IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ශෂී වීරවංශගේ නඩුවට නීතිපති උපදෙස් පතයි

හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ ව්‍යාජ ජාතික හැඳුනුම්පතකින් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇතැයි රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ අද (15) කියා සිටියේය.

හෝකන්දර මංගල මාවතේ අංක 74ජේ නිවසේ පදිංචි ශෂී වීරවංශ නොහොත් රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ සෙහාෂා උදයකාන්ති නොහොත් රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ ශීර්ෂා උදයකාන්ති ව්‍යාජ හැඳුනුම්පතක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇතැයිද රහස් පොලිසිය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට පෙර නීතිපති උපදෙස් පතා ඇතැයිද එහෙයින් පැමිණිල්ල වෙනත් දිනයක් දෙන්නැයි ඉල්ලා සිටියේය. නඩුව සැප්තැම්බර් 11 වැනිදාට කල් තැබිණි.

ශෂී වීරවංශ මේ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇපමත මුදා හැරිණි. වීරවංශට ජාතික හැඳුනුම්පත් දෙකක් (675320233වී) , ( 715346469වී) හා ගමන් බලපත්‍රද දෙකක් (එන් 1284124), (ඩී3642817) ඇතැයි රහස් පොලිසිය දැන්වීය.

 



අදහස් (0)

ශෂී වීරවංශගේ නඩුවට නීතිපති උපදෙස් පතයි

ආනන්ද දොඩන්ගොඩ Saturday, 16 May 2015 07:04 AM

ඔය කවුරු කිවත් රටේ යහපාලනය කියා , මා විස්වාස කරන්නේ නෑ , උසාවියත් නීතියත් දෙකම කටයුතු කරන්නේ , සල්ලි තියෙන ප්‍රභූවරුන්ට එක විදියක් , දුප්පත් සාමාන්‍ය ජනවතට එක විදියක් , තවමත් (කේ)

:       0       0

සහන් Friday, 15 May 2015 01:42 PM

කලින් ආණ්ඩුව කවදාවත් පෙරලෙන්නේ නැහැ කියල කරපු වැඩ තමා.තමාගේ වයස හංගන කට්ටිය රටට මොනවා හංගනවා ඇතිද (අ)

:       0       0

ජෙහාන් Friday, 15 May 2015 02:01 PM

ඉකි ගසා හඬන බලය තිබු අතීතයක .....මට මගේ නොවන මගේම හැඳුනුම්පත් තිබුනා. ......ලා ලා ලා !!!(කේ)

:       0       0

ජෙනි Friday, 15 May 2015 02:25 PM

අපි මේ වගේ වැඩක් කළා නම් මෙලහකට කුදලාගෙන ගිහින් නඩු නැතිව හිරේ දමලා. (කේ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Friday, 15 May 2015 03:35 PM

රටේ ජනතාව මොවුන්ව පරාජය නොකළා නම් මේ වංචාවන් හෙළිවෙනවාද? යහපාලට පැහැදිලිද මොවුන් ඒකාධිපති දුෂිත පාලනය රටේ තියාගන්න දන්නා තුරුම්පු ඔක්කොම ගැහුවේ මෙන්න මේ දුෂණයන් හෙළිදරව් වේය කියන බියට කියා? (නි)

:       0       0

මාපලගම පත්මා Friday, 15 May 2015 03:50 PM

දුප්පත්කම නිසා හොරෙන් රටින් පිටවන කෙනෙක් අසුවුණාම කෙරෙන නීතියයි , මෙම අයට බලපාන නීතියයි අතරේ ලොකු වෙනසක් (දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි ) (නි)

:       0       0

පද්මිණී Friday, 15 May 2015 05:39 PM

දරුවන්ට දෙන ආදර්ශය අපුරුයි අම්මායි, තාත්තායි. තමන්ටවත් අවංක වෙන්න බැරි බව ඔප්පු කරලා තිබෙනවා. (නි)

:       0       0

සුනිල් Saturday, 16 May 2015 12:20 AM

පැසලක දරුවෙක් මැච් එකකදී හොර උප්පැන්නක් සහිතව අහුවුණොත් පුංචි විභාගයකින් පාසලේ අදාළ ක්‍රීඩාව වසර කීපයකට තහනම්. ගුරුවරයාට දඬුවම්. විදුහල්පතිටත් එහෙමයි. ඒත් දේශපාලුවන්ට වෙනම නීති (නි)

:       0       0

මේනක Saturday, 16 May 2015 12:57 AM

අපි දැනගන්න කැමතියි සාමාන්‍ය කෙනෙකු තමන්ගේ විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් මෙහෙම වැරද්දක් කළා නම් නීතිපති උපදෙස් පතනවාද කියලා. (නි)

:       0       0

ජෙහාන් Saturday, 16 May 2015 01:00 AM

මේ අංක ටික දැක්කම මම ඉක්මනට බැලුවේ, අපොයි දෙයියනේ අපේ හැඳුනුම්පත් අංක පාස් පොත නොම්මර මෙතන තියනවද කියලා. එච්චරටවත් විශ්වාස කරන්න බැරි දේශපාලුවෝ පිරුන යුගයක් පහුකළේ. (නි)

:       0       0

සරසි Saturday, 16 May 2015 01:04 AM

දැන් මොකද්ද මෙතන කාගෙන්වත් උපදෙස් පතන්න තරම් තිබෙන ප්‍රශ්නය? සාමාන්‍ය පුරවැසියෙක් විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් කළ වැරැද්දකට අදාළ නීතිය නෙමෙයිද මේ මැඩම්ට වලංගු වෙන්නේ? දේශපාලකයන්ගේ නෝනලාට එක විදියකුයි රටේ සාමාන්‍ය මිනිසුන්ගේ නෝනලාට තව විදියකටයිද මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 792 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site