IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ශවේන්ද්‍ර සිල්වා මහින්දගේ පාටියෙන්

ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු වෙළෙඳ ඇමැති, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනටම මහ මැතිවරණ ඡන්ද සටන අරඹා ඇත.

ඇතුගල තැන තැන දෙදෙනාගේ ඡන්ද ප්‍රචාරක පෝෂ්ටර අලවා තිබේ.

ගම්පහ ද අජිත් මාන්නප්පෙරුම, රුවන් විජයවර්ධන, හර්ෂණ රාජකරුණා, පණ්ඩු බණ්ඩාරනායක යන හිටපු මන්ත්‍රීවරුන්ගේ පෝස්ටර් අලවා ඇත.

‘මම සූදානම්‘ යැයි සඳහන් හිටපු ජනපතිගේ රුව සහිත පෝස්ටරයක් රට වටා සෑම තැනම අලවා තිබේ.

නාමයෝජනා දෙන තෙක් පෝස්ටර ඇලවිය හැකි වුවත් නාමයෝජනාවලින් පසු පෝස්ටර ඇලවීම මැතිවරණ නීතිය අනුව තහනම් ය.

රොෂාන් රණසිංහ පොළොන්නරුවට ද, යුද විරුවකු වන ශවේන්ද්‍ර සිල්වා මාතලේට ද තරඟ කරන්නට යන බව වාර්තා වේ.

රොෂාන් සන්ධානයේ හිටපු මන්ත්‍රීවරයෙකි. හොඳ සල්ලිකාරයෙකි. ඔහුට නාමයෝජනා නොදෙන බව නව රජයේ ප්‍රභලයකු කළින් කියා තිබිණි.

ශවේන්ද්‍ර සිල්වා මහින්දගේ පාටියෙන් එනු ඇතැයි දේශපාලන ආරංචි කියයි.



අදහස් (0)

ශවේන්ද්‍ර සිල්වා මහින්දගේ පාටියෙන්

දර්ශන Tuesday, 07 July 2015 10:48 AM

සත්‍යපාල, ශවේන්ද්‍ර ගැන ඔබ දන්නදේට වඩා නොදන්නා දේ ඇත. (ර)

:       0       0

ප්‍රසන්න Tuesday, 07 July 2015 03:21 AM

ශවේන්ද්‍රට සුබ පැතුම්! (නි)

:       0       0

දිසානායක Tuesday, 07 July 2015 03:27 AM

එන්න ,ආදරයෙන් පිළිගන්නවා. පිළිගන්න සුදුසු විදියට අපි බලාගෙන ඉන්නවා, එන්න (නි)

:       0       0

ජනක Tuesday, 07 July 2015 03:50 AM

මැතිඳුනි,ඔබට දේශපාලනය නොගැළපෙන බව මගේ අදහසයි. ඔබ සිටිනා තැනම සිට රටට සේවයක් කරන්න (නි)

:       0       0

දුමින්ද Tuesday, 07 July 2015 04:06 AM

හැංගිලා බැන්දත් නටන්නේ එළියේ (ම)

:       0       0

රේණු Tuesday, 07 July 2015 04:15 AM

ශවේන්ද්‍ර සිල්වා යනු යුද ජයගහ්‍රණය සදහා සැබවින්ම යුද පිටියේ සිට මෙහෙයවපු නිලධාරියෙක් සමහරු සීත කාමරවල සිට යුදය කරන විට මෙතුමා යුද සෙබල සමඟ එකට සිට යුදය මෙහෙයවපු වීරෝධාර සෙනවියෙක් (ම)

:       0       0

ශ්‍රීලාල් Tuesday, 07 July 2015 04:45 AM

ලලිත්, ඔබ කියන්නේ එහෙම නැතුව එදා පාමංකඩ ගිහින් දැන් වීරයෝ කියලා හිතාගෙන ඉන්න අයට එකතු වෙන්න කියලද? ඕක තමයි කියන්නේ සිංහලයට මතක තියෙන්නේ සති දෙකක් පමණි කියලා. (නි)

:       0       0

සත්‍යපාල Monday, 06 July 2015 08:32 AM

ශවේන්ද්‍ර සිල්වා චරිතය දන්නා මම ඔහු මැතිවරණයකට තරගකරන්නට නොඑන බව 99.99% විශ්වාස කරමි. ඔහු මනා ඉවසීමකින් කල්පනාකාරීව හැබෑ හමුදා නිලධාරියකු ලෙස ලෝක යුධ ඉතිහාසයේ තම නම තබා ඇත. ඔහු ශ්‍රී ලංකා යුධ හමුදාව තම මව පියා සේ සලකයි. ශ්‍රී ලංකා යුධ හමුදාව තවත් ඉහල තලයකට ගෙන එන්නට අවැසි නිසා යුධ හමුදාවේ තව කලක් සිටින බව නොඅනුමානය. එහෙත් යම් ලෙසකින් ඔහු මාතලෙන් තරග කලොත් නොව රටේ කොහෙන් ඉදිරිපත්වුවද කිසිවකුට ඔහුට තරගයක් දිය හැකි කිසිවෙකු නැත. ඔහුට අභියෝග කල නොහැක. ඔබට ජය ! (ර)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 07 July 2015 05:16 AM

ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා දේශපාලනයට ආ යුතුය.එල්ටීටීඊ ය ශුද්ධ කළා සේ එතුමා ශ්‍රී ලංකා දේශපාලන භූමියද එතුමාගේ ක්‍රමෝපායන් භාවිතයෙන් පවිත්‍ර කරනු ඇත. (නි)

:       0       0

චින්තක දේවප්‍රිය Tuesday, 07 July 2015 04:32 PM

සත්‍යපාලත් ගොට්ටක් ඇල්ලුව එහෙනම් ආ...(ස)

:       0       0

සහන් Tuesday, 07 July 2015 05:10 PM

ඔබ සුදානම්ද ,අපි සුදානම් ඔබව ගෙදරටම යවන්න ,සමාවෙන්න වීරකැටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීකමට (ස)

:       0       0

තුසිත Monday, 06 July 2015 10:33 AM

මගේ අදහස සහ ප්‍රාර්ථනාව මෙතුමා මේ මඩ ගොහොරුවට නොයා යුතුයි යන්නයි (නදී)

:       0       0

පුලාරා Tuesday, 07 July 2015 08:55 AM

සැබෑ නායකයින් කියන්නේ කවුද කියලා දරුවන්ට දකින්නට ඔබ වැනි අය ඉදිරියට පැමිණිය යුතුම කාලයක් උදාවී ඇත. (ර)

:       0       0

කල්පනා Tuesday, 07 July 2015 12:39 AM

අපි කවදත් මහින්දට! (නි)

:       0       0

කිත්සිරි Tuesday, 07 July 2015 12:39 AM

මහින්ද මහත්තයට ජයෙන් ජයම වේවා! (නි)

:       0       0

ලලිත් Monday, 06 July 2015 12:04 PM

මගේ අදහසත් මෙතුමා මේ අයට එකතු නොවිය යුතුය යන්නයි. (නි)

:       0       0

තමාරා Tuesday, 07 July 2015 12:47 AM

මගෙන් උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

අනුරාධ Tuesday, 07 July 2015 01:07 AM

ශවේන්ද්‍ර මහතාට ජයවේවා! (නි)

:       0       0

හේමන්ත Tuesday, 07 July 2015 01:15 AM

ඇයි ගිය පාර විද්‍යුත් මාධ්‍ය වලින් සමහරු කිවුවේ සජිතුත් එනවා කියලා ඒ පැත්තට.. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 115 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site