(නිමල කොඩිතුවක්කු)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක තවදුරටත් එක්ව දේශපාලනයක නිරත වෙනවාදැයි කියා  සලකා බලන්නැයි තරුණ මන්ත්‍රීවරුන් ලෙස  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කොළඹදී අද (11) පැවසීය.

පවුලක උනත් මෙහෙම යන්න පුළුවන් කමක් නොමැති බවත් ස්ථාවර දේශපාලන කඳවුරක් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගතයුතු බවත්  මන්ත්‍රීවරයා සඳහන් කලේය.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රීවරුන් පක්ෂ මූලස්ථානයේ කැඳවූ  ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමින් ඔහු මේ බව පැවසීය.

මේ සදහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, මිලාන් ජයතිලක, සහන් ප්‍රදීප් යන මහත්වරුන්ද එක්ව සිටියහ