ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් මිලියන 125ක පාඩුවක් කළැයි සැකපිට හිටපු ලංගම සභාපති හා ගමනාගමන මණ්ඩලයට දුනු සැපයුම්කරු ලෙස කටයුතු කළ නන්දන ප්‍රියන්ත දෙසැම්බර් 26 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (22) නියෝග කළේය.
දෙවැනි සැකකරු වන නන්දන මෝටර්ස් අධිපති නන්දන ප්‍රියන්ත සම්බන්ධයෙන් අධිකරණයට දීර්ඝ කරුණු දැක්වීමක් කළ ඔහුගේ නිතිඥවරයා සුවිශේෂී කරුණු ඉදිරිපත් කරමින් ඇප ඉල්ලූ අතර ඇප සලකා බැලීම දෙසැම්බර් 26 වැනිදාට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මෙවැනි තනතුරකට අවශ්‍ය එකම සුදුසුකම ඇමතිගෙ පවුලේ කෙනෙක් වීම හෝ හිතවතෙකු වීම පමණි. (නි)
ලොකු ශුද්ධවන්තයෝ වගේ කතාකළාට ඔය එළිවෙන්නේ කරපුවා. කරුමෙකට තිබෙන්නේ තවමත් මෙවැනි දේශපාලකයෝ පසුපස යන අය ලංකාවේ ඉන්නවනේ. දැන් කියාවි මේවා දේශපාලන පළිගැනීම් කියලා (නි)
මම මේ ඉල්ලීම යොමුකරන්නේ රන්ජන් රාමනායක මහත්මයාට. රට දියුණු කරන්න ඕනෑ නම් මෙවැනි සභාපති පත්වීම් වලට අවම වශයෙන් පිළිගත් විශ්ව විද්‍යාලයක් උපාධියක් හෝ අදාළ ආයතනයේ සේවකයන්ගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව තනතුර ලබාදිය යුතු බවට පාර්ලිමේන්තුවට පනතක් ගෙන එන්න. බොහෝවිට මෙය සම්මත නොවෙන්න පුළුවන්. නමුත් අපට බලාගන්න පුළුවන් දේශද්‍රෝහියෝ කවුද කියලා (නි)
සමහර ඇමතියන්ට මණ්ඩලයක් බාර දුන්නම එයාලා එ්ක පව්ලේ ධන උල්පොතක් කර ගන්නවා. (නි)
අපරාදේ! අඩුවකට තිබෙන්නේ මාංචු පෙන්වමින් සතුටු සිතින් "වැලිකඩ බන්ධනගාර නිවාඩු නිකේතනයට" යන්න බසයට නඟින ඡායාරූපය පමණි. (නි)
හරි නම් ලංගමයේ අවුරුදු 20-30 සේවයේ යෙදී සිටින තරඟ විභාග වලින් පවා සමත්වෙලා ඉන්න නිලධාරීන්ව පැත්තකට දමා මෙයාට මේ තනතුර දුන්නේ කොහොමද කියා එවකට සිටපු ප්‍රවාහන අැමතිතුමාගෙන් උසාවියට ගෙන්වා ප්‍රශ්න කළයුතුය. උත්තරයෙන් අධිකරණයට සෑහීමකට පත්විය නොහැකි නම් නීතිමය වශයෙන් ඊළඟ පියවරට යායුතුය (නි)
මේ අත්අඩංගුවට ගැනීම් ඔක්කොම කරන්නේ ජනතාව රවටන්න විතරයි. මෙයාලා ටික දවසක් වැලිකඩ බන්ධනාගාර රෝහලේ හරි මහ රෝහලේ ගෙවන වාට්ටුවල හරි කෙටි නිවාඩුවක් ගතකරලා ගෙදර යනවා. ඊට එහා මොකුත් වෙන්නේ නැහැ. දැන් රටේ ජනතාව මේවා ගැන පොඩ්ඩක්වත් තකන්නේ නැහැ. (නි)
ජනතා මුදල් විනාශ කරා නම් දඩුවම් ලැබෙයි.(හේ)
කුමක් සිදු වේද?(හේ)
මේ ඔක්කොම පැත්තකට දමල ලංගම සභාපති පදවියට පත්වීමට මෙයාට තිබුන සුදුසුකම මොකක්ද ? මෙයාට වඩා වෙන සුදුසුකම් තිබෙන කෙනෙක් ලංගමේ හෝ ලංකාවේ සිටියේ නැද්ද කියලා හොයල බැලුවේ නැද්ද ? (බ)
බලනකොට හැමෝම එකතුවෙලා හොරාකාලනේ! (නි)