ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු ගැන එහි සභාපති ද වන ජනපති සිරිසේන හා අනුශාසකවරයකු ද වන හිටපු ජනපති රාජපක්ෂ මහත්වරුන් අතර පාර්ලිමේන්තු දී අද (06) පැයක් පමණ පැවැති සාකච්ඡා සාර්ථක ව නිම වූ බව ඇමැති දුමින්ද දිසානායක මහතා එසැණට කීවේය.
විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රීලනිපයේ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ඇමැති රාජිත සේනාරත්න, ඇමැති දුමින්ද දිසානායක ජනපති සමඟ ද, මන්ත්‍රීවරුන් වන ජී එල් පීරිස්, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, කුමාර වෙල්ගම සහ මහින්දානන්ද අලුත්ගමගේ මහත්වරු හිටපු ජනපති සමඟ ද එම සාකච්ඡාවට සහභාගී වූහ.
පැය පමන කාලයක් පුරා පැවැති සාකච්ඡාවේ දී ශ්‍රීලනිපයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළ බවත්, පක්ෂයේ මහලේකම් ඒ ගැන පසුව නිවේදනයක් නිකුත් කරනු ඇති බවත් ඇමැති දිසානායක මහතා කීවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටියට අද කටඋත්තර නැතිවෙලා. නැත්තන් මොකවත් නාෙකියාම යැයියැ. කමක්නෑ රස්නේ ගියාම පස්සේ ගොතලා කියන්නොකො අපි අහල හොදනම් ඊලඟ ජන්දෙදි සලකන්නම් (ම)