IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුගෙන් පොලිසියට ප්‍රකාශයක්

35 හැවිරිදි ගෘහ සේවිකාවට පහර දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘගෙන් පොලිසිය ප්‍රකාශයක් ලියා ගැනීම ඇරඹුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

පුවත්පතක පළවූ දැන්වීමක් අනුව පසුගිය 15 වැනිදා සේවයට ආ මෙම සේවිකාවගේ පපුවේ සීරීම් තුවාල ඇතැයිද පිස්තෝලයකින් පහරදී ඇතැයිද කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන ඇගේ ප්‍රකාශයේ සඳහන් වේ.

පසුගිය 27 වැනිදා විනිසුරුවරයාගෙන් මුල් කටඋත්තරය ගෙන ඇතැයිද අද (29) ලියා ගැනෙනුයේ එම කටඋත්තරය බවද පොලිසිය පවසයි.

එම නිවසේ තවත් ගෘහ සේවිකාවකගෙන් කටඋත්තරයක්ද ලියාගෙන ඇත. සරත් ආබෘෘ අත් අඩංගුවට ගැනීමක් සිදුවිය නොහැකි බවත් ඔහුගේද පැමිණිලිකරුවන්ගේද සාක්කිකරුවන්ගේද ප්‍රකාශ උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය කියයි.



අදහස් (0)

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුගෙන් පොලිසියට ප්‍රකාශයක්

සිල්වා - බර්ලින් Monday, 29 June 2015 01:01 PM

මෙය මොහුගේ පලවෙනි සහ අන්තිම ප්‍රහාරය නොවේ , මොහු උසාවි ගෙන ඒමක් සිදු නොවන අතර මොහුට දඩුවම් දීමක්ද නොසිදුවේ , රාජපක්ෂ පාලන කාලයද මොහු මෙහෙම හැසිරුණේය , යහ පාලනය කාලයේත් එසේමය , මොහුගෙන් අසරණ මිනිස්සු බේරාගැනීමට කළහැකි එකම දෙය මොහු විශ්‍රාම යැවීමය (බ)

:       0       0

ෆාරා Monday, 29 June 2015 01:08 PM

මොහුව මොකද අඩංගුවට ගන්න බැරි රජයේ උසස් නිලදාරියෙක් කියන්නේ සෛවරි රජයක මහජන සේවකයෙක් ඔහු ගෙන් රටේ අහිංසක පුරවැසියකුට හිංසාවක් වෙනවනම් ඔහු එම රාජකාරියෙන් අයින් කළ යුතුයි. එයයි යහපාලනය, මෙතන විශාල මානව හිමිකම් කඩවීමක් වී ඇති නිසා එයට පියවරක් ගැනීම ජනාධිපති තුමාගේ රාජකාරියක්. (බ)

:       0       0

ප්‍රසන්න Monday, 29 June 2015 01:14 PM

පොඩි මිනිහෙක් කළොත් පින්තුර එක්ක දාන්නේ ලොකු කට්ටියට නමවත් නෑ.. අපි දන්නා විදියට ඉහලම උසාවියේ විනිසුරු සරත් ආබෘෘ.... මෙයා මිට ඉස්සරත් පොලිස් නිලධාරියෙකුටත් පහර දීල තිබුන...(බ)

:       0       0

දිලිප් Monday, 29 June 2015 01:25 PM

ගෙදර ගියාට පස්සෙවත් හොම්බට දෙකක් ඇණිය යුතුයි (බ)

:       0       0

නන්ද Monday, 29 June 2015 01:27 PM

සරත් ආබෘෘ මෙයා නේද ගෝඨාභය නඩුවේ විසඳුම දුන්නේ (බ)

:       0       0

හසිත් Monday, 29 June 2015 01:32 PM

මීට කලින් චෝදනා ලැබුවෙක් නම් තවමත් අනේ පවු නම් අපේ රටේ තවමත් පවතින්නේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දු දෙන ක්‍රමයක් විය හැක. . (ම)

:       0       0

නිලංග Monday, 29 June 2015 01:38 PM

දියුණු රටක මෙහෙම දෙයක් වැරදිලාවත් සිදුවුණා නම් කළු කෝට් බැයෙන්ම ඇදගෙන ගිහින් රිමාන්ඩ් කරලා. (ම)

:       0       0

ධර්මසේන නවරත්න Monday, 29 June 2015 01:45 PM

නන්දා ඔයා හරි සරත් ආබෘෘ සමග හිටිය තව නෝනා කෙනෙක්. ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියපු කලක් (බ)

:       0       0

ආසිරි Monday, 29 June 2015 01:46 PM

මොකද මෙයාව අත් අඩංගුවට ගන්න බැරි හේතුව?නීතිය බරපතළ ලෙස අවභාවිතා කිරීම ගැන මොහුට අනිකුත් සාමාන්‍ය ජනතාවට මෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුයි.එසේ නොකළහොත් එය යහපාලනය විය නොහැක. (බ)

:       0       0

ධර්මසේන නවරත්න Monday, 29 June 2015 01:48 PM

නන්දා, මෙයත් ඒකට එකතුයි නමුත් විසඳුමක් දුන්නේ නෑ. ඒක අහන දිනය හුඟක් ඈතට දැම්මා (බ)

:       0       0

සිරිමල් Monday, 29 June 2015 01:49 PM

මූණ,දිහා බලපු ගමන් පේනවා මුස්පේන්තු නපුරු ගතිය. (බ)

:       0       0

වින්සන්ට් Monday, 29 June 2015 01:50 PM

ෆාරා ගේ ප්‍රකාශය අගය කරමි. මෙම සේවිකාව අතින් එම නිවසේ කිසිවෙකු කෙසේ වෙතත් බලු පැටියෙකුට පහරදීමක් සිදුවුනේනම් නීතිය කොතරම්දුරට ක්‍රියාත්මක වේවිද? (බ)

:       0       0

ගයාන් Monday, 29 June 2015 12:46 PM

කව්ද ඔය කෙනා? ලොකු එක්කෙනාද?(බ)

:       0       0

ඩන්දි Monday, 29 June 2015 12:56 PM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ දැන් කාටද කියන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site