ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 30කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරි මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් තරඟ කිරීමට සාකච්ඡා අරඹා ඇතැයි පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ මහතා ලංකාදීපයට පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විරෝධය පළ කරන හිටපු මන්ත්‍රීවරුන් අතරින් දුමින්ද දිසානායක මහතා හැර සෙසු මන්ත්‍රීවරු එක්සත් ජාතික පෙරමුණ යටතේ අලියා ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද ඔහු සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ මහතාගේ පිළ පැරදවීමට හැකි උපරිම අයුරින් කටයුතු කරන බව ද වියන්ගොඩ මහතා සඳහන් කළේය.
රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, එම් කේ ඩී එස් ගුණවර්ධන මහත්වරු මුල සිටම එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා කළ බව දේශපාලන ආරංචි කියයි.
ජාතික හෙළ උරුමය සහ සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ ද එම පෙරමුණට සම්බන්ධ වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත්, මේ ගැන සාකච්ඡා වට ගණනාවක් සිකුරාදා (10) ස්ථාන කිහිපයක දී පැවැති බව දේශපාලන ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි භුක්තිවිදින පවතින ප්‍රජාතන්ත්‍රවාදය හා ජිවන මට්ටම ඉතිහාසය පුරා මිනිස්සු කළ දහස් ගණනක් වූ පරිශ්‍රමයන්ගේ එකතුවක්. රාජපක්ෂ පරාජය කිරීමත් එවැනිම පරිශුමයක් වන්නේ ඒ හරහා පුද්ගලයා නොව දූෂිත සංස්කෘතිය පරාජය කිරීමට මිනිස්සුන්ට ඇති වුවමනාව ප්‍රකාශවෙන නිසයි. යූඑන්පියෙත් අනෙක් පක්ෂවලත් දූෂිතයො ඉන්න බව ඇත්ත. එහෙත් ඔවුන් දිනවිය යුත්තේ එසේ කිරීමෙන් මුළුමනින්ම දූෂනය ඉවරවෙන නිසා නෙමෙයි, දූෂණයෙන් තොර සමාජයක ජීවත් වෙන්න මිනිස්සුන්ට ඇති අභිලාශය ප්‍රකාශ කරන්නයි. ඡන්දය හරහා කළ හැක්කේ මිනිස්සුන්ට තමන්ගේ අභිලාශය ප්‍රකාශ කිරීම පමණමයි. ඒ අභිලාශයට පිටුපාන ඔනම අයෙක් සමාජයේ සතුරන් වෙනවා. (නදී)
මේගොල්ල කොහෙට ගියත්, බුලත් කොලෙන් ඉල්ලුවත් ජනතාව රවටන්න මේ පාර අමාරුයි (නදී)
එක්කෝ දුෂිතයන් පක්ෂයෙන් එළවිය යුතුයි. නැතිනම් දුශිතයන්ටම පක්ෂය බාරදී තමන් යා යුතුයි. යන්න තියෙන්නෙත් එක තැනයි නේ, වෙන කොහේ යන්නද? හොඳ තීරණයක්. ජය වේවා (නදී)
ශ්‍රී ලංකාව දියුණු කරන්න පුළුවන් එකම පක්ෂය එජාපයයි. වැඩක් කළෙත් එජාපය විතරයි (නදී)
ජනවාරි 8 වැනිදා මහින්ද පැරදු බලවේග සියල්ල යලි එකම වේදිකාවක සිට නැවත මේ හොර නඩය පැරදවීම ජනතාවගේ යතුකමක්. හොරුන්ට කුඩුකාරයන්ට නැවත රට බාර නොදෙමු. (නදී)
රණවීර 1988, 1989 කාලයේ පාර්ලිමේන්තුවේ කැබිනට් එකේ හිටපු අය දැන් යු.එන්.පී එකෙන් අයින් වෙලාද ? (නදී)
