ශ්රී ලංකා නිදහස් පක්ෂයේ එකමුතුකම සංධානයේ ජයග්‍රහණය බැවින් ඉදිරියේ දී පක්ෂයේ නායකයන් අතර සුහදතාවය වර්ධනය කර කටයුතු කිරීම සඳහා සුදුසු ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට අද පැවැති ශ්‍රීලනිප නියෝජිත හමුවේදී තීරණය කළ බව සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා කියයි.
ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන්, පළාත් සභා මැති ඇමැතිවරුන් හා අනුබද්ධ සංවිධානවල සහභාගීත්වයෙන් පදනම් ආයතනයේ දී එම විශේෂ හමුව පැවැත්විණි.
එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, කුමාර වෙල්ගම, ටී බී ඒකනායක සහ ඩිලාන් පෙරේරා මහත්වරු පත් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ගිය පාරත් බස් වලින් සෙනග ඇදලා ,සියලුම මාධ්‍ය තනිවම පාවිච්චි කරලා , පොලිසියේ , ත්‍රිවිධ හමුදාවලින් බලෙන් වැඩ අරගෙනත් පරාද වුණේ. (ම)
මම නම් කියන්නේ ආණ්ඩුවට කඩේ යන අය නම් ඕනෑම නැහැ කියලයි (නි)
මගේ ගේ උනත් ඔට්ටු දානවා මේ පාර යු එන් පී එක දිනනවා .ශ්‍රී ල නි ප බඩ යන්න පරාද වෙනවා. හොරු දේශපාලනයෙන් එළවා දමනවා (නදී)
මේ කමිටුවට අර මැතිණිය නැද්ද? (නි)
අපෝ එපෝ, මහින්දට ඔය හාල්පාරුවන්ගෙන් වැඩක් නැහැ. මුළු රටේම ජනතාව මහින්ද එක්කයි (නදී)
ඒ කියන්නේ ශ්‍රීලනිපය මෙච්චර කාලයක් ඇදී ඇදී ගිහින් තියෙන්නේ අසමගියෙන් කියන එකද?(ම)
අපි නම් ඉතින් මහින්ද රාජපක්ෂගේ පැත්තේ තමයි. (නි)
ශ්‍රීලනිප අතීසාරයට හය දෙනෙකුගෙන් අමුඩ කමිටුවක්! එජාප, ශ්‍රිලනිපය ප්‍රමුඛ හවුල් ආණ්ඩව ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකිරීම පිළිබඳව ජනතාවගේ දැඩි විරෝධයක් මේ වනවිට එල්ල වෙමින් පවතින අතර ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී සියලුම දූෂිතයින් හා දූෂිතයින් රකින පිරිසද ප්‍රතික්ෂේප කිරීමට ජනතාව පියවර ගත යුතුය. (ස)
මගේ සීයා මෙහෙම කියනවා : "යා දෙක නොරත රත - සමඟ පැහීමක් නැත" කියලා. ඒක නම් සම්පුර්ණ ඇත්ත !!! (නි)
රාණි, කමක් නැහැ. එකතු වුණොත් තවත් හොඳයිනෙ..! (නි)
විපක්ෂයට කඩේ යන කොන්ද පණ නැති අය නම් ඕනෑම නැහැ (නි)
අනේ මන්දා දැන් මොනවද වෙන්නේ කියලා (නි)
අපි නම් එස්.එල්.එෆ් .පී.එකට ඡන්දෙ දෙන්නේ නැහැ. (නි)
හොරු සමඟ හෙලුවෙන් නම් අපිට එපා. (නි)
රටට අවශ්‍ය ඔහු කළ වැරදි විග්‍රහ කිරීම නොව, නොකළ වැරදි සහ කළ හොඳ දේවල් සළකාබලා මහින්ද යළි ඉදිරියට ගෙනඒමයි. වැඩ නොකරන මිනිසෙකුගෙන් වැරදිද සිදු නොවේ. (නි)
කවුරු බලයට ආවත් අපිවයි රැවටෙන්නේ (නි)
ඔවුන් සමගි වෙන්නේ - අපිටයි වරදින්නේ.... මුල අමතක වන්නේ - මේ ඉතින් කොහේ යන්නේ.... (නි)