ගලේවෙල ටී බී තෙන්නකෝන් ශාලාවේ දී ජනක බණ්ඩාර තෙන්නකෝන් හඬමින් පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතනෝල් කාරයන්ටත් කුඩු කාරයන්ටත් යට වී ඇති බවයි.
‘මම පිරිසිදු ශ්‍රී ලංකා කාරයෙක්. මට වූ කෙනෙහිලිකම් ගැන ජනපතිතුමාට කිව්වා. නාමල් පුතාට දඹුල්ලෙදිම කිව්වා. ඒ කිසිවකු මාගේ කතාව ගණන් ගත්තේ නැහැ. අපි හැදූ, මගේ අප්පච්චි හැදූ (ටීබී තෙන්නකෝන්) පක්ෂයට වන විපත ගැන මා කී දේ ඔවුන් විශ්වාස කළේ නැහැ.
මම පරණ පොලිස්කාරයෙක්. මට ඒ පැත්තත් තියෙනවා. මේ පැත්තත් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෙට දවසේ කාටවත් යටත් පක්ෂයක් කරන්න මම කැමති නැහැ. පක්ෂය නිවැරදිකරගෙනයි ඉදිරි ඡන්දයකට යා යුත්තේ. මම ඉන්නේ එතැනයි.‘
ඔහු මිනිත්තු පහක් පමණ හැඩුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගෙයි එයාගේ පුතාගෙයි කල්කිරියාව ගැන යම් යම් ගැටළු තිබුනා කියන්නේ ඇත්තක්ද? (ත)
මට ඔබ ගැනත් පක්ෂය ගැනත් පාක්ෂිකයන් ගැනත් දුකයි. මහින්ද අපි සැවොම විනාශ කරා! (ස)
ඕකට අඩන්න දෙයක්යැ. මෛත්‍රී පිලට එකතු වෙන්න. (ත)
ජනක ඔය කියල තියෙන්නේ රටම ගසාගෙන කන තාත්තටයි පුතාටයි උන්ට රට ගසාගෙන කනවට වැඩ වෙන දෙයක් නැහැ. (ස)
නාමල් පුතාට කියන්න තරම් ඔබතුමා අසරණ වීමගැන ඇත්තටම කණගාටුයි. (ස)
ඔබ විතරක් නෙමේ මේ වෙලාවේ මුළු රටේම දුප්පත් ජනයා ඇතුළු සමස්තයක් දුකින් එන්නේ , එනිසා මේ අවස්ථාවේ තීරණයක් ගන්න. (ස)
අපොයි අපේ අදහස් අද බහිරවයා ගිලලා වගේ . (ස)
දුක හිතෙනවා. (ස)
'ජනක' දඹුල්ල දිනෙව්වේ ජනක. තල ගොයියගෙන් පස්සේ දඹුල්ල ගැන රට දැනගත්තේ ජනක හදපු "එළවලු මාර්කට්" එක හින්දා, (හේ)
අඩන්න අඩන්න තමයි කිරි එරෙන්නේ ඕකත් හොද ක්‍රමයක් ඇමති තුමෝ ඡන්න්දේ ගන්න. (ස)
කණගාටුවෙන්න එපා ඇමතිතුමා. අපේ පක්ෂයේ නිහඬ චරිතයක් ලෙසින් රටට පෙන්වා සුදුරෙද්ද අස්සේ හංගාගෙන හිටපු කොටියා සමග සිරිසේන උන්නැහේ පැන්නාට පස්සේ අපේ පක්ෂේ සුද්ධ කිරීම අපේ ජනාධිපතිතුමා ලබන වසරේ මුල සිට අරඹනු ඇති. ඇමති මණ්ඩලයත් අඩුකරාවී. හිතට දුම තමයි. නමුත් වාවාගෙන ටික දවසක් ඉවසමු. තව මාස දෙකයි. (ස)
පරණ පොලිස්කාරයෙක් මිනිත්තු පහක් පමණ හැඩුවේය. පවු අනේ! (ස)
අඬ අඬා ඉන්නේ නැතුව යන්න ඇමති තුමෝ. (ස)
