(අජන්ත කුමාර අගලකඩ)
තමාගේ පියා ජීවතුන් අතර සිටියේ නම් ඔහු මිය යන්නේ අද දිනයේදී බව දඹූල්ල ආසනයේ ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‘ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කරනු ලැබූ හිටපු ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ලංකාදීපයට පැවසීය.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයකුද වන තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු කැඳවුම්කරුවකුගේ පුත්‍රයකු බවද තෙන්නකෝන් මහතා කීවේය.
දඹූල් ආසන සංවිධායකධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය.
“අද පාර්ලිමේන්තුවේ ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැඳවුම්කරුවන් දෙදෙනකුගේ පුතාලා විතරයි. එ් ටී.බී. තෙන්නකෝන් මහතාගේ පුතා වන මමයි, ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ පුතාල දෙන්නයි.“
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ අපේ හදවත, අපේ පණ. අපි මේ ඉවත් කරලා තියෙන්නේ ඒකෙනුයි. ශ්‍රීලනීපය කියන්නේ සියලු දෙයින් සර්ව සම්පුර්ණ පක්ෂයක් නෙවෙයි. හැබැයි අපි කවදාවත් මේ පක්ෂය දාලා ගියේ නැහැ. ශ්‍රීලනීපය අද මේ යන ගමන දැක්කම මට කනගාටුවෙන් වුවත් කියන්න තියෙන්නේ මීතොටමුල්ලේ කුණු කන්දට වෙච්ච දේ තමයි ශ්රීලනීපයට වෙන්නෙත් කියලා. මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසානය කරා යන ගමනක් “යැයිද ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන්නෙ ඒක නෙවෙයි..වෙලා තියෙන්නේ ඒක..
ඒක නෙවේ ඇත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හොරකල දැන් එකට ගරහන උන්ට වෙන්නේ මීතොටමුල්ලේ කුණු කන්දට වෙච්චදේමයි අපිට බල ගන්න පුළුවන් ඉදිරියේදී
මෙ අය අයින් කලාට කමක් නැහැ. පත්කල අය ඊට අන්තයි.කිසි රහක් නැහැ
ඔබ ඉන්න කාලේ දඹුල්ලේ කුණුවලට මොකක්ද කලේ?
මේ අලුතින් පත් කරන අය ගැන දැනගත්තේ පත්තරෙන්.මීට කලින් මේ නම් අහලවත් නැහැ.පක්ෂය දියාරු කිරීමක් මේ කරන්නේ.
තාත්ත හිටියනම් අද ගහල පන්නනවා ,මේ ගොන් බානට
පක්ෂයෙන් ඉවත්වී පක්ෂය පරාජයකොට නැවත එම පක්ෂයම ගොඩගැනීම සඳහා ගන්නා උත්සාහය කොතරම් සාර්තකවේදැයි අනාගතයේදී දැකගතහැක.
ඇයි ඉතින් අඩන්නේ නැත්තේ?
ඔබ තුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා දිනුවා මිසක් පක්ෂය ඔබ තුමා නිසා දිනුවා ද?දැන් පොහොට්ටුවෙන් එන්ඩ අපි බලමු.
පක්ෂට වැඩක් කරන්නේ නැතිනම් එවත්කරන්න ඕනේ නේද මහත්තයෝ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා තමය් ඔබ තුමා දිනුවේ මිසක් පක්ෂය ඔබ තුමා නිසා පක්ෂය දිනුවේ නෙහෙ?
දැන් ඉතින් පක්ෂේ කුණු ටික ඉවත් කෙරුවාම සුද්ධ උන මීතොටමුල්ල වගේ වේවි නේද?
තමුන්ගේ පියා ජීවතුන් අතර හිටියනම් ආයි මැරෙන්නේ එක ඇත්ත., ඒ පියා නියම ශ්‍රී ලංකා කාරයෙක් නිසා , නමුත් පුතාල නියම ශ්‍රී ලංකා කාරයින් නෙවි , පුතාලත් නියම ශ්‍රී ලංකා කාරයින් නම් අද මෙලහට මැරිලා
පේනවානේද මොවුන්ට දේශපාලනයෙන් විසිවෙන්න වුණාම ජීවත් වෙන්න වෙන විකල්පයක් ඇත්තෙම නැති බව.... වස ලැජ්ජයිනෙ...