‘තමා සන්ධානයෙන් ඉවත් වී ජනපතිවරණය ජයගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම ගත්තේ කුමකටදැයි ප්‍රශ්නයක් ඇති බව දන්නා බවත් එහෙම කළේ වැදගත් හේතුවකට බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොළොන්නරුව තෝපාවැව විදුහලේ ජනාභිනන්දන උත්සවයේදී පැවසීය.

 ජනපති වු පසුව ඔහු පොළොන්නරුවට ගිය මුල්ම අවස්ථාව මෙයයි.ජනපති පිළිගැනීමට ඉදිකැර තිබුණේ එකම තොරණක් පමණි.ජනපති හා අගමැති ගමන් කළේ එකම රථයකිනි.

‘නව රජයේ දින සියයයේ වැඩසටහනට ශ්‍රී ල නි ප යේ සහය ගන්න ඕනෑ. ඒ සහය නැතිනම් අපට ඉදිරියට යන්න බෑ. ඇයි පාර්ලිමේන්තුව  විසුරුවන්නට බැරිදැයි කෙනෙකු අසන්නට පුළුවන්. ඔව් එහෙම කළ හැකියි. එවිට දින සීයත් ඉවරයි. අපේ සැලැසුමත් ඉවරයි.මේ ගමන යා යුත්තේ  ශ්‍රීලනිප ද සමගයි.‘

_DSC0120 _DSC0136 _DSC0167 _DSC0178 _DSC0188 _DSC0190 _DSC0198 _DSC0212 _DSC0283