නාමල් වගේ ලාබාල දේශපාලඥයෙකුට ඔය කියල වැඩක් නැති බව ඔබ තුමාට තේරෙන්නේ නැද්ද? ඔබතුමාලා එහෙම විශ්වාස කල නිසා තමයි අද අඬන්න වුනේ. 18 ට ඇත උස්සනකොට ඔය ටික වෙනවා කියල කීදෙනෙක් කිව්වද ? දැන් ඉතින් හරි පැත්තට ඇවිත් එක නැවත නිවැරදි කරන්න බලන්න. (ස)
"අප්පමාදෝ අමතපදං - පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තාන මීයන්ති - යේ පමත්තා යථා මථා" (ධම්ම පද ගාථා) "මිනිසාගේ ජීවිතය ඉතා වටිනා එකකි. එහි වටිනාකම රඳා පවතින්නේ අප්‍රමාදය මතය. පමාවූවෝ ජීවත්වූවත් මළවුන් වැනිය" (නි)
කියව කියවා බලන් ඉන්නේ සැලුන් දොරට ඉබ්බෝ දාලද? (ස)
කුඩුකාරයන්ට, එතනෝල් කාරයන්ට පක්ෂය ගිහින් (නදී)
දැන්ම විපක්ෂයට එන්ඩ පස්සේ ඉඩ නෑ කියල අඩන්ද එපා. (ස)
ඕකට අඬල වැඩක් නැහැ (අ)
ආණ්ඩුවට අඩන්න වෙන්නේ ජනවාරි 8 වෙනිදට බලන් ඉන්න. (ස)
යන්න ළඟයි වගේ! (ස)
පැන යන මුවන් දැක නොහලන් නෙලූ පලා. ඇමතිතුමනි. (අ)
සංවේදීව ඇඩීම නායකයෙකුට සුදුසු නැත. අවශ්‍ය වන්නේ සුදුසු තීරණ ගැනීමය. කිව්වට පලක් නැත්නම් තවත් ඉන්නේ මොන එහෙකටද ? (අ)
යල් පැනපු වයසක අය දැන් ශ්‍රීලනිපයට අවස්ස්ය නැහැ.අලුතෙන් බුරුතු පිටින් බඳවනවා (අ)
දැන් ආණ්ඩුවට ඡන්ද හොයන්නද මෙහෙම කරන්නේ (අ)
දැන් වෙන දේවල් දැක්කම අපටත් ඇඬෙනවා (අ)
නාඩන් අංකල්... අපේ පැත්තට ඔයා එන්න. අපිට ඔයා වටිනවා. පුතත් එක්ක එන්න.(අ)
ඔභ වගේ කෙලින් කතා කරන අවංක පුද්ගලින් අපි අගේ කොට සලකනවා. ඔබට ජය වේවා....! (අ)
කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් ලකාවේ ආණ්ඩුවෙන් ආණ්ඩුවට මෙති ඇමති වරුන් වැඩි වුනු හැටි ලිය දන්වන්නකෝ.... (අ)
අපටනම් ඇඩෙන්නව (අ)
මහින්ද කුඩු කාරයින්ගේ හා එහනොල් කාරයන්ගේ කප්පම් වලට යටවෙලා.(ස)
කිඹුල් කඳුළු , දැන් ඡන්දෙත් ලගනේ. මේ රටේ දුක් විදින මිනිසුන් ගැනත් දුක හිතිලා අඬයිද ? (ස)
මා පාසල් කාලයේ සිට ඔහු දන්නවා. (ස)
අගමැති කම නොලැබුණාම රනිල්ගේ රූකඩයක් වූ මෛත්‍රීට ඔන්න අහල ඉගෙනගන්න කොහොමද නියම ශ්‍රීලංකා කාරයෙක් වෙනවිදිය (ස)
දැන් ඉතින් අඩලා දොඩලා මොනවා කරන්නද? සේරිසෙන මහත්තයාට සහයෝගය දක්වුවානම් ලබන සැරේවත් පක්ෂය ගොඩගන්න පුළුවන්. (ස)
"ඔහු මිනිත්තු පහක් පමණ හැඩුවේය".එහෙනම් අපි අපේ දරුවන්ට කන්න අදින්න දෙන්න නැති වුනා කියල කොහොම අඩන්න ඕනෙද? (ස)
"ඔහු මිනිත්තු පහක් පමණ හැඩුවේය".අඩන්නේ මොකටද ප්‍රශ්නෙට පිළිතුරක් තියෙද්දී . (ස)
මේ යන ක්‍රමයට රටේ සමස්ත ජනතාවටම අඩන්න තමයි දැන් සිද්ද වෙලා තිබෙන්නේ. (ස)
