(සුජිත් හේවාජූලිගේ සහ ආරියරත්න රණබාහු)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එන මන්ත්‍රීවරුන්ට ඇමැති තනතුරු නොදෙන්නේ යැයි ජනාධිපතිවරයා පැවැසීම ඉතා නරක නපුරු තත්ත්වයකැයි පත් කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවැසීය.
රත්නායක මහතා මේ බව පැවසුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යැයි සඳහන් සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයේදීය.
බිමල් රත්නායක මහතා මෙසේද කීය.
“ශ්‍රී ලංකා නිදහසේ පක්ෂයෙන් ආණ්ඩුවට එන අයට ඇමැති තනතුරු නොදීම නපුරු තත්ත්වයක්. නමුත් ජනාධිපතිතුමා ළඟට එන අයට ඇමැතිකම් දෙනවා. එය හොඳ දේශපාලනයක් නෙවෙයි. ජනපති තනතුර පෞද්ගලික වාසියට නොව රට වෙනුවෙන් පාවිච්චි කළ යුතුයි.
ලොකු තනතුරු ලැබුණාම සමහරුන්ට අං නොව අං තට්ටු එනවා. ජනාධිපතිතුමා දැන් හිතන්නේ එතුමා එංගලන්තයේ බකිංහැම් මාළිගාවේ කෙනෙක් විදිහටයි.”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චරටම එජාප එකට සපෝර්ට් කරන්න එපා. ජවිපෙ එකේ ප්‍රතිරූපය රැකෙන විදිහට ප්‍රකාශ නිකුත් කරන්න.
මෙන්න බොලේ ඇමතිකම් දෙන නොදෙන එ්කටත් මේ අයට රිදෙනවා. මෙතුමලා දැන් සමාජවාදය වෙනුවට කතා කරන්නේ මේවා... මේක නම් ඓතිහාසික කඩේයාමක්...
අම්බලමේ පිනා පිනා වලං කදක් ගෙනා ගෙනා...
මෙන්න යකෝ වැඩක්... මේ අය ජේ.වී.පී. ද? නැත්නම් මේ අයත් ලක්ෂ ගණන්වලට කහිනවද රටේ ජනතාව මහ පකෂ දෙක ගරහන කළ...දැන් නම් උනුත් හොරු, මුනුත් හොරු, කම්බ හොරු කියලා තමයි..
මේ සාමාන්‍ය ගණයේ රෝගයක් නොවේ. එමනිසා අත්‍යාවශ්‍ය කරුණක් සේ සලකා වහාම ප්‍රතිකාර කළයුතුයි. මොකද කරුමේ ගෙවන්න වෙන්නේ ජනතාවට...
මේ විපක්ෂ නායක ධුරයේ ගැටලුව වහාම අධිකරණය මාර්ගයෙන් විසඳාගන්න ලෙස ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා සිටිනවා. අද ජනපති කරගෙන යන්නේ වෛරී දේශපාලනයක්... එදා බයේ කබා ඇදගෙන රනිල්ට වසන් වෙලා උන්නු මෙයා අද රනිල් ප්රමුඛ සියලු දෙනාගෙන් පළිගන්නවා... මේවට කියන්නේ කෙළෙහිගුණ නොදන්නාකමයි...
අනුන්ගේ සීනිකිරන්නේ නැතුව තමන්ගේ පක්ෂය ගැන බලාගත්තානන් හොඳ නැද්ද? නැත්තන් ඔහේලාටත් සන්ධානගත වෙලාවත් මන්ත්‍රීවරයෙක්වත් හදාගන්න බැරිවෙයි..!
පව් එයාලට ඇමතිකම් දෙන්නේ නෑ කියලා මෙයාලටනේ රිදිලා තියෙන්නේ...
බලන්න රතු අලි මල්ලීලාට හිත රිදිලා තියෙන තරම්.. මොනවා වුනත් යූ.එන්.පී. කාරයින්ට වඩා රනිල් ගැන කැක්කුමක් මෙයාලට තියෙනවා..
