තායිවාන බැංකුවකින් රුපියල් කෝටි 11කට ආසන්න මුදලක් වංචා කළැයි ලිට්රෝ ගෑස් සමාගමේ වත්මන් සභාපති ශලීල මුණසිංහ මහතා හෙට (11) දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය අද (10) නියෝග කළේය.
නිව්යෝක් නුවර සිටි බැංකුවේ මූලස්ථානයේ පරිගණක ජාලයට අනවසරයෙන් ඇතුළුවී මෙම වංචාව සිදු කළ බව කියන මුණසිංහ මහතා නීතිඥවරුන් මාර්ගයෙන් රහස් පොලිසියට බාරවී තිබිණි.
මොහු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ (හංසයා) සභාපතිවරයා ද වන අතර ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා 2015දී ජනපතිවරණයට ඉදිරිපත් වුයේ ද, සරත් ෆොන්සේකා 2010දී ජනපතිවරණයට ඉදිරිපත් වූයේ ද මෙම පෙරමුණ යටතේ ය.
(ඡායාරූප-ඉෂාන් සංජීව)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි නැද්ද කාලය. අරහේ කෝටි 30 කට පැය දෙකයිනේ ගියේ. මේ කෝටි 11 ට පැය විසිහතරක් හොඳටම වැඩියි.
මෙය හරියටම සක්විතිගේ අයියා වගේ. එකම මුහුණුවර
අර කහ පාට මල්ලේ තියෙන්නේ ගත්ත සල්ලි ටිකද?
තොත්ත බබාල වගේ යන්නෙ.ඒ වුනාට ජ්යාත්යන්තර හොරු.සමාජයෙ වැජඹෙන්නේ සිල්රෙදි පොරවාගෙන.
මොන හංසයා පෙරමුණේ නායකයා උනත්..ජනපති මෛත්රීපාලට වැඩකලත් අද අත්දෙකට මාංචු දාලනේ.ඉස්සරනම් ඇල්ලිලි බොරු.දැක්කෙ අද එකියක් ගුවන්තොටුපලෙන් එලියට අපු හැටි.හරියට උන්ගෙ සල්ලි අපි ගත්ත වගෙ..
ජනපතින් රටට හඳුන්වා දෙන මෙතුමා දෙවියෝ ආරක්ෂාකරත්වා!
බලාගෙන යනකොට යහපාලනේ ඔක්කොම හොරුනේ ...
කවුරු මොනවා කිවත් ජනාදිපතිතුමා නිතිය කාටත් ක්රියාත්මක කරනවා .
එතකොට හෙට හවස මෙයාට පවුලේ අය සමග රාත්රී කෑම ගැනීමට පුළුවන් වෙයි කියලද අපට හිතා ගන්න වෙන්නේ ? ගත්තා කියන සොච්චම් සල්ලි වලින් චැම්පේන් බෝතල් එහෙමත් කෑම මේසෙට එන්න පුළුවන්. පවුලේ අයට අමතරව ආරාධිත අමුත්තන් එහෙමත් අාවොත්, එය අපට පුවත්පත් මගින් හෝ රුපවාහිනී මගින් දැනගැනීමට සලස්වන්න ....
බලන හැටි විතරක් හොර පුසා වගේ මුනෙන්ම පේනවා පට්ට හොරෙක් වගේ , අපිට ගෑස් කියල පුරවල දුන්නෙත් හුලන් ද කියල මට සැකයි .
මහා ලොකු වැදගත් මහත්හොරු. සිර ලල. නොදකින් කාලකන්නි හොර තක්කඩි මුන් මේවා මැරෙනකොට ගෙනියනවද.? රටේ කොටසක් බඩගින්නේ.ජිවිත් සටන ගෙනියනවා. කොටසක මහා ලොකු ප්රභූන් වෙලා හොරා කනවා. අහු වුනහම බේර ගන්න කෙරුමන්,මහා ලොකු උඅගතුන් සිටිනවා. ලජ්ජා නැති කම
අනේ මෙහෙම තණ්හාවක් ... අනේ මෙහෙම ආශාවක් ... ශලීල ලැබෙයිද? ඉන් සැනසීමක් ...