මහ මැතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් නාමයෝජනා තේරීම් කණ්ඩායම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රී රැස්වීමට නියමිතය.
සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, එස් බී දිසානායක සහ මහින්ද අමරවීර මහත්වරු ඇතුළු පිරිසක් එම කමිටුවේ සෙසු සාමාජිකයෝ ය.
අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රමුඛ ඛණ්ඩායමක් විසින් සැකසූ නාමයෝජනා පත්‍රයේ ඇති නම් කිහිපයක් අද රාත්‍රී රැස්වෙන නාමයෝජනා කමිටුවේ දී කපා හැරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි කියයි.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට නාමයෝජනා දීම සම්බන්ධ අවසන් තීරණය ද ජනපති විසින් අද රාත්‍රී ගනිතියි එම ආරංචි සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද රාජපක්ෂ මහත්තයට මඩ ගහල ගොඩ ගිය අයද දැන් මහින්ද මහත්තයා ගැන තීරණය ගන්නේ? මේවට තමයි අපිට අර කොහෙන්ද හිනා යන්නේ? අනේ යන්න මහත්තයෝ යන්න, ගහ දන්නා අපිට කොළ කඩා පාන්නේ නැතිව? (නදී)
ජනාදිපතිතුමනි, වැඳලා ඉල්ලන්නම් හොර රැලට නම් අවස්තාව දෙන්න එපා. අපිට ව්‍යාපාරයක්වත් කරගන්න දුන්නේ නැහැ ඔය සන්විදානාත්මක පහුගිය හොර කල්ලිය. (නදී)
මේ සැරේ පුලුවන් නම් මහින්දට ලක්ෂ 10 ක් අරගෙන පෙන්වන්නකෝ. (නදී)
මේක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ එක අංගයක් හැටියට හැමෝම සලකන්න ඕනා. පක්ෂ සභාපති හැටියට ජනාධිපති සිරිසේන මැතිතුමාගේ තීරණය අවසන් තිරණය විය යුතුයි. රටේ ප්‍රධාන පුරවැසියා හැටියට ජනාධිපති තුමා රටේ අනාගතය ගැන ඉතාමත් හොඳින් කල්පනා කරන බව මින් හොඳින් පේනවා.....(නදී)
රටක් නෙමෙයි ගමක ග්‍රාමසේවක තනතුරක්වත් දෙන්න නම් හීනෙකින්වත් හිතන්නවත් එපා. මොනවද මාස 6 යක් යන්න කලින් ගමත් විකුනම් කාවි. ඒක ඉර හද වගේ විස්වාසයි. (නදී)
8 වෙනිදා රෑ කරන්න ගිය හමුදා කුමන්ත්‍රණය ගැන මොන තරම් සාක්ෂි තිබුනද? එදාම බෙහෙත් දුන්න නම් ඔය ලෙඩේ එතැනින්ම කඩා ගන්න තිබුනා ලෙඩේ ඔඩු දුවන්න කලින්ම. දැන් ඉතින් හොඳ බඩ විරේකයක් දීලම සුද්දම කරලා දාන්නයි තියෙන්නේ නැවත එන මැතිවරණයේදී. එදාටවත් "චුත" වෙන්නේ නැතුව.(නදී)
ඔය මල්වට්ටිය අතට ගන්නකොටම මම හිතුවා මොකාටද එන්න හදන්නේ කියල. (නදී)
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමනේ! ජනවාරි 8 වෙනිදා අප ඔබ කෙරේ තැබූ විශ්වාශ්යට ඔබ තුමා පයින් නොගසනු ඇතැයි යන්න අපගේ පරම විශ්වාසයයි. දේශපාලනය සුදුවක් නොවන බව ඔබ තුමාවත් තේරුම් ගෙන මෙතෙක් සූදු කෙලි සැවොම ගෙදර යවන්න. යහපාලනයට දේශපාලන තේරුමක් නොව සදාචාරාත්මක තේරුමක් දෙන්න. ඔබට ලැබූ ලක්ෂ 62ක වැඩි කර ගැනීම මිස අඩු කරගන්න මොන ලෙසකින් වත් කටයුතු කරන්න එපා. (නදී)
අප්පච්චි කියල කියන්න ලජ්ජා නැද්ද මනුස්සයෝ....(නදී)
මහින්දගේ නම කැපුවොත්, මෛත්‍රී නිදහස් පක්ෂේ බෙල්ල කපා ගත්තා වෙනවා(නදී)
කරුණ කරලා මම ලියාගෙන යන "රාජපක්ෂවරුන් රටම ගසා කෑමේ පන්සීය පනස් ජාතක කතා වස්තුව" නමැති පොත අරගෙන බලන්න. සත්‍ය වටහා ගන්න. (නදී)
ප්‍රේමරත්න, ඔහුව බහුතර ඡන්දෙන් මාස හයකට පෙර ගෙදර අැරිය බව අමතක උනාද ? ඔබ හිතනවද නැවත ජනතාව පත් කරගනී කියලා. ඒ වගේම මෛත්‍රී ජනපති තුමන් උනත් ගත්තේ වැරදි තීරණයක් කියල හිතෙන කොට ප්‍රමාද වැඩ්යි (නදී)
දුෂිතයන් බේරන්න ගේමක් දෙන්න නම් හිතන්න එපා (නදී)
මහින්ද නැතුව නම් ශ්‍රීලනිපය පරදිනවා. රනිල් ඕනා එ්ක තමයි. යු.ඇනිපිය මහින්දට බයයි. පරණ බය තවම තියෙනවා. පහුගිය මාස හයට රට අවුරුදු 6 ක් ආපස්සට ගියා (නදී)
මහින්ද සදාකල් දිනේවා! ඔබයි රට බේරාදුන්නේ. (නි)
මේ තීරණය බලලා තමයි අපිත් තීරණයක් ගන්නේ (නි)
අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමා මේතරමට ඉක්මනට අතීතය අමතක කළ එක. ජනවාරි 8 මේ රටේ මිනිස්සු කළ පෙරළිය, දුෂකයන්ට එරෙහිව ජීවිත පරිත්‍යාගයෙන් කළ දෙයක්.කිව්වේ නම් කිසිම දුෂණ චෝදනාවක් තිබෙන කෙනෙකුට ආයෙත් එන්න දෙන්නේ නැහැ කියලා නේද? ඉතින් කොහොමද මේ ඉක්මනට ඒ සියළු දේවල් අමතකවුණේ? (නි)
මේ අදහස් දෙස බැලුවාම 100% විශ්වාසයක් අපිට තියෙනවා මහින්ද ආයෙත් පාරක් නම් බලයට එන්නේ නැහැ කියලා. අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක්! (නි)
ජනාධිපති වෙලා හිටපු කෙනෙකුට ලැජ්ජා නැද්ද මන්ත්‍රී කෙනෙක් විදිහට ආයෙත් පාර්ලිමේන්තුවට යන්න? (නි)
අවංකවම යහපාලනය වෙනුවෙන් කටයුතු කළ අපට නම් මහින්ද හෙවත් මහේන්ද්‍ර එපා. පිනක් දහමක් කරගෙන ගෙදරට වෙලා ඉන්න දෙන්න .ගත්තොත් ඇනයක් වෙනවමයි.රෙද්ද අස්සේ දා ගෙන කනවෝ කියල අපිට නම් කියන්න එන්න එපා. (නදී)
