‘‘මහින්ද මහත්තයා මොනවා වුනත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය දාලා ගියේ නැහැ.නමුත් අපිට ඉන්න බැරිවුනා‘‘ යැයි බස්නාහිර පළාත් මහා ඇමැති ඉසුර දේවප්‍රිය මහතා පැවසීය.
අමාත්‍යංශයේ ප්‍රතිපාදන මත ඉදිකෙරුණු බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සති පොළක් විවෘත කරමින් ඔහු මෙසේද කීවේය.
‘‘ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අයට තේරෙන්න ටික වෙලාවක් යනවා.හෙට අනිද්දා පළාත් පාලන මැතිවරණය එනවා.ඔක්කොම අය කියනවා මහින්ද මහත්තයා එන්න අවේ නැතිනම් ඡන්දය වෙන්නේ නැහැ කියලා.සමහර කට්ටිය කියනවා මෛත්‍රී - මහින්ද එකතු කරන්න යනවා කියලා.ඔයාලා වගේම අපිත් ට්‍රයි කරනවා.නමුත් බැරි වුනොත් මොකද කරන්නේ? ‘‘
‘‘ පරාද වුනාට පස්සේ තමයි ගමේ ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයින්ට තේරෙන්නේ.අපිට මොකද වුනේ කියලා.අවුරුදු හතර හමාරකට ආපහු ඡන්දය නැහැ.එතකොට තමයි තේරෙන්නේ අපි ඉල්ලන් කෑවා කියලා.‘‘
‘‘නායකයෝ එන්න පුළුවන් යන්න පුළුවන්.නායකයින් මත නෙවෙයි පක්ෂය තීරණය වෙන්නේ.‘‘
‘‘මහින්ද මහත්තයා මොකද කළේ? සැලුන් දොර ඇරලා සිරිකොත ඉන්න මන්ත්‍රීවරුන් ටික ඔක්කොම එළියට ගත්තා.ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් අයින් කළා.
ඔක්කොම හිතුවා එක්සත් ජාතික පක්ෂය ආයෝ ගොඩ එන එකක් නැහැ කියලා.අන්තිමට මොකද වුනේ? එක්සත් ජාතික පක්ෂය ආයි ගොඩ ගියා.1977 අපේ පක්ෂය බින්දුවට ගියා නමුත් 1993 – 1994 දී ගොඩ ආවා.‘‘
‘‘අද පාර්ලිමෙන්තුවේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය,එක්සත් ජාතික පක්ෂය එකතුවෙලා.බැලුවහම මේකේ වැඩි ප්‍රතිලාභ ලැබිලා තියෙන්නේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයට.
රටේ ජනපති,පාර්ලිමෙන්තුවේ වැදගත්ම අමාත්‍යංශ ලැබිලා තියෙන්නේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට.‘‘
‘‘අපේ පක්ෂයේ නායකතුමාට සිරිකොතට යන්න පුලුවන්නම් අපිට මේ ගම්වල ඉන්න පළාත් සභා හා නාගරික මන්ත්‍රීවරුන්ට සිරිකොතට නොගියත් සමගියෙන් සහජීවනයෙන් වැඩ කරන්න පුලුවන් කම තියෙන්න ඕන.මේකට විරුද්ධ වෙන්නේ අපේ පක්ෂයේ අය.මට කියන්නෙත් යහපාලන ඇමැති කියලා.‘‘
‘‘මම දවසත් ජනපති තුමාගෙන් ඇහුවා සර් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ තියෙන අර්බුදයට මොකද කරන්නේ කියලා.එතකොට එතුමා කිව්වේ මම රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක දේශපාලන ගේම් ගහන්නේ නැහැ.මම ශ්‍රීලංකා නිදහස් පක්ෂය පාවා දෙන්නේ නැහැ.මම හොඳ එක්සත් ජාතික පක්ෂ විරෝධියෙක්.