මහින්ද ඇවිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිබුන එකමුතුකම සතුට ප්‍රීතිය ඔක්කොම නැතිකළා විනාශ කලා. එයාව ගෙනෙන්න කටයුතු කරපු හොර රැළට ලිස්ට් එකෙන් එන්න දුන්නේ කවුද...? ලිස්ට් එකෙන් එන්නේ ' පින් මන්ත්‍රීලා 'කිසිම ජන බලයක් නැති පින් හරක් ටිකක්. (නදී)
මටනම් හිතෙන්නේ මේ දෙගොල්ලොම වෙනසක් නෑ.. මහබැංකු ගනුදෙනු, රේගු කන්ටෙනේර් නිදහස් කිරීම් විනිමය නඩු තීන්දු වගේ අපැහැදිලි ගනුදෙනු රාජපක්ෂ රෙජිමේ දිගුවක් වගේ. අපි මෝඩයෝ වගේ මේ දෙගොල්ලොන්ටම ජන්දේ දීල දෙපිලකට වෙලා රන්ඩු වෙනවා.. මිතුරනේ අපි දැනුවත් වෙලා මේ රට මීට වඩා යහපත් රටක් කරන්න ජන්දෙ දෙන්න වෙනවා. (නදී)
කවුරු හරි කියනවා නම් අලියා සුපිරිසිදුයි කියලා, එ්ක වැරදියි. නමුත් ජනවාරි 8 දින ගෙදර යවපු මහින්ද මහත්තය එක්ක එයාට විරුද්දව කතා කරලා දැන් එයත් එක්ක එකට ඡන්දෙ ඉල්ලන එක හෘද සාක්ෂියක් තියෙන කෙනෙක්ට කරන්න බැරි වැඩක්. ඒ හින්ද මේ වෙලාවේ තියෙන හොඳම විකල්පය එජාපයයි. (නදී)
මෙවැනි පුද්ගලයන් ගැන විශ්වාශයක් තබන්නෝද මොවුන් සමඟ වැනසෙති. (නි)
මොළේ තියන 30 දෙනෙක් ඉන්නඑක ගැන සතුටුයි (නදී)
මේද පාර ජය නියතයි අලියාට...... (නදී)
ඔවුන් ඔවුන්ගේ උරුමය තිබෙන තැන හොයාගෙන යන්න ඇති (නි)
කලකදී වහලු කලකදී රස වෙනවාලු. මේ කියමන දේශපාලනයට පොදු ධර්මතාවයකි. ඔය ලිස්ට් එකේ ඉන්නවා 1977දි ගෙවල් ගිනිගත්තු අයත් 1989 දි ටයර් මාලයට බයේ හැංගුණු අයත්. එතකොට වහ දැන් රහ. (නදී)
අවසානයේ සියලු හොරු මිනීමරුවන් එකට එකතුවී ඇත. (නදී)
මේ දවල් මිගෙල් රෑ දනියල් නඩේ ගිය සතියේ එජාපයට බැනපු බැනිල්ලක්. අද අලියා පිට. හෙට අනිද්දා කොටිය පිට නැගගත් අපිටනම් පුදුම නෑ. මහින්දගේ වෙලාව හොදයි. කුල්ලෙන් පොල්ල බොල් ටික වෙන් වෙනවා වගේ ඡන්ද අඩුකරන උදවිය එජාපයට. (නදී)
ඒ ගොල්ලොන්ට අලියාගේ පිහිට නැතුව ගොඩ ඒමක් නැහැ,.එකයි පිල් මාරු කරන්නේ. කොහොම කරත් මහින්ද පරද්දන්න බැරි බවයි අපිට පෙනෙන්නේ. (අ)
එතන තමයි ඔවුන්ට ඔවුන්ගේ උරුමය තියෙන තැන..ලක්ෂ 62 ජනමතය තියෙන තැන.නැතුව සන්ධානයවත් ශ්‍රී ලංකා එකවත් නෙමෙයි.එතන තියෙන්නේ ලක්ෂ 58 ක මහින්ද මහත්තය වෙනුවෙන් වෙන් වුණ යහපාලන හොර නඩයට විරුද්ධ ජන මතය.අනුන්ගේ මත මංකොල්ල කන්න හදන්නේ නැතුව උරුමය තියෙන තැනට ගිහින් ඕන දෙයක් කරගන්න අපිට තවත් පවු නොදී.(අ)
කොහොමහරි අපි අපේ අරමුණට යායුතුයි (නි)
ජය වෙවා (අ)
බොහොම හොදයි ... කියලවත් කරගන්න බැරිදෙයක් සිදුවෙන්නේ.ඒ සියලු දෙනාම එක්සත් ජාතික පක්ෂයට ගියාම පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් විතරක් ඉතුරු වෙනවා.ඉතින් ඉදිරි ගමන සාර්ථකයි .කකුලෙන් අදින මාළුවෝ ටික අලි පවුලත් විනාශ කරවී මේ විදිහටම. මේකත් එක්සත් ජනතා නිදහස් සංධානය ලබපු ලොකුම ජයග්‍රහණයක්. සබැ දේශප්‍රේමීන්ට ජයවේවා !!!!!! ඔවුන් ගේ ජයග්‍රහණය අපි තහවුරු කරමු. !!! (අ)
මහින්ද රාජපක්ෂ පරාද කරන්න මේ කට්ටියට තියන කැපවීම උනන්දුව රට ජාතිය ආගම වෙනුවෙනුත් තිබුනා නම් මේ රට කොච්චර සුන්දර රටක් වේවිද. (නදී)