ඇමති තුමනි බිය නොවන්න. මෛත්‍රී ජනාධිපති තුමා පරාර්ථකාමී පුද්ගලයෙක්. එතුමා සියලු දේ හොඳ අතට හරවයි. (ස)
මේක නම් රඟ පෑමක්.(හේ)
අපි දත් එක එක ගලවමු ඇමති තුමනි. (ස)
ජනක මහත්තයෝ දැන් තීරණයක් ගන්න හොදම වෙළාව. ෆයිල්වලට බය වෙන්න එපා. (ස)
ඔබතුමාට තීරණයක් ගන්න වෙලාව හරි. ප්‍රමාද වෙන්න එපා. (නි)
අඩ අඩා ඉන්න දෙයක් නැහැනේ, සිරිසේන මහත්තයාට එකතුවුණා නම් පක්ෂය බේරාගන්න පුළුවන්. (නි)
ඔන්න ඇත්ත,කව්රුත් ඕවා කිව්වට තේරුම් ගන්නේ නැහැ (නි)
කොච්චර තිබුනත් මදි..මදි..මදි... (නි)
හා...හා.. ඔහොම යන් .... ඔහොම යන්...! (නි)
අඬ අඬා ඉන්නේ නැතුව ඉක්මනට තීරණයක් ගන්න එක හොඳයි නේද? ඔබට යම්කිසි වෘත්තියක් හැකියාවක් තිබෙනවා නේද ගෙදර ගිය දවසට කරන්න. එහෙනම් ඇයි මේ නියාලුකම ?
අවංක මිනිස්සු (අ)
චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. (නි)
කොහොමත් දැන් සමහරු කිය කියා වටේ යන්නේ පක්ෂය හැදුවේ ඒගොල්ලන්ගේ ගෙවල් වල කට්ටිය කියලනේ. (නි)
කණගාටුව ලංකාව හදන්න බැහැ ,නීතියක් නැත්නම රටක් හැදෙන්නේ නැහැ. නීතිය හදන්න නම් හොඳ පාලකයෝ ඕනෑ (නි)
මේක තමයි පක්ෂයට දරදිය ඇදපු අයට අන්තිමට වෙන්නේ. (නි)
ඇමති තුමා කතාව ඇහුවා...කලබල නොවී රට පෙරට තියන්න. (අ)
හැම මුල් පක්ෂ සාමාජිකයාටම ඔච්චර තමයි. ඕක ඔබතුමා තේරුම් ගන්න. (නි)
ඔහොම අඬ අඬා දේශපාලනය කරන්නේ මොනවටද? කෙළින් තීරණයක් ගන්න බැරි ඇයි? (නි)
අපි හැම පක්ෂයටම ඡන්දෙ දාලා තියනවා. හැබෑවටම අපිටත් දුකයි (නි)
මගේ ශ්‍රී ලංකාවට වෙච්ච දෙයක්......????? (නි)
ඔබටත් මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකතුමා සමඟ එකතුවුණා නම් ඔය ප්‍රශ්නයට විසඳුම තිබෙනවා. (නි)
නාමල් සර්ට කිව්වෙ නැද්ද ? එහෙම කිව්වා නම් සමහර විට හරි යන්නත් තිබුනා. මොකද්ද ඇමතිතුමා පොඩි ඈයෝ වගේ අඩන්නේ මෛත්‍රීට එකතු වෙලා පක්ෂයේ බලය අල්ලා ගන්නකෝ. එතකොට ශ්‍රීලනිපය හැරගියා වෙන්නේ කොහොමද ? (නදී)
කෝ මේ බන්දුල , මනමේන්ද්‍ර , දසුනි නෝනා? මෙන්න මොනවාහරි කරන්න (නි)
නියම ශ්‍රීලංකාකාරයෙක් (නි)
සාජන් පුංඥසෝම? (නදී)
අපි දන්නවා. ඔය යන්න තමා හදන්නේ. ජයවේවා! (නි)
ඔබතුමන්ලා වැනි අයට හොඳ නායකත්වයක් දැන් තිබෙනවා.තීරණයක් ගන්න කාලය හරි. (නි)
අඬන්නම ඕනෑ තමයි (නි)
පවු අනේ! මටත් ඇඩෙනවා (නි)
ශ්‍රීලනිපයට ඔය වින්නැහිය වුණේ තනි පවුලක පාලනයට යටවුණාට පස්සේ තමයි. (නි)