මේක හරියට ගෙදරක හිටපු ආදරණීය පවුලක ආදරණීය අප්පච්චිව ගෙදරට එළවලා දැම්මා වගේ දෙයක්.ඒක කවදාවත් ප්‍රායෝගික නැහැ මහත්වරුනේ. අප්පච්චි ආයේ එනවා.අප්පච්චිගේ නැවත ශක්තිමත්ව පැමිණෙන ආගමනය වළක්වන්න, දරුවන්ට බිරිඳට අප්පච්චි ගැන තිබෙන ආදරය බැඳීම බිඳදාන්න බැහැ (නි)
අනේ මිනිසුනේ, නුඹලාට නිදහසේ ඉන්න රටක් හදාදුන් මහින්ද මහත්තයට නේද ඔය අවලාද කියන්නේ? (නි)
කව්රු ඉල්ලුවත් මහජනතාව තෝරා පත් කරන්නේ හොඳම හොරු ටික (නදී)
ජනමතය සැමවිටම නිවැරදිද ? නායකයින් සැම විටම ඉදිරියෙන් සිටිය යුතුයි (නදී)
මහින්ද මහත්තයා නැත්නම් ඉතින් වැඩක් නැහැ (නි)
මම හිතන්නේ මහින්ද මහත්තයාගේ අලුත් පක්ෂයේ අගමැති අපේක්ෂකයා විය යුත්තේ මර්වින් සිල්වා මහතාය. එතුමාගේ පුතා කාර් රේස් වලට ගොඩක් දක්ෂයි. එතුමාත් හම්බන්තොට. එතුමා ෆයිල් කිහිල්ලේ ගහගෙන ඉන්නේ නැහැ. කෙලින්ම බය නැතුව ඒවා අදාළ ස්ථානවලට බාර දෙනවා. එතුමාගේ පුතා මිනි මරලා නැහැ. සහෝදරයෝ බුරුතු පිටින් බලය පාවිච්චි කරලා දේශපාලනයට ගෙනල්ල නැහැ. හමුදාව සැලසුම් කර ජීවිත පරිතයාග කර, ඇස් ඉස් ලේ මස් දන් දී කරපු යුද්ධයක ගෞරවය හමුදාවටත් එහි නායකයන්ටත් පිරිනැමුවා මිස එය තමාගේ යුද්ධයකයයි කියා නැහැ. පාරවල් හදන්න ගන්න අහිංසක ජනතාවගේ බදු සල්ලි ප්‍රකෝටි ගණන් පිල්ලි ගහල නැහැ. නීතිය අතට අරගෙන අදිකරණ වලට බලපෑම් කිරීමට ගිහිල්ල නැහැ. (නදී)
සන්ධානයේ ඡන්ද පදනම ශක්තිමත් වීමට නම් මහින්ද මහතාට නාම යෝජනා ලබා දිය යුතුමය. එසේ නොවුනහොත්, එක්සත් ජාතික පක්ෂයට සටනක් නැත. දැන් හොඳ තරඟයක් ඇත. (නදී)
පිවිතුරු යහපාල කියන විදිහටනම් මහින්ද මහත්තය හදන අලුත් පක්ෂේ අගමැති අපේක්ෂකයා විය යුත්තේ මර්වින් සිල්වා මහතා තමයි. මොකද එතුමාට ඔය කියන චෝදනා නැහැනේ. ඒ වැරදි කරපු අය මොන පක්ෂෙන් උනත් අගමැති අපේක්ෂකයා වෙන එක සුදුසු නැහැ. (නදී)
හිටපු එක්කෙනාට නාමයෝජනා දුන්නත් එකයි,නොදුන්නත් එකයි. ඒක එතරම් වැදගත් නැහැ. නාමයෝජනා දුන්නත් මන්ත්‍රී කෙනෙක් හැටියට මිසක් අගමැති තනතුරු නැතුව. අගමැති තනතුරු දුන්න කියන්නේ මෛත්‍රීපාල ජනපතිතුමාට අඩි 6යේ වල සියතින්ම කපාගෙන ලකලෑස්ති වෙන්න වාතාවරණය සකස්කරගත්තා වෙනවා. (නදී)