මෛත්‍රී කියන්නේ එජාපය සහ සන්දානයේ අදුෂිත කොටස් විසින් හදපු නායකයෙක් විනා පළමු පෙලේ දේශපාලන නායකයෙක් නෙවෙයි. එ්ක නිසා ආණ්ඩු හැදීමේදී මෛත්‍රී භූමිකාව ඉතා නොසැලකිය යුතු දෙයක් පමනයි. (නදී)
නියමයිනේ! (නි)
ලොකු දෙයක්. යන එකමයි හොඳ.... (නි)
මේ නිසා වාසි වෙන්නේ මහින්ද රාජපක්ෂට , මන්ද මේ අය ඡන්දෙට පස්සේ මන්ත්‍රී කම් අරගෙන ගියා නම් සංධානයට යන එනමං නැතිවෙනවා(අ)
කවදා අපි සැබෑ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙකුට ඡන්දයක් දෙන්නද? හැමදාම පොදු ඉත්තන්ටයි, ගෙම්බන්ටයි අපි ඡන්දෙ ගගහ ඉන්නවා. (අ)
අලියා දැන් කුලප්පු වෙලා ඉන්නේ බලාගෙනයි මහින්ද මැතිතුමාට ජයවේවා (අ)
ඔවුන් විසින් ගන්නා ලද හොද තීරණයක් (අ)
මහින්දට යන එන මන් නැති වෙයිද(අ)
ඔක්කොම කුනු බේරුවල බොක්කටනේ (නදී)
මේ අර යහපාලන කැබිනට්ටුවේ හිටපු අයනේ. ජාතික හැඟීමෙන්ම තමයි යන්න ඇත්තේ! (නදී)
පිරිසිඳුකම ගැන තේරුමක් නැහැ වගේ (නදී)
එන්න කියන්නකෝ ඩුබායි තිලක්.අපිත් ආසාවෙන් ඉන්නේ. (නි)
88/89 මතකද (අ)
බීම බෝතලේ ඉන්න අලියනම් හැමෝටම වැඩිය හරිම හොඳයි (අ)
ඇත්ත අලීන් තෝරාගන්න ගිහින් අලි ඡන්ද දායකයින් ඉමහත් අලි අමාරුවක වැටීමට ඉඩ තිබේ. කොට ඇදපු අලින් පෙරහරේ යවන්න ඔවුන්ට පුළුවන් වේවිද? (අ)
මම බොහොම පැහැදිලිව කියනවා මම කියනදේවල් අපැහැදිලියි කියල. මම බොහොම වගකීමෙන් කියනවා මම කියන්නේ වගකීමෙන් තොර දේවල් කියල. (අ)
ජනවාරි 8 බලවේගය නැවත ප්‍රතිසන්විදානය වුණාම දිනන එක සුළුදෙයක්, සිරිසේන මහත්තයා වට කිසියම් ජාතික බලවේගයක් තිබුනේ නැහැනේ.(අ)
අපිට දැන් උලත් එකයි පිලත් එකයි ඉන්නකම් ජරා වැඩ සහ පවා දීම් බල බලා ඉන්න එකයි තියෙන්නේ. අනේ මෙහෙමෙ රටක් (අ)
පුද්ගල වන්දනාවේ යන්නේ නැතුව ජනතාවට සහන සලසන රටට වැඩක් කරන පක්ෂයකට ජන්දය දෙන්න. විනයක් ඇති බුද්දිමත් අය පාර්ලිමේන්තුවට යවන්න..(නදී)
ජයවේවා (අ)
රටේ ජනතාවගේ බලාපොරොත්තුව ඉටුකිරීමට ශක්තියකි (අ)
දැන් තමා රටට යහපතක් වෙන්නේ කට්ටියම ඔහොම යමු ලබන 17 වනදායින් පස්සේ කට්ටියගෙම රැකියා ප්‍රශ්නය විසඳෙයි (අ)
ජයවැව(අ)
විජිත්, ඔයා නම් නියම ඇත්ත කියලා තියෙනවා. (නදී)
ඔය රැළට වික්‍රමබාහුත් හිටියනම් හරි (අ)
ජයවේවා ජයවේවා!! (නි)
ෆිඑල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාව ජනාදිපති කරව ගන්න නොලැබුණේ අපේ දරුවන්ගේ අවාසනාවටයි .එහෙම වුනානම් රාජපක්ෂලා සහ කඹ හොර කල්ලිය මේ වෙනකොට රටෙත් නැහැහොරුන්ට රට කන්න ඉඩ තියන්නෙත් නැහැ. (අ)
සංධානයේ ජන පදනමක් නැති අය ජනපතිගේ දනුවත්කමත් ඇතුව අලියා පිටින් පාර්ලිමේන්තු ගොස් අලියාගෙන් ඇත් වෙනු ඇත. හැමදාම එජාප යට වුණේ අනිත් පක්ෂවල අය දිනවීමට මිස ගමේ පිරිසිදු යුඇම්පි අපේක්ෂකයෝ දිනවීම නොව.(අ)
එන්න කියන්නකෝ ඩුබායි තිලක්. අපිත් අාසාවෙන් ඉන්නේ.