අඩන්න එපා. එකෙක් දෙන්නෙක් එලියට ගියාට. එ.ජා.ප. යට කොළ පාටත් නැහැ. (අ)
ඉක්මන් කරලා පුතා ද සමග පොදු අපේක්ෂකයාට සහාය දෙන්න යන්න. මධ්‍යම පලාතේ මහා ඇමති කරවමු පුතා, (ස)
මරාට ඡන්දෙ දෙන්නෙ නෑ. කී පාරක් නම් කියන්නද? වැඩක් නැත්නම් ගිහින් බුදිය ගන්නකෝ..(ස)
පක්ෂයට මුකුත් උනේ නෑ. පක්ෂයන් හැදුනු උන් උන්ගේ වාසියට පක්ෂය පවා දුන්න ප්‍රතිපලය 08 වෙනිදා බලන් ඉන්න. ඡන්ද ලක්ෂ 25ක් ඉහල යනකොට ඔබතුමාත් රාජපක්ෂ ලඟ නැවතී සිටි යි..... (ස)
සුනකයොත් එක්ක නිදා ගත්තොත් නැගිටින්න වෙන්නේ..........(ස)
ඇමතිතුමා දුක්වෙන්නේ එපා. ඔබතුමා නියම ශ්‍රීලංකා කාරයෙක් කියල අපේ හැමෝම දන්නවා. හොදම විසඳුම තමා පොදු අපේක්ෂකයා දිනවනඑක. එතකොට ඔබතුමාලට මෙහෙම දුක් වෙන්නේ ඕනේ නැහැ. ඔබට ඇහුම්කම් දෙන ශ්‍රීලංකා කාරයෝ එතන ඉන්නව. (ස)
මේ පාරත් මහින්දව රැකගෙන මුළු රටම අදවන්න (ස)
එතනෝල් කුඩු ගෙන්නන්නේ මිනිස්සු ඒවා බොන හින්දනේ. ගෙන්නන එක නවත්තන්න හදන එකේ තේරුමක් නැහැ. අපි කල යුත්තේ විශාල ආගමික ස්ථාන ඉදිකොට මිනිස්සු මේවයින් ඈත් කිරීමයි. අපි අමතක නොකළ යුතු දෙයකුත් තිබෙනවා. ඇතැම් අවස්ථාවලදී මත්ද්‍රව්‍ය තාවකාලිකව හෝ ප්‍රශ්නවලින් මිදීමට උදව් විය හැක. මම කියන්නේ නැහැ මේවා ගෙන්නන එක සාදාරනයි කියල.නමුත් මහින්ද චින්හනයේ දීර්ග කාලීන වැඩපිළිවෙල යටතේ මිනිසුන්ගේ ප්‍රශ්න යම්තාක් දුරකට අඩුවනු ඇත. (ස)
හොඳ මනුස්සයෙක්! (නි)
මහත්තයෝ මේක මුලු රටටම වෙලා තියන වින්නැහියක්,අඬලා වැඩක් නෑ. තවම පරක්කු නැහැ ආපිට හරවන්න. (ස)
නාමල් ලඟ අඬා වැලපෙන්න තරම් ඔබතුමා නිවට වුනාද? (ස)
ශ්රී ලංකා නිදහස් පක්ෂය විනාශයේ වගකීම රාජපක්ස පවුල වගකියන්න ඕනි කිසිම අධ්‍යාපනයක් නැති හොර මැරයන් තක්කඩියන් පැරෂුට් කාරයන් මේක ඇතුලට දාගෙන රටටම විනාස කරා රටට වැඩක්කරන්න පුළුවන් බුද්දිමත් පිරිස ඈත්කර විනාසය ලංකරගත්ත දැන් වෙලාතියෙන්නේ ඒ පව කරගන්න ඉතිරිපිරිසට රටේ වංචා දුසන අක්‍රමිකතා මෙතරම් වෙච්චි නිහඩව සිටීම කණගාටුවට කරුණක්. (ස)
උදේ ඉඳල පුවත් තීරයට අදහස් ලියනවා මොකද මන්දා අදහස ආගිය අතක් නැහැ. (ස)
නාඩා ඉන්න අනේ බන්ඩෝ තව ටික දුරයි යන්න ඇත්තේ. එනවා අලුත් රජෙක් ඔය පැත්තේ යන්නයි ඇත්තේ ඔහුගේ පිටිපස්සේ (ස)
දැන් ජනතාව හරි උත්තරේ දෙවි ජනවාරි 8 ට රට විනාස මුකයෙන් බේරා ගැනීම ජනතාවගේ වගකීමක්. (ස)