හිටපු එක්කෙනාට නාමයෝජනා දුන්නත් එකයි,නොදුන්නත් එකයි.ඒක එතරම් වැදගත් නැහැ. නාමයෝජනා දුන්නත් මන්ත්‍රී කෙනෙක් හැටියට මිසක් අගමැති තනතුරු නැතුව. අගමැති තනතුරු දුන්න කියන්නේ මෛත්‍රීපාල ජනපතිතුමාට අඩි 6යේ වල සියතින්ම කපාගෙන ලක ලෑස්ති වෙන්න වාතාවරණය සකස්කරගත්තා වෙනවා.(නදී)
පිවිතුරු යහපාලලා ගොඩක් ඉන්න නිසා උත්තර දෙන්න වෙන්නේ පරිස්සමෙන්. අප්පච්චිව ගෙදරින් එලෙව්වා නම් එ්කටත් සාධාරණ හේතුවක් තියෙන්න ඇති. ශ්‍රී ල නි පෙ සාමාජිකයෝ ඔක්කොම එයාගේ පවුලේ උදවිය උනත් අප්පච්චි වැරදි මාර්ගයේ ගිය නිසානේ එලවල දැම්මේ. (නදී)
ලක්ෂ 62.5 ක ජනතාව ජනවාරි 08 වෙනිදා මහින්ද මහත්තයව පලවා හරින්න තීන්දුව දුන්නේ, නැවත ගේන්න නොවෙයි කියල ඔබතුමාට අමුතුවෙන් කියන්න උවමනා නැහැනේද? (ම)
ඩුබායි තිලක් යන්න මහත්තයෝ යන්න පවු නොදී ..ඔහේ ලියන අපි බලන පොත්.අනෙක ඉතින් අපි ඔහේ වගේ අය නෙමෙයි.. ඒහින්ද අපිට අප්පච්චි කියල කටක් ඇරලා කියන්න පුළුවන්..ඔහෙට බැරි වුනාට ඉතින් අපි පළිද? (බ)
ඉල්ලන් කන්නයි යන්නේ (නදී)
අපිට හොරු එපා. බුද්ධිමතුන් ඕනෑ (නි)
දන්නේ නැහැ මොනවද කරන්නේ මොනවද කියන්නේ කියල. මේ අය රට පාලනය කරනකොට ඉතින්. (ස)
නුඹලාට නිදහසේ ඉන්න රටක් හදා දුන්නේ මහින්ද මහත්තයා නේද (ම)
එතකොට රිෂාර්ඩ් බදුර්දින්ට යුඑන්පි එකේ නාම යෝජනා දීම අනුමත කරනවද? (ම)
අනේ ශිල්ප ඔය මෝඩ කතාවක් කියන්න එපා. මහින්ද මහත්තය හමුදාවේ හිටියද යුද්ධ කරන්න. එ්ක ඉවර කරලා දුන්නේ හමුදා නායකයින් ප්‍රමුඛ හමුදාව ඇස් ඉස් ලේ මස් විතරක් නෙමෙයි ජීවිත පවා දන් දීලා. (බ)
තීරණය කුමක් වුවද ඡන්දයේදී ඔය සියලුඅම දෙනාම අපි කපා හරින්නෙමු (ස)
මහින්ද සුපිරි නායකයෙකි රට හදන්න ඔහුට නාමයෝජනා දීම ජනපතිගේ ජනතාවාදී වැඩකි !!!!!!!!!! (ස)
ජනතිපති තුමනි පක්ෂයට වඩා රටයි වටින්නේ (බ)
අපෝ ලංකාවේ අපිට නමේ එපා ඔය සුදු වනේ එකේ. (ස)
මේක හරියට ගෙදරක හිටපු ආදරණිය පවුලක ආදරණිය අප්පච්චිව කුමන්ත්‍රණ කරලා එලවල පිටස්තර එකෙක් ගෙදරට වැදිලා බලහත්කාරෙන් පාලනය කරන්න හදනවා වගේ වැඩක්..එ්ක කවදාවත් ප්‍රායෝගික නැහැ මහත්තුරුනේ.. අප්පච්චි ආයේ එනවා.අප්පච්චිගේ නැවත ශක්තිමත්ව පැමිණෙන ආගමනය වලක්වන්න දරුවන්ට බිරිදට අප්පච්චි ගැන තියෙන ආදරය බැදිම බිද දාන්න ඒ පිටස්තරයට බැහැ..අප්පච්චි ආයෙත් ඇවිත් ඔය කුමන්ත්‍රණ කාරයෝ ඔක්කොම පරසක්වල ගහල ආයේ පවුල අයිතිකරගන්නවා ආයේ කවදාවත් කුමන්ත්‍රණ කාරයින්ට පවුල බිදින්න ඉඩක් නොතියා...(බ)