පිවිතුරු යහපාලට හරියන්නේ බවලතුන් උයන කුස්සියක් නැති නම් නාන ලිඳක්. කටමැත දොඩවමින් ඉන්න අපුරු තැන. දැන් දේශපාලන කේවට්ටකම කළා ඇති නේද ? (නදී)
මගේ අදහසනම් ඕනෙම පක්ෂයක් බොහෝ කාලයක් බලයේ සිටිය යුතු නැත. සංවර්ධනයේ නාමයෙන් රට මංකොල්ලකන්න දිය යුතු නැත. නව සංධානයට අපෙ සහය (අ)
එන්න කියන්නකෝ ඩුබායි තිලක්..අපිත් අසාවෙන් ඉන්නේ. (නදී)
ජය සතුට (අ)
මේ හොරු යන එක තමා වඩා වැදගත්. රටට සේවය කරන යහපත් පිරිසක් පහල වේවා!. (අ)
යහපාලනේ හොරුද (නදී)
ඩුබායි තිලක් , සරත් ෆොන්සේකා ජනාධිපති නුනේ අපේ දරුවන්ගේ වාසනාවට . පේනවද පව්ල් දේශපාලනය කියල බෙරිහන් දීල අන්තිමට පව්ල පිටින් පාර්ලිමේන්තුවට යන්න හදනවා . අඩු ගානේ එකින් වත් රටට ආදර්ශයක් දුන්නම් මිනිස්සු සලක බලයි . දැන් ඉතින් ගෙදර තමා.(අ)
ජයවේවා! (නි)
අලියාගේ පිට සුපිරිසිදුද? (නි)
මේ එන්.ජි .ඕ. කාරයන් නටන්නේ ඩොලර් වලට.(නදී)
ලොකු දෙයක් (නදී)
යහපත් දේශපාලන යුග පෙරළිය නොනවත්වා ගමන් කළයුතුව ඇත. විවිධ පක්ෂ සිය අරමුණු හා රටේ අවශ්‍යතාවය මුල්කොට ගනිමින් ඒ සඳහා ප්‍රධාන පක්ෂ මෙහෙයවිය යුතුයි. (නි)
යන්න යන්න. හැබැයි ආයෙත් මේ පැත්තට එනවා නෙමෙයි. (නි)
ෆිඑල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ජනාදිපති වුනානම් රාජපක්ෂලාට ලංකාවේ පස් පාගන්න ඉඩ දෙන්නේ නැහැ. ගිය අය ලංකාව දිහා බලාගෙන බත් කන්නෙත් නැහැ. ඒ කියන දේ කරන,කරන දේ කියන කොන්දක් තිබෙන විසිස්ට නායකයෙක් නිසයි. මේ රට හොර කල්ලියෙන් නිදහස් කර ගන්න නම් අපිට ඕනේ එහම නායකයෙක් මිසක් වැනෙන සුළු නායකයෙක් නෙමෙයි. (නදී)
මේක නම් කියලවත් කරව ගන්න බැරි හොඳක්. මහින්දගේ වෙලාව හොඳ වෙලා වගේ. (නදී)
වියන්ගොඩට සහ සරත් විජේසුරියට අපි පස්සේ හොදට සලකමු නේද ? (නදී)
හොරුන්ව පරදන්න සියලු බලවේග එක්වන්න. ජනපතිට බැරිදේ ජනතාවට භාර කරමු. (නදී)
එජාපය නිමයි (නදී)
රටට අදරේ නම් අනිවාර්යයෙන් මෙවැනි පියවරක් ගත යුතුමයි. (නදී)
හොරු නොවන ඕනෑම කෙනෙක් වෙනුවෙන් එජාපය විවෘතයි (නදී)
30 ම හොරු ද (නදී)
දැන් තියෙන්නේ "කම්බ හොරුද" , "හොරුද" නැත්නම් "හොරු නොවන අයද" කියන එක. (නදී)