එ්ක ඒ ගොල්ලන්ගේ තීරණයක්. අර හාමුදුරුවන්ට බෙදන්න කියන්නේ නැතිව තමන්ට ඕනේනම් ඇමතිකමක් ඉල්ලගන්න. නැතුව තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවලා ඇමතිකමක් ගන්න මේ කල්පයේ හිතන්න එපා. අපි නම් ඔහෙලාට මින්මතු හීනෙන් වත් ඡන්දයක් දෙන්නේ නැත. මම දැනුවත්ව ඡන්දයක් දෙන්න කියන්නේවත් නැත...
මලික්ගෙන් අර මොනවද බෑග් එකක් ගත්ත කතාව ඇත්ත වගේනේ...
මෙයා කියනවා ජනාධිපති හිතාගෙන ඉන්නේ එයා බකිංහැම් මාලිගාවේ ඉන්නවා කියලා. බකිංහැම් මාලිගාවේ ඉන්න රැජිනට එරට පාලනය කිරීමට කිසිම බලයක් නැහැ.
"විධායක ජනපති ක්‍රමය එපාලු". එහෙමනම් ජේ.ආර් මහතා ඇතිකල කුලල් කාගැනීම, වැඩිවැඩියෙන් මුදල් වියදම්කරන, එ් නිසාම එය සාධාරණී කරගෙන ඡන්දයට මුදල් ඕනෑ කියා ඔය කව්රු කව්රුත් මඩි තද කරගන්නා මනාප ක්‍රමයත් අතුගා දැමීමට පාර්ලිමේන්තුව තුළ මුලපුරා කටයුතු කරන්න. එවිට ඔබලා ඇත්තටම රටට ආදරේද කොපමණ අවංකද කියලා පෙනේවි...? ජේ.ආර්. මහතාගේ මේ මනාපක්රමය නොවේනම් ඔයාලා තවමත් ගෙදරට වෙලා. එහෙම නම් මොනවා හරි රටට වෙන ඵලදායි වැඩක් ඔබලාගෙන් කෙරෙනවා...
ජවිපයෙන් යන අය නැවත පක්ෂයට ගන්නේ නැති එකත් ඔවුන් සමග එකතුව වැඩ නොකිරීමත් නපුරු තත්වයක්... ජවිපෙ වැදී බණ වපුරනවා. එය හොඳ දේශපාලනයක් නෙවෙයි. ජවිපෙත් දේශපාලනය පෞද්ගලික වාසියට නොව රට වෙනුවෙන් පාවිච්චි කළ යුතුයි. ලොකු තනතුරු ලැබුණාම සමහරුන්ට අං නොව අං තට්ටු එනවා. රතු අලි පැටව් දැන් හිතන්නේ එතුමා මාක්ස් සහ ලෙනින්ගේ වගේම රනිල්ගේ ගුරුවරයා විදිහටයි.”
මේ අය නම් පාර්ලිමේන්තුවෙන් අතුගාලම දාන්න ඕනේ ඔබලා මොනතරම් මොර දුන්නත් ජනතාව පිළිගන්නේ නැහැ... ඔබලා ආණ්ඩු පක්ෂයට ගියා නම් මීට වඩා හොඳයි නේද?
සමාජවාදි අපිට ඒකත් තිත්ත කරන්න එපා මහත්තයෝ.
දැන්වත් කඩේ ගියා ඇති ඔයාලා ඔයාලගේ වැඩක් බලාගන්න, නැත්නම් ඔය තියන ටිකත් නැති වේවි
එතකොට පක්ෂ මාරු කරන එක අඩු වෙයිනේ
අනුන්ගේ සීනි කිරනවා
මෙච්චර දවස් කාටද කඩේ ගියේ කියලා මුළු රටම දැක්කා, නරකද එතනටම ලොග් වුනොත්? දැන් ලෙනින්ලගේ විප්ලවේ ඉවරවෙලා ඩොලර්වලට නේද මේ අඬන්නේ...?