
(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (04) සවස 5.00ට මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසේ දී රැස්වීමට නියමිතය.
ආණ්ඩුවෙන් ඉවත් වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී අද (03) රාත්‍රියේ රැස්වූ නමුත්, මන්ත්‍රිවරු දාහතර දෙනාගෙන් තිදෙනකු සහභාගී නොවීම නිසා, හෙට පස්වරුවේ රැස්වන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒ පිළිබද තීරණයක් ගැනීමට තීරණය කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හෙට හෝ අනිද්දා ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ ස්වාධීනව වෙනම අසුන් ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd