ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු වෙළෙඳ ඇමැති, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනටම මහ මැතිවරණ ඡන්ද සටන අරඹා ඇත.
ඇතුගල තැන තැන දෙදෙනාගේ ඡන්ද ප්‍රචාරක පෝෂ්ටර අලවා තිබේ.
ගම්පහ ද අජිත් මාන්නප්පෙරුම, රුවන් විජයවර්ධන, හර්ෂණ රාජකරුණා, පණ්ඩු බණ්ඩාරනායක යන හිටපු මන්ත්‍රීවරුන්ගේ පෝස්ටර් අලවා ඇත.
‘මම සූදානම්‘ යැයි සඳහන් හිටපු ජනපතිගේ රුව සහිත පෝස්ටරයක් රට වටා සෑම තැනම අලවා තිබේ.
නාමයෝජනා දෙන තෙක් පෝස්ටර ඇලවිය හැකි වුවත් නාමයෝජනාවලින් පසු පෝස්ටර ඇලවීම මැතිවරණ නීතිය අනුව තහනම් ය.
රොෂාන් රණසිංහ පොළොන්නරුවට ද, යුද විරුවකු වන ශවේන්ද්‍ර සිල්වා මාතලේට ද තරඟ කරන්නට යන බව වාර්තා වේ.
රොෂාන් සන්ධානයේ හිටපු මන්ත්‍රීවරයෙකි. හොඳ සල්ලිකාරයෙකි. ඔහුට නාමයෝජනා නොදෙන බව නව රජයේ ප්‍රභලයකු කළින් කියා තිබිණි.
ශවේන්ද්‍ර සිල්වා මහින්දගේ පාටියෙන් එනු ඇතැයි දේශපාලන ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍යපාල, ශවේන්ද්‍ර ගැන ඔබ දන්නදේට වඩා නොදන්නා දේ ඇත. (ර)
ශවේන්ද්‍රට සුබ පැතුම්! (නි)
එන්න ,ආදරයෙන් පිළිගන්නවා. පිළිගන්න සුදුසු විදියට අපි බලාගෙන ඉන්නවා, එන්න (නි)
මැතිඳුනි,ඔබට දේශපාලනය නොගැළපෙන බව මගේ අදහසයි. ඔබ සිටිනා තැනම සිට රටට සේවයක් කරන්න (නි)
හැංගිලා බැන්දත් නටන්නේ එළියේ (ම)
ශවේන්ද්‍ර සිල්වා යනු යුද ජයගහ්‍රණය සදහා සැබවින්ම යුද පිටියේ සිට මෙහෙයවපු නිලධාරියෙක් සමහරු සීත කාමරවල සිට යුදය කරන විට මෙතුමා යුද සෙබල සමඟ එකට සිට යුදය මෙහෙයවපු වීරෝධාර සෙනවියෙක් (ම)
ලලිත්, ඔබ කියන්නේ එහෙම නැතුව එදා පාමංකඩ ගිහින් දැන් වීරයෝ කියලා හිතාගෙන ඉන්න අයට එකතු වෙන්න කියලද? ඕක තමයි කියන්නේ සිංහලයට මතක තියෙන්නේ සති දෙකක් පමණි කියලා. (නි)
ශවේන්ද්‍ර සිල්වා චරිතය දන්නා මම ඔහු මැතිවරණයකට තරගකරන්නට නොඑන බව 99.99% විශ්වාස කරමි. ඔහු මනා ඉවසීමකින් කල්පනාකාරීව හැබෑ හමුදා නිලධාරියකු ලෙස ලෝක යුධ ඉතිහාසයේ තම නම තබා ඇත. ඔහු ශ්‍රී ලංකා යුධ හමුදාව තම මව පියා සේ සලකයි. ශ්‍රී ලංකා යුධ හමුදාව තවත් ඉහල තලයකට ගෙන එන්නට අවැසි නිසා යුධ හමුදාවේ තව කලක් සිටින බව නොඅනුමානය. එහෙත් යම් ලෙසකින් ඔහු මාතලෙන් තරග කලොත් නොව රටේ කොහෙන් ඉදිරිපත්වුවද කිසිවකුට ඔහුට තරගයක් දිය හැකි කිසිවෙකු නැත. ඔහුට අභියෝග කල නොහැක. ඔබට ජය ! (ර)
ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා දේශපාලනයට ආ යුතුය.එල්ටීටීඊ ය ශුද්ධ කළා සේ එතුමා ශ්‍රී ලංකා දේශපාලන භූමියද එතුමාගේ ක්‍රමෝපායන් භාවිතයෙන් පවිත්‍ර කරනු ඇත. (නි)
සත්‍යපාලත් ගොට්ටක් ඇල්ලුව එහෙනම් ආ...(ස)
ඔබ සුදානම්ද ,අපි සුදානම් ඔබව ගෙදරටම යවන්න ,සමාවෙන්න වීරකැටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීකමට (ස)
මගේ අදහස සහ ප්‍රාර්ථනාව මෙතුමා මේ මඩ ගොහොරුවට නොයා යුතුයි යන්නයි (නදී)
සැබෑ නායකයින් කියන්නේ කවුද කියලා දරුවන්ට දකින්නට ඔබ වැනි අය ඉදිරියට පැමිණිය යුතුම කාලයක් උදාවී ඇත. (ර)
අපි කවදත් මහින්දට! (නි)
මහින්ද මහත්තයට ජයෙන් ජයම වේවා! (නි)
මගේ අදහසත් මෙතුමා මේ අයට එකතු නොවිය යුතුය යන්නයි. (නි)
මගෙන් උණුසුම් සුබ පැතුම්! (නි)
ශවේන්ද්‍ර මහතාට ජයවේවා! (නි)
ඇයි ගිය පාර විද්‍යුත් මාධ්‍ය වලින් සමහරු කිවුවේ සජිතුත් එනවා කියලා ඒ පැත්තට.. (නි)