ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක පක්ෂය දිය කිරීමේ වෑයමක නිරත වී සිටින බව එම පක්ෂයේ භික්ෂු සංවිධානයේ සභාපති රැකව ජිනරතන හිමියෝ අද (28) ප්‍රකාශ කළහ.
දුමින්ද දිසානායක මහතා ඇතුළු කණ්ඩායම දිගින් දිගටම මේ ආකාරයෙන් කටයුතු කළහොත් ඉදිරියේදී වෙනම භික්ෂු පෙරමුණක් ලෙස කටයුතු කරන බව ද ජිනරතන හිමියෝ කීහ.
කොළඹ පුංචි බොරැල්ල ශ්‍රී වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් භික්ෂු සංවිධානයේ මාධ්‍ය හමුවක් අමතමින් ජිනරතන හිමියෝ එම කරුණු පැවසූහ.
අද වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයන් නොසලකා හැර ඇතැයි ද ඔවුන් දැඩි කනස්සල්ලට පත්ව ඇතැයි ද ජිනරතන හිමියෝ එහිදි කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේ කියන කතාව හරි. භික්ෂු සංවිධානයට පමණක් නොවෙයි සියලු සාමාජිකයින්ට පක්ෂය එපාවෙලා. ඉක්මනට මල් පොහොට්ටුව හා සම්බන්ධ වී භික්ෂු සංවිධානයක් පිහිටුවන්න. මේ වෙලාවේ එඩිතරව කටයුතු කළේ නැත්නම් රටත් ජාතියත් විනාශයි (නි)
කරුණාකරලා හාමුදුරුවෝ ඔය පක්ෂ බදාගෙන ඉන්නේ නැතුව ජාතියට වැඩකරන්න (නි)
අර සමහරු කරනවා වගේ ආණ්ඩුවට පන්දම් අල්ලන්න. උතුරු නැගෙනහිර අයට රට පාවාදෙන්න උදවු කරන්න. එතකොට හරි (නි)
නිවන් මඟ සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් වැඩකටයුතු සම්පාදනය කරන්න පටන්ගන්නේ කවදද අපේ හාමුදුරුවනේ? (නි)
බුදු හාමුදුරුවෝ ඇතුළු මහා රහතන් වහන්සේලා මොන පක්ෂයේද දන්නේ නැහැ හිටියේ. දැන්වත් ඔය පක්ෂ පැත්තක තියලා ආගමට දහමට මොනවාහරි කරන්න බලන්න. නැත්නම් සිවුර පැත්තක තියලා ඕනෑ දෙයක් කරගන්න. (නි)
මට ලොකු ප්‍රශ්නයක්. බුදුහාමුදුරුවෝ මොන පක්ෂයේද දන්නේ නැහැ. දන්නේ නැති නිසයි අහන්නේ... (නි)
එයාලා කොහොමත් සියළු දෙයින් අත්මිදිලා සියල්ල අත්හැරලා ඉන්න ඕනෑ (නි)
සුනිල්.. කෙනෙක් මහණ වෙන්නෙ ජීවිතේ/සංසාරේ කලකිරිල නෙමෙයි. ජීවිතේ/සංසාරේ ගැන යථා අවබෝධය ලබලා... ජීවිතේ/සංසාරේ කලකිරිල කියන එක වැරදි යෙදුමක්....(බ)
භික්ෂු සංගමයට පමණක් නොවේ, සිල්වත් දායක සියලු දෙනාටත් හිතන්න වෙලා මේ දේවාලේ තවත් ඉන්නවද කියල. (බ)
ඔබ වහන්සෙට දැන්වත් තේරුණ එකම මදැයි..(බ)
හාමුදුරුවරුන්ට තියන්නේ ගිහියන්ට විමුක්ති මාර්ගය කියල දෙන්න. (බ)
හාමුදුරුවෝ දේශපාලනෙන් අත්වෙලා ඉන්න (හේ)
ලොකු ප්‍රශ්නයක්.(හේ)
කනස්සල්ල වැඩිම නම් බණක් බාවනාවක් කරගෙන ඉන්න නුවණ සැපත් වේවා (බ)
හාමුදුරුවනේ, නිකාය තුන එකතු කරලා එක සංවිධානයක් යටතේ ධර්මය ප්‍රචාරය කරන්න. (නි)
හාමුදුරුවරු සංසාරේ කළකිරිලා නේද ඉන්නේ? ගිහියන්ගේ වැඩ ඔබවහන්සේලාගේ වැඩ කරගැනීම අකැපයි. බුදුහාමුදුරුවන්ගේ අඩි පාරේ ගමන් කරන්න. (නි)
ගිහියන්ට අයිති වැඩ පැවිද්දන් කරන්න යන එකත්, පැවිද්දන් කළයුතු දේ ගිහියන් කරන්න යන එකත් දෙකම වැරදියි. මේක තේරුම් නොගත් ගිහියොත් ඉන්නවා පැවිද්දොත් ඉන්නවා. (නි)
මොකද දන්නෙ නැහැ මේ එකපාරටම? (නි)
අනේ හාමුදුරුවනේ, පිනක් දහමක් කරලා වැඩවාසය කරන්න. දේශපාලනේ කරන්න ඕනෑ නම් ගිහියකු වන්න (නි)