මට කියලා දෙන්න. (නි)
එහෙම නැති උනොත් උසාවියට කරන අවනම්බුවක් (දී)
උසව්වියට ගරු කරන්න (දී)
හිරැණිකා මෝස්තර නිරූපිකාවක් කියලා තමයි අපිනම් අහලා තියෙන්නේ.(නදී)
මේ ඇදුමේ මට නම් කිසිම වරදක් පේන්න නැහැ. ලස්සන කෙල්ලෙක් ලස්සනට අදින්න ඕනේ. කමක් නැහැ හිරුණිකා, ඔයා ඊලග නඩු වාරයට සාරියක් ඇදගෙන යන්න. ඔයා ඕන ඇදුමකට ලස්සනයි.(නදී)
තරහා වෙන්න නම් එපා, අධිකරණයට යනකොට පිළිවෙලට යන්න ඕනේ (දී)
මොනවා වුණත් එයා පබා නංගිටත් වඩා උඩින් දිනයි ඡන්දෙ ඉල්ලුව දවසට. (නි)
දාමුකෝ බලන්න පින්තූරයක් අපේ අදහසුත් දෙන්න. (නි)
මට දුකයි ඔබ ගැන (දී)
කුර්තා එකේ ඇති අසංවර බව මොකද්ද ?(නදී)
මෙයා ලස්සන කෙල්ලක්.(නදී)
මට නම් ඒ ඇදුමේ වරදක් පෙනෙන්නෙ නැහැ. (නි)
සමහර නීතිඥවරියෝ යටි බඩත් පේන්න සාරි ඇදලා උසාවි එනවා උසාවි ලග ඉන්න අපි ඕනා තරම් දැකලා තියෙනවා.(නදී)
ඇයි මාව දැකලා නැත්ද...............? නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න (දී)
නියමයි. ශිෂ්ඨසම්පන්න සමාජයකට ගැලපෙන අවවාදයක් ! (නි)
සාධාරණයි. නීතිය කාටත් සමාන විය යුතුයි. (නි)
හොද අවවාදයක්.අනිත් අයටත් වැදගත්වෙයි. මෙයා නිති වෙදිනියක්නේ ? ඔයටික දන්නේ නැහැ කියන්නේ වැඩක්ම නැහැ.(නදී)
මෙතන අදහස් දමන අයට අමතක උනාද අධිකරණයේ ගෞරවය තියෙන්නේ දෙන තීන්දු වල කියලා.(නදී)
මම නම් හිතෙන්නේ ප්‍රභර්ෂාට අර කෙල්ල ගැන ඊරිසිය හිතිලද කොහෙද මොකද ඇය ගොඩක් ලස්සනයිනේ.. (ස)