මහින්ද රාජපක්ෂ මහතා  සැලුන්දොර  ඉබේම වැසී ඇතැයි ද ඒ වෙනුවට  රනිල් වික්‍රමසිංහ මහතාගේ  සැලුන්දොර  විවෘත කර  ඇතැයි ද සමාජ සේවා සුබසාධන හා  පංශු සම්පත් ඇමැති  පි.හැරිසන් මහතා  අනුරාධපුරයේ  අද (05) පැවැති  මාධ්‍ය  හමුවකදී  පැවසුවේය.

රාජපක්ෂ මහතාට නාම යෝජනා  ලබාදෙන බවට  එජානිස කිව්වත්  එය ස්ථිරවම ප්‍රකාශ වී  නැතැයි ද ඒ  ගැන සැකයක් පවතින බව ඇමැතිවරයා  කීවේය.

ළඟදීම ශ්‍රිලනිපයේ ප්‍රබලයන් විසිදෙනෙකු  වැඩි ගණනක්  එජාපයට  එකතුවන බවත්  ඉදිරි මහ මැතිවරණයෙන්  එජාපයට  ස්ථිරවම ජය ගෙන ශ්‍රිලනිපය සහ තවත් පක්ෂ කිහිපයක් එක්ව ජාතික ආණ්ඩුවක්  පිහිටවන බව ප්‍රකාශ  කළේය.

මහින්ද රාජපක්ෂ මහතා  අපට  අභියෝගයක්  නොවන බවත්  ඔහු ජනතාව ප්‍රතික්ෂේප කළ නායකයෙකු  වන අතර  නැවත බලයට  පැමිණිමට  නොහැකි බව තවදුරටත්  හැරිසන්  මහතා  කීවේය.