හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ ව්‍යාජ ජාතික හැඳුනුම්පතකින් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇතැයි රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ අද (15) කියා සිටියේය.
හෝකන්දර මංගල මාවතේ අංක 74ජේ නිවසේ පදිංචි ශෂී වීරවංශ නොහොත් රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ සෙහාෂා උදයකාන්ති නොහොත් රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ ශීර්ෂා උදයකාන්ති ව්‍යාජ හැඳුනුම්පතක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇතැයිද රහස් පොලිසිය සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට පෙර නීතිපති උපදෙස් පතා ඇතැයිද එහෙයින් පැමිණිල්ල වෙනත් දිනයක් දෙන්නැයි ඉල්ලා සිටියේය. නඩුව සැප්තැම්බර් 11 වැනිදාට කල් තැබිණි.
ශෂී වීරවංශ මේ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇපමත මුදා හැරිණි. වීරවංශට ජාතික හැඳුනුම්පත් දෙකක් (675320233වී) , ( 715346469වී) හා ගමන් බලපත්‍රද දෙකක් (එන් 1284124), (ඩී3642817) ඇතැයි රහස් පොලිසිය දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කවුරු කිවත් රටේ යහපාලනය කියා , මා විස්වාස කරන්නේ නෑ , උසාවියත් නීතියත් දෙකම කටයුතු කරන්නේ , සල්ලි තියෙන ප්‍රභූවරුන්ට එක විදියක් , දුප්පත් සාමාන්‍ය ජනවතට එක විදියක් , තවමත් (කේ)
කලින් ආණ්ඩුව කවදාවත් පෙරලෙන්නේ නැහැ කියල කරපු වැඩ තමා.තමාගේ වයස හංගන කට්ටිය රටට මොනවා හංගනවා ඇතිද (අ)
ඉකි ගසා හඬන බලය තිබු අතීතයක .....මට මගේ නොවන මගේම හැඳුනුම්පත් තිබුනා. ......ලා ලා ලා !!!(කේ)
අපි මේ වගේ වැඩක් කළා නම් මෙලහකට කුදලාගෙන ගිහින් නඩු නැතිව හිරේ දමලා. (කේ)
රටේ ජනතාව මොවුන්ව පරාජය නොකළා නම් මේ වංචාවන් හෙළිවෙනවාද? යහපාලට පැහැදිලිද මොවුන් ඒකාධිපති දුෂිත පාලනය රටේ තියාගන්න දන්නා තුරුම්පු ඔක්කොම ගැහුවේ මෙන්න මේ දුෂණයන් හෙළිදරව් වේය කියන බියට කියා? (නි)
දුප්පත්කම නිසා හොරෙන් රටින් පිටවන කෙනෙක් අසුවුණාම කෙරෙන නීතියයි , මෙම අයට බලපාන නීතියයි අතරේ ලොකු වෙනසක් (දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි ) (නි)
දරුවන්ට දෙන ආදර්ශය අපුරුයි අම්මායි, තාත්තායි. තමන්ටවත් අවංක වෙන්න බැරි බව ඔප්පු කරලා තිබෙනවා. (නි)
පැසලක දරුවෙක් මැච් එකකදී හොර උප්පැන්නක් සහිතව අහුවුණොත් පුංචි විභාගයකින් පාසලේ අදාළ ක්‍රීඩාව වසර කීපයකට තහනම්. ගුරුවරයාට දඬුවම්. විදුහල්පතිටත් එහෙමයි. ඒත් දේශපාලුවන්ට වෙනම නීති (නි)
අපි දැනගන්න කැමතියි සාමාන්‍ය කෙනෙකු තමන්ගේ විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් මෙහෙම වැරද්දක් කළා නම් නීතිපති උපදෙස් පතනවාද කියලා. (නි)
මේ අංක ටික දැක්කම මම ඉක්මනට බැලුවේ, අපොයි දෙයියනේ අපේ හැඳුනුම්පත් අංක පාස් පොත නොම්මර මෙතන තියනවද කියලා. එච්චරටවත් විශ්වාස කරන්න බැරි දේශපාලුවෝ පිරුන යුගයක් පහුකළේ. (නි)
දැන් මොකද්ද මෙතන කාගෙන්වත් උපදෙස් පතන්න තරම් තිබෙන ප්‍රශ්නය? සාමාන්‍ය පුරවැසියෙක් විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් කළ වැරැද්දකට අදාළ නීතිය නෙමෙයිද මේ මැඩම්ට වලංගු වෙන්නේ? දේශපාලකයන්ගේ නෝනලාට එක විදියකුයි රටේ සාමාන්‍ය මිනිසුන්ගේ නෝනලාට තව විදියකටයිද මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ? (නි)