නමුත් දෛවය වෙනස් වෙලා පොදු විපක්ෂයේ ජනපති වේච එක ඇත්ත.නමුත් මේ පළාත් පාලන මැතිවරණයට මම නායකත්වය දෙන්නේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයට.එහෙනම් කාගේවත් ප්‍රශ්නයක් ඇතිවෙන්න විදිහක් නැහැ.‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්න මහත්තයෝ බයිලා නොගහ,පාක්ෂිකයව එක පාරක් ගොනාට අැන්දුවට ඒ සෙල්ලම ආයේ කරන්න වෙන්නේ නෑ,මේ පාර ඡන්දෙදි අපි නියම උත්තරේ දෙන්නම් ගෙම්කාරයන්ට. (බ)
මමත් දැන් නම් මහින්ද කිව්වත් මෛත්‍රී ඉන්න පක්ෂෙකට ඡන්දෙ දෙන්නේ නැහැ.අලුත් පක්ෂේට තමයි ඡන්දෙ දෙන්නේ. (බ)
පක්ෂ වලට ඡන්දෙ දීලා දිනවීම නෙමෙයි කළයුත්තේ. කවුරු කළත් අවසානෙදි ජනතාවට සේවයක් වෙන දේවල් ජයග්‍රහණය කරවීමයි කළයුත්තේ. (නි)
ඔයාලටත් තේරෙන්න පමාවෙයි. එදාට ඉල්ලන් කන්න හොඳේ....... (නි)
වැඩි කතා ඕනෑ නැහැ. රට කන, පාවාදෙන අය එක්ක අපේ ගනුදෙනු නැහැ (නි)
මහින්ද කිව්වත් ආයෙත් නම් නුඹලාට අපේ ඡන්දය නැහැ (නි)
ඇති දැන්වත් ඇත්ත තේරුනා (නි)
පක්ෂය, පාක්ෂිකයන්ට ඇහුම්කන් නොදී කීපදෙනෙක්ගේ හිතුමනාපයට තීන්දු ගන්නවා නම් එහෙම පක්ෂයකින් අපිට වැඩක් නැහැ. අපි අලුත් පක්ෂයට ඡන්දෙ දෙන්න තීරණය කරලා ඉවරයි (නි)
අනේ දැන් කතා ඇති!
ලබන පාර ඡන්දෙදි බලාගත හැකියි කවුද ඉල්ලන් කන්නේ කියලා (නි)
අපි මේ තුමා එනතුරු තමයි බලාගෙන ඉන්නේ. අර එදා ඔබතුමා රනිල් මහතා සමඟ අපට කිවුව ලිච්ඡවී පාලනය කොහෙද කියලා අහන්න. තවත් ප්‍රශ්න තියෙනවා ඔබතුමාට දීලා හරි උත්තරක් ගන්න. (නි)
අනේ මන්දා මහත්තයෝ මේවා... (නි)
අපිව මොකාට අන්දන්නද මේ හදන්නේ? (නි)
මටනම් කියන්න තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් නැතුව කවුරු හරි ඉල්ලුවොත් මේ පාරත් එක ළඟ තුන් වෙනි පාරටත් කනවා කනවාමයි, හැට්‍රික් එකට චියර්ස් (බ)
ඇසළ, තදින්ම ඉන්නවා නේද? හොඳ අධිෂ්ඨානයක් තිබෙනවා. අපේ අය බුද්ධිමත්ව වැඩ කළා නම් ඇසළ අපිට මේවා ලියන්න වෙන්නේ නැහැ නේද? (නි)
වඩාත්ම ප්‍රගතිශීලි යූඑන්පී විරෝධී පක්ෂයකට අපි ඡන්දය දෙනවා. (නි)
