ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහ ලේකම් පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් එහි සභාපතිත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලබාදිම නිතිවිරෝධි බවත් එම සභාපතිත්වය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදිය යුතු බවත් සඳහන් කරමින් කොළඹ දිසා අධිකරණයේ ශ්‍රීලනිප සම කාරක සභා සභිකයන් වන අරුණ ප්‍රියශාන්ත, අසංක ශ්‍රිනාත් යන අය ගොනු කැර තිබු නඩුව අද (14) විභාගයට ගැණිනි.
ගොනු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීම් පළකිරීමට කොළඹ දිසා විනිසුරු එස්.ඩී.මොරවක මහතා අද (14) අවසර ලබා දුන්නේය.
පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී පළමු වගඋත්තරකරු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ දෙවන වගඋත්තරකාර එම පක්ෂයේ හිටපු මහ ලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා වෙනුවෙන් වන පෙරකලාසි අධිකරණය හමුවේ ගොනු කැරිණි.
ඒ අනුව මෙම පැමිණිල්ල ලබන පෙබරවාරි 20 වැනිදා යළි කැඳවීමට නියමිතය.
පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ වගඋත්තරකාර හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා විසින් පැමිණිල්ල පවත්වා ගෙන යා නොහැකි බව දන්වමින් අධිකරණය හමුවේ විරෝධතා ගොනු කළේය.
බොරලැස්ගමුව වේරහැර , ගංගාරාම පාරේ අංක 12 දරණ ස්ථානයේ පදිංචි අරුණ ප‍්‍රියශාන්ත ,සහ මත්තේගොඩ පදිංචි දොන් අසංක නන්දන ශ්‍රීනාත් යන දෙදෙනා ගොනු කළ මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එම පක්ෂයේ 2014 වසරේ දෙසැම්බර් මාසය වන විට පක්ෂ මහලේකම් වශයෙන් කටයුතු කළ අනුර ප‍්‍රියදර්ශන යාපා නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිමල්, පරණ දේවල් ගැන සිහින මවන්නේ නැතුව අද දින ගැන සෝදිසිවන්න. (නි)
තාම හොරුන්ට කඩේ යන අය ඉන්නවානේ? (නි)
නිමල් සිල්වා, හොඳ දෙයක් කරනකොට නඩු ඕනෑ නැහැ. චන්ද්‍රිකා වෙනුවන් කතාකරන කෙනෙක් මම මේ දැක්කමයි. (නි)
එතකොට එදා චන්ද්‍රිකා මැඩම්ව නෙරපනකොට නඩු කෝ ...කෝ ..කෝ...(බ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද පනස් හතර ලක්ෂයක් ලැබූ කෙනා තමා එහි නායකයා වියයුත්තේ (නි)