(ඩයනා උදයංගනී)
සහජීවනය සමාජ සාධාරණත්වය ඇති සැමට නීතිය ක්‍රියාත්මක වන රටක් නිර්මාණය කිරීම කාගේත් බලාපොරොත්තුව වුවත් උතුරු පළාත් සභා මන්ත්‍රී ශිවාජිලිංගම් මහතා මෙන්ම උතුරු පළාත් මහ ඇමතිවරයා ද තමන්ගේ ඡන්ද වැඩිකරගැනීමේ අරමුණෙන් ජාතිවාදය අවුස්සමින් සිටින බව ශාන්ත බණ්ඩාර මහතා පවසයි. බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
රටේ තවත් ප්‍රශ්න ඇති නොකර රටේ සාමය ආරක්ෂා කරගැනීම සඳහා දකුණේ නායකයින්ට ඇති වගකීම උතුරේ නායකයින්ටත් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
උතුරු පළාතේ ජනතාවගේ ප්‍රශ්න විසඳමින් එම ජනතාවට සංවර්ධනය ලබාදීමට කටයුතු නොකර අලූ යට ඇති ගිනි පුපුරු පිටතට ගැනීමට ඔවුන් දරණ උත්සාහය හෙළා දකින බව ද ශාන්ත බණ්ඩාර මහතා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කවුරුත් තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගැනීමට විවිධ අදහස් පලකරනවා. මට පෙනෙන විදියට ඔබත් එහෙමමයි.
අවස්ථා වාදීන් හැමතැනම ඉන්නවා. ඔවුන්ට ඕනේ මිනිසුන් රවටා නායකයින් වෙන්ටයි....
ඕවා ඉතින් අපිට කියල වැඩක් නෑ. තමන්ගේ පක්ෂේ නායකයා නේද සේනාධිනායක? එතුමාට කියල සිවාජිලිංගම් මහත්තයලා වගේ අයව පාලනය කරන්න කෙළින් කොන්දක් තියාගෙන කටයුතු කරන එක තමා දේශපාලකයෙක් හැටියට ඔබ ගෙන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ...
චම්පික රණවක මැතිතුමාලා, රතන හාමුදුරුවො එහෙම කිව්වේ ආයේ යුද්ධ එන්නෙත් නැහැ... රට බෙදෙන්නෙත් නැහැ කියලා... අද මොනවද අපිට කියන්නේ?
ඔන්න ඔන්න මෙයත් කතා මාරු කරනවා. අනේ අපිට ඕවා නොකියා ඔයාලගේ බොස්ට කියන්නකෝ මඩු වලිගෙ අරන් උතුරට යන්න කියලා...
එතුමාට වපුරන්න කුඹුර, හාල්, බිත්තර වී ටික නොමිලේ දුන්නේ මේ "යහ පාලනය " නේද ?
දැන්වත් ඇස් ඇරෙනවානම් අලිමංකඩ නෙවෙයි පාමංකඩ, කිලිනොච්චිය නෙවෙයි මැදවච්චිය කියපු අයගෙත් ඇස් අරින්න බලන්න. ඒ අයට ඇස් අරින්න ඕන නැත්නම් ඇස් ඇරිච්ච අයත් සමග එකතුවෙන්න... රට බේරන්න. මේ සිංහල ජාතිවාදය නෙවෙයි. අපේ රට අපි කාටත් උරුමයි...
මම දන්න විදිහට ඡන්දෙනුත් මෙතුමා පරාදයි. පිනට ඇමති කමක් ලැබිලා දැන් වෙන වෙන කතා කියනවා...
ඔබතුමා කලබල නොවී ඉන්න.. ඔය වගේ තමන්ගේ නොහැකියාව වහගන්නේ මිනිස්සු කුලප්පු කරලා. එයාලගේ ළමයිවත්, මුණුබුරන්වත් සටන් කරන්න යන්නේ නෑ. අහිංසක දෙමළ මිනිස්සු දැන් තමන්ගේ දරුවෝ බිලි දෙන්න සුදානම් නෑ.. මේ ගොල්ලන්ගේ ඩයස්පෝරාවේ හීන වලට නම් ඊලඟ ඡන්දෙදි ඇපත් නෑ...