(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විශේෂ සම්මේලනයක් ලබන මස 04 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේදී පැවැත්වීමට එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ අද (26) රාත‍්‍රී පැවැති පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කර මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිධුරයට පත් කිරීම, නව ආණ්ඩුවක් පිහිටුවීමට බලපෑ සාධක සහ වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් පාක්ෂිකයින් දැනුවත් කිරීම සඳහා මෙම සම්මේලනය පවත්වන බව එම පක්‍ෂයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
විශේෂ සම්මේලනයේ සංවිධායක කටයුතු සඳහා වෙනම කමිටුවක්ද මධ්‍යම කාරක සභාව විසින් පත් කරනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකට මහින්දත් එනවද ?
පොහොට්ටුවේ කට්ටියත් එනවද ?