ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ අපේක්ෂකයෝ මහවැලි කේන්ද්‍රයේ දී අද (10) උදේ නාමයෝජනා අත්සන් කිරීම ඇරැඹූහ.
හිටපු කතානායක චමල් රාජපක්ෂ, බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග, නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් චරිත හේරත්, මහරගම නගර සභාපතිනි කාන්ති කොඩිකාර ඇතුළු පිරිසක් නාමයෝජනා අත්සන් කිරීමට පැමිණ සිටිති.
එම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට ඇතුළට යෑමට ඉඩ නොදෙන ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීයැයි ආරක්ෂකයෝ කියති.
ගේට්ටුව වසා ඇති නිසා මාධ්‍යවේදීහු මහවැලි කෙන්ද්‍රය අසල පාරේ සිටිති.
ප්‍රසන්න රණතුංග මහතාගේ ඡායාරූප ශිල්පියාට හා තවත් ඡායාරූප ශිල්පියකුට පමණක් ඇතුළට යෑමට අවසර ලැබිණි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකියන කට්ටියට නාමයෝජනා දෙන්නේ නැතිබවක් කියවුනා ටික දවසකට කලින්...අනේමන්ද...කොහොමත් මේපාර ඡන්දෙ මහා නස්පැත්තියක් වෙනවා... (ස)
මේ සියලු දෙනාට දුන්න නම් දුමින්ද සිල්වාට නොදෙන්නේ කුමක් නිසාද? (හේ)
මෙවර හොද තරගයක් බලා ගත හැකියි.(හේ)
චමල් රාජපක්ෂ දේශපාලනයෙන් අයින් වෙනවා කිව්වා නේද? (ස)
තරඟයක් නැත. මෙම අයට සියලු සම්පත් භාවිතා කර ලබා ගත් 58 ලක්ෂය ලබාගත නොහැක. රටේ ජනතාව බුද්ධිමත්. (ස)
ගීතා අක්කා නිකන් බ්රේක් නැතුව කණ්නාඩියක හැප්පුණු තාරාවෙක් වගේනේ. (ස)
මෙතන වෙන්නේ නියම ගැටේ. මහින්දට දුන්න කිවුවට දුන්නේ නෑ. හරියට සඳුදා දවල් වෙනකොට නම කපනවා. වෙන එකකින්වත් දෙන්නත් බැරි වෙනවා. ලක්ෂ 62ක් ජනතාවගේ පැතුම් ඉටුවෙනවා. ටිකිරි මොලේ හිටන්. (ස)
මේ නයිට් ක්ලබ් ගිය අයටත් දෙන්නේ නෑ කීව නේද? (ස)
ලක්ෂ 62 දැන් මහින්ද එකතුවට ජය වේවා (ම)
මේ කියන කට්ටියට නාම යෝජනා දෙන්නේ නැති බවක් කියවුනා ටික දවසකට කලින්...අනේ මන්ද...කොහොමත් මේපාර ඡන්දෙ මහා නස්පැත්තියක් වෙනවා... (නදී)
ජනාධිපති වරණය සහ මහා මැතිවරණය අතර වෙනස සමහරුන්ට තවම දන්නේ නැහැ වගේ. මහින්ද ජනාදිපතිවරණයේදී මුළු ලංකාවෙන් ඡන්ද ලක්ෂ 58ක් ගත්තට ඕනෑම දිස්ත්‍රික්කයකින් ඉදිරිපත් වුණොත් ඔහුට ලබා ගත හැකි උපරිම මනාප ලක්ෂ 2ක් පමණ බව දන්නේ නැද්ද? (ම)
මෛත්‍රී මහත්තයාගේ ලක්ෂ 62යි මහින්ද මහත්තයාගේ ලක්ෂ 58යි ලක්ෂ 130ක් අරගෙන අපි ආණ්ඩුව හදනවා (ම)