35 හැවිරිදි ගෘහ සේවිකාවට පහර දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘගෙන් පොලිසිය ප්‍රකාශයක් ලියා ගැනීම ඇරඹුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
පුවත්පතක පළවූ දැන්වීමක් අනුව පසුගිය 15 වැනිදා සේවයට ආ මෙම සේවිකාවගේ පපුවේ සීරීම් තුවාල ඇතැයිද පිස්තෝලයකින් පහරදී ඇතැයිද කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන ඇගේ ප්‍රකාශයේ සඳහන් වේ.
පසුගිය 27 වැනිදා විනිසුරුවරයාගෙන් මුල් කටඋත්තරය ගෙන ඇතැයිද අද (29) ලියා ගැනෙනුයේ එම කටඋත්තරය බවද පොලිසිය පවසයි.
එම නිවසේ තවත් ගෘහ සේවිකාවකගෙන් කටඋත්තරයක්ද ලියාගෙන ඇත. සරත් ආබෘෘ අත් අඩංගුවට ගැනීමක් සිදුවිය නොහැකි බවත් ඔහුගේද පැමිණිලිකරුවන්ගේද සාක්කිකරුවන්ගේද ප්‍රකාශ උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය මොහුගේ පලවෙනි සහ අන්තිම ප්‍රහාරය නොවේ , මොහු උසාවි ගෙන ඒමක් සිදු නොවන අතර මොහුට දඩුවම් දීමක්ද නොසිදුවේ , රාජපක්ෂ පාලන කාලයද මොහු මෙහෙම හැසිරුණේය , යහ පාලනය කාලයේත් එසේමය , මොහුගෙන් අසරණ මිනිස්සු බේරාගැනීමට කළහැකි එකම දෙය මොහු විශ්‍රාම යැවීමය (බ)
මොහුව මොකද අඩංගුවට ගන්න බැරි රජයේ උසස් නිලදාරියෙක් කියන්නේ සෛවරි රජයක මහජන සේවකයෙක් ඔහු ගෙන් රටේ අහිංසක පුරවැසියකුට හිංසාවක් වෙනවනම් ඔහු එම රාජකාරියෙන් අයින් කළ යුතුයි. එයයි යහපාලනය, මෙතන විශාල මානව හිමිකම් කඩවීමක් වී ඇති නිසා එයට පියවරක් ගැනීම ජනාධිපති තුමාගේ රාජකාරියක්. (බ)
පොඩි මිනිහෙක් කළොත් පින්තුර එක්ක දාන්නේ ලොකු කට්ටියට නමවත් නෑ.. අපි දන්නා විදියට ඉහලම උසාවියේ විනිසුරු සරත් ආබෘෘ.... මෙයා මිට ඉස්සරත් පොලිස් නිලධාරියෙකුටත් පහර දීල තිබුන...(බ)
ගෙදර ගියාට පස්සෙවත් හොම්බට දෙකක් ඇණිය යුතුයි (බ)
සරත් ආබෘෘ මෙයා නේද ගෝඨාභය නඩුවේ විසඳුම දුන්නේ (බ)
මීට කලින් චෝදනා ලැබුවෙක් නම් තවමත් අනේ පවු නම් අපේ රටේ තවමත් පවතින්නේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දු දෙන ක්‍රමයක් විය හැක. . (ම)
දියුණු රටක මෙහෙම දෙයක් වැරදිලාවත් සිදුවුණා නම් කළු කෝට් බැයෙන්ම ඇදගෙන ගිහින් රිමාන්ඩ් කරලා. (ම)
නන්දා ඔයා හරි සරත් ආබෘෘ සමග හිටිය තව නෝනා කෙනෙක්. ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියපු කලක් (බ)
මොකද මෙයාව අත් අඩංගුවට ගන්න බැරි හේතුව?නීතිය බරපතළ ලෙස අවභාවිතා කිරීම ගැන මොහුට අනිකුත් සාමාන්‍ය ජනතාවට මෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුයි.එසේ නොකළහොත් එය යහපාලනය විය නොහැක. (බ)
නන්දා, මෙයත් ඒකට එකතුයි නමුත් විසඳුමක් දුන්නේ නෑ. ඒක අහන දිනය හුඟක් ඈතට දැම්මා (බ)
මූණ,දිහා බලපු ගමන් පේනවා මුස්පේන්තු නපුරු ගතිය. (බ)
ෆාරා ගේ ප්‍රකාශය අගය කරමි. මෙම සේවිකාව අතින් එම නිවසේ කිසිවෙකු කෙසේ වෙතත් බලු පැටියෙකුට පහරදීමක් සිදුවුනේනම් නීතිය කොතරම්දුරට ක්‍රියාත්මක වේවිද? (බ)
කව්ද ඔය කෙනා? ලොකු එක්කෙනාද?(බ)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ දැන් කාටද කියන්නේ (බ)