ඩුබායි තිලක් රෙජිෆෝම් කේක් ගෙඩියක් බදාගෙන අනිත් අයට කවන්න හදනවා. අපිට අං නැහැ ඔයාට වගේ..ඔයාම ඕක කන්න..අපි 17 වෙනිදට කේක් කනවා..ඔය වගේ රෙජිෆෝම් අයිසින් ගොඩවල් නෙමෙයි..නියම ලිට්ල් ලයන් බටර් කේක්.. (නදී)
පක්ෂයට වඩා රට ගැන හිතන නායකයන් අගයමු. ජය වේවා (නදී)
දැන්වත් ජනතාවට නිවැරදි තීන්දුව ගැනීම බාරයි. සුද රෙදි අැඳ ගත් තක්කඩින් ගෙදර යවමු. මහා පාවා දීම හෙලා දකිමු. (නදී)
ඔය කියන අය පොදු පෙරමුණෙන් ආවත් තවත් පරාදයි (නදී)
ඩුබායි වැසිකිලිය ආයෙත් ඇරලා වගේ. (නදී)
පහුගිය මාස 6 තුල කරපු වැඩක් නැහැ රට පස්සට ගිය එක විතරයි (නදී)
හරියට හරි සමන්ත ජනවාරි 8 ද දුන් ජනතා තීන්දුව ජනාධිපතිට අමතක වුනාට අපට මතකයි. ඒ පෙරමුණ හෙට දින වන විට නව යව්වනයේ බලයත් සමග පෙරට ඒවි. (නදී)
එජාපයත් ඉවරයි (නදී)
මියෝ ටික, නැව ගිලෙනවා කියලා හිතාගෙන,නැව හැර දුවනවා. (අ)
විජයග්‍රහණය කර පැය 24 රෙන් කම්බා හොරුන්ට/මෙහා හොරුන්ට දැඩි දඩුවම් දෙනවා/නැවත එම දන්ස්කන්දය ජනතා සතු කරනවා කියන පොරොන්දුව දැන් කොන්දක් තිබෙන කෙනෙකුට ඡන්දය දෙනවා. (නදී)
අන්න පිවිතුරු යහපලගේ දෙවියා එක්ක තරග කරන්න ෆිඑල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කුරුණෑගලින් ඡන්දෙ ඉල්ලන්න එනවලු.මේ සැරේ තමන්යි මහින්දට ගෙදරටම නෙමෙයි මහගෙදරටම යන්න සිද්දවෙන්නේ. (අ)
මෙහෙම බුරුතු පිටින් යන්න ගියොත් සන්ධානෙට ලංකාවෙන්ම ඡන්ද ලක්ෂයක්වත් එකතුකර ගන්න බැරිවෙයි. (නදී)
ජය ජය මහින්ද ? (නදී)
දුමින්ද සුපිරිසිදු බව කෙසේ වෙතත් සාපේක්ෂව අලියා හොඳියි. ඔයත් එක පිලිගන්නවා ඇති (නදී)
ඉතා නිවැරදි තීරණයක්.(නදී)
මෙය තමයි විය යුත්තේ ජනතා දුෂකයන් හට නිසි පිලිතුරු (නදී)
සුපිරිසිදු පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි (නදී)
මහින්ද රාජපක්ෂ පරද්දන්න මේ මිනිස්සුන්ට තියන උවමනාව කැපවීම රට ජාතිය ආගම වෙනුවෙන් තිබුනා නම් මේ රට කොච්චර සුන්දර රටක් වේවිද.. (නදී)
ජනවාරි අට වෙනිදා ගෙදර යවපු දූෂිත පාලනය නැවත මේ රටේ ඇතිවෙන්න ඉඩ නොදිය යුතුයි. ඒ සදහා සියලු බලවේග එකට එකතුවිය යුතුයි. (නදී)
වැඩේ නම් හොඳයි. නමුත් මේ අය වෙනම ඉල්ලුවානම් තමයි වඩාත් හොඳ (නදී)
අලියාගේ කට්ටිය දන්නවා තනියම දිනන්න බෑ කියලා.. ඒක වෙන්නැති වටේ පිටේ ඉන්න අනාථ කට්ටිය එකතු කරන්නේ.. (නදී)