පකෂය කඩාගෙන නායකය වුන කෙනාට එයාලත් එක්කම ඉන්න කියලා ශ්‍රීලනිපෙ අය කොන්ද කෙලින් තියාගන පරාද වුනත් තමන්ගෙ පක්ෂයෙන් තරග කළ කෙනා එක්ක හිටියනම් මේ ප්‍රශ්ණ මොකුත් නෑ හත්පොලේ ගාගන දැන් හේතු කියනවා (කෞ)
මිනිස්සු බුලත් කොලේට ඡන්දෙ දුන්නේ සන්දාන ආණ්ඩුවක් හදන්න . චන්දෙ දුන්න කිසිකෙනෙක් කිව්වේ නැහැනේ හවුල් ආණ්ඩු හදන්න කියල අද තියෙන්නේ විකෘති පාලනයක් නායකින්ගේ බලය පවත්වාගන්න.අටවපු හවුල් අවුලක් මේක නියම ජන මතය නෙමේ. (බ)
ඔයාලා මොනවා කිවුවත් අපි මහින්ද රාජපක්ෂ එක්ක. එයා බුලත් බැරි නම් ගංජා කොළයෙන් ආවත් මේ පාර අපි එයා එක්ක. දෙන්නම් ඔයාලට! (නි)
බටහිර හා ඇමෙරිකන් විරෝධී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතුගාලා දාන්න ඕන (බ)
නායකත්වය කියන්නේ තව නායකයෝ හදලා සුදුසු වෙලාවේදී වගකීම් දීලා පක්ෂය, කණ්ඩායමේ ජයග්‍රහණය කරා මෙහෙයවන එක. ලංකාවේ ක්‍රිකට් ටීම් එකේ නායකයින්වත් ආදර්ශයට ගත්තා නම් ශ්‍රී.ල.නි.ප. යට ඔහොම වෙන්නේ නැහැ. මේ ඡන්දෙදි ගමටවත් වැඩක් ඇති උගත්, වංචා දුෂණ නැති හොඳ මනුස්සයෙක් පත්කර ගත්තා නම් ගමට හොඳක් වෙයි. (නි)
වාසියට ප්‍රතිපත්ති මාරුකරන අය ඉන්න පක්ෂයට වඩා අලුත් පක්ෂය හොඳයි (නි)
දැන් ඡන්දෙ ළඟයිනේ. දැන් ආයෙත් මහින්ද මහත්තය පිටේ නැගලා ගොඩ යන්න වගේ හදන්නේ (නි)
අපි නම් මහින්ද එක්ක.... (නි)
අයියෝ වෙච්ච දෙයක්.(හේ)
කවුරු දින්නත් මේ අය දිනුම්.(හේ)
ඉල්ලන් කනවා කියන්නේ මේවට තමයි. ඡන්දෙ දෙන ජනතාව දෙපාරක් ගොන්නුන්ට අන්දන්න බැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොනවා වුණත් අපිට කමක් නැහැ. අපි දෙන්නේ අලුත් පක්ෂයට. එ්ක ස්ථිරයි. පක්ෂය, පාක්ෂිකයන්ට ඇහුම්කන් නොදී කීපදෙනෙකුගේ හිතුමනාපයට තීන්දු ගන්නවා නම් එහෙම පක්ෂයකින් අපිට වැඩක් නැහැ. අපි අලුත් පක්ෂයට ඡන්දෙ දෙන්න තීරණය කරලා ඉවරයි (නි)
ඉල්ලන් කනවා කියන්නේ මේවට තමයි. ඡන්දෙ දෙන ජනතාව දෙපාරක් ගොන්නුන්ට අන්දන්න බැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෙන ගැහිලා ගියත් අපිට කමක් නැහැ. අපි දෙන්නේ අලුත් පක්ෂයට එ්ක ස්ථිරයි. (බ)
අපෝ (බ)
ඔය කට්ටියගේ සින්දු අපි ඇහුවා. ඔන්න බබෝ අලි එනවෝ. (බ)
නරකද ඕව අද ඉපදුන කෙකෙකුට කිව්වා නම්..(බ)