ශෂිකා නිසංසලා යනු වර්තමානයේ ප්‍රසංග වේදිකාවේ දිදුලන තාරකාවකි. ඇයගේ ගීත ශෛල්‍ය සඳහා ප්‍රසංග වේදිකාවට ආදරය කරන රසිකයන් පිරිසක් මේ වනවිට එක්ව සිටිති. ඇයගේ "අමතක කරන්න" ගීතය මෙවර "තරුණයා" New Release on Youtube ඔස්සේ ගෙන ඒමට අපි තීරණය කළෙමු. වෙනස්ම රූප රාමු පසුබිමක් ඔස්සේ නිර්මාණය වූ මෙම ගීතය ශෂිකා විසින් නිර්මාණය කර ඇති ගීතවලින් වෙනස්ම සංකල්පයක් ගන්නා ගීතයක් ලෙස හැඳින්විය හැක. මෙහි පදරචනාව මෙන්ම රූපරචනාවද වෙනස් මුහුණුවරක් ගනියි. විදෙස් රටක මෙහි රූගත කිරීම් කර ඇති අතර, මෙහි නිරූපණයෙන් දායක වන්නේද විදෙස් යුවළකි. එහෙයින් මෙම ගීතය ඉන්දියානු රූපමය ස්වභාවයක් ගැනීමද විශේෂත්වයකි. එදා මෙන්ම අදත් ශෂිකාගේ ගීතය සඳහ පවතින ඉල්ලුම පිළිබඳව කතා කිරීමට අවශ්‍ය නැත. එමෙන්ම ඇය විසින් එළිදැක්වූ සෑම ගීතයක්ම එදා මෙන්ම අද වනවිටත් රසික ප්‍රතිචාර ලැබෙමින් පවතී. එම නිසා ඇය විසින් එළිදක්වන සෑම ගීතයක්ම රසිකයින් අතර සදා මතකය රැඳෙන ගීතයක් බවට පත්වී ඇත.
එළිදැක්වූ දිනය - 2016 දෙසැම්බර් 15
ගායනය - ශෂිකා නිසංසලා
පදරචනය - සජිත් වී චතුරංග
සංගීතය - රාජ්



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd