‘විශ්ව විද්‍යාල ශිෂ්‍යයා හා දේශපාලනය‘ යන තේමාවෙන් එක්දින වැඩමුළුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (30) පැවැත්විණි.
ශ්‍රී ලංකා නිදහස් ශිෂ්‍ය පෙරමුණ මගින් සංවිධානය කළ මෙම අවස්ථාවට ශ්‍රීලනිපයට සම්බන්ධ විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් එක්ව සිටි අතර අමාත්‍ය එස්.බී.දිසානායක, රංජිත් සියඹලාපිටිය, උතුරු මැද පළාත් මහ ඇමැති පේෂල ජයරත්න යන මහත්වරුද දැනුම්වත් කිරීමට එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනිල්ගේ කමෙන්ට් එකම ඇති. වෙන මුකුත් කියන්න දෙයක් නැහැ. (ර)
අනේ ළමයිනේ පත්තර වල මුණ දාගත්ත වගේ නෙමේ පක්ෂ දේශපාලනයට ගිහින් ඉස්සරහට අනා ගෙන නා ගන්නත් වෙයි. ෂයිඩ් එකෙන් ෂේප් වෙලා රස්සාවකට සුදුසු කම් ලබා ගන්න. කඩුව ටිකක් පොලිෂ් කර ගන්න. එතකොට ජීවිතය ජය ගන්න පුළුවන්. වයසක උපාධිධාරියා (නදී)
නියම කට්ටියනේ උගන්වන්න හොයාගෙන තියෙන්නේ! (නි)
සරසවි ටික කාපු එවුන්....මුන් මොනවා කියල දෙන්නද අබ සරණයි (බ)
සරසවිය විනාශ කළා (නදී)
ළමයි,ඔය එක එක දේශපාලන පක්ෂ වලට වැඩ කරන්නේ නැතුව එම කාලය භාවිත කර ඉගෙනගන්න. එහෙම නැත්නම් නව නිපැයුමක් සොයාගන්න බලන්න.මම ජීවත්වන ජර්මනියේ විශ්ව විද්‍යාල සිසුහු ඉගෙනීමට කාලය ගතකරන අතර, ඉතුරු කාලයේ රස්සාවක් කරති. එහෙමත් නැත්නම් මිතුරු මිතුරියන් සමඟ විනෝද වෙති (නි)
අනේද කියන්නේ... මේ සිසුන් මෙච්චර මෝඩද මෙයාලගේ කතා අහන්න. (ර)
කොහොම වුනත් ආපු සිසුන්ට ජොබ් ෂුවර්... (ර)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දේශපාලනය ගැන කියලා දෙන්න සරසවි සිසුන් 10-20ක් විතරද එකතු කරගන්න පුළුවන් වුණේ? (නි)
මේ කියන්න ඇත්තේ අන්තරේ කෙරුවාව වෙන්න ඇති 1985 වගේ කාල වල (නි)
ඕවට යන්නෙත් කොහොම අයද කියලා හිතාගන් පුලුවන් (නි)
මෙයාලා තමන් විශ්ව විද්‍යාලයේ හිටපු කාලේ කළ කී දේවල් කිවයුතුයි. එතකොට ළමයින්ට තේරුම් ගන්න පුළුවන් හොඳට (නි)
එස් බී ගේ දේශනා අහන්න යන විශ්ව විද්‍යාල සිසුනුත් ඉන්නවද අපොයි දෙවියනේ (බ)
එස් බී ගේ නුල් සුත්තර බලයට ඕනෑම පහත් වැඩක් කරනවා.මොවුන්ගෙන් දේශපාලනය ගැන ඉගෙන ගන්න දෙයක් නැහැ. ප්‍රතිපත්තියක් නැති කෙනෙක්.දේශපාලනයෙන් ඉවත් කළ යුතුයි.(බ)