මහත්තුරුගේ පුදුමාකාර ප්‍රජාතන්ත්‍රවාදී අදහස්නේ තියෙන්නේ..සන්ධානෙවත් ශ්‍රී ලංකා එකවත් මෛත්‍රී මහත්තයට ඡන්දෙ දුන්නේ නැහැ..එතන තියෙන්නේ තිබුනේ මහින්ද මහත්තය වෙනුවෙන් වූ ජන මතය. ඔහෙලා කොහොමද කියන්නේ ඒ මතය ආයේ මහින්ද මහත්තයට නියෝජනය කරන්න ඉඩ දෙන්න එපා කියල. මෛත්‍රී මහත්තය ඔයාලගේ 62 නියෝජනය කරනවානම් ඒකෙන් මහින්ද මහත්තය ඡන්දේ ඉල්ලන්න ආවනම් ඔන්න ඔහෙලා හරි..අද මෛත්‍රී මහත්තය ඒ 62 ලක්ෂය නෙමෙයි නියෝජනය කරන්නේ..58 ක ජනමතය .ඒ ජනමතය හැසිරෙන විදියට එතුමාට හැසිරෙන්න වෙනවා..එ්ක කරන්න බැරිනම් එතනට එන්නවත් එතන ඉන්නවත් ඒමතයට බලපෑම් කරන්නවත් ඔහුට අයිතියක් නැහැ.ඔහෙලගෙ ඡන්ද ලක්ෂ 62 ත් තියන් ඒකෙන් පත් කරගත් ජනපතිවත් තියන් ඔයාල ඕන දෙයක් කර ගන්න..ලක්ෂ 58 වෙනම මතයක් එකට බලපෑම් කරන්න එන්නත් එපා. ඒක කරන්නත් බැහැ..ඒක මහින්ද මහත්තය වෙනුවෙන් වෙන් වෙලා තියෙන අපේ මතය..පුලුවන්නම් මැතිවරනේදී හැපිලා බලන්න (බ)
හොරුන්ට, දුෂිතයන්ට, මැරයන්ට, ස්ත්‍රී දුෂකයන්ට මෙවර නාම යෝජනා නොදෙන ලෙස මුළු රටම හඬගා කියද්දී මේ සියලු හොරුන්ට, ස්ත්‍රී දුෂකයන්ට, මැරයන්ට දුෂිත දේශපාලකයන්ට නායකත්වය දුන්, ඔවුන් ආරක්ෂා කළ ඇත්තන්ට නාමයෝජනා ලැබුණහොත් ඉහත ඉල්ලීම තවදුරටත් වලංගු වේද? (නි)
මේ රට මෙහෙම දුප්පත් රටක් කළේ මහින්ද.බිලියන ගණන් ගිනි පොළියට ණය ගෙන පරම්පරා හත අටක් රටේ ජනතාව ලෝකෙටම ණයකාරයෙක් කළ මෙතුමාට ඉදිරියටත් කරන්න පුළුවන් වෙන්නේ සංවර්ධනයේ නාමයෙන් මහා විනාශයක් කරන එක පමණයි.ඒ නිසා මහින්දලාගේ මේ උත්සාහය පරාජය කළ යුතුමයි.... (නි)
පක්ෂය අපට අදාළ නොවේ.ඡන්දය දියයුත්තේ කාටදැයි අප තීරණය කර හමාරයි. (නි)
ආපෝ! මහින්දව නම් නැවත එපා. (නි)
අපි ඉවසලා ඉමුකෝ. තව ටික වෙලාවනේ! (නි)
"මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට නාමයෝජනා දීම සම්බන්ධ අවසන් තීරණය ද ජනපති විසින් අද රාත්‍රී ගනිතියි".......වැඳලා කියන්නම්, දෙන්න නම් එපා. (නි)
රටට "කොරොල" තිබෙන සංවර්දනය හොදටෝම ඇති. තවත් එවැනි සංවර්දන ඕනෙම නැහැ. (නදී)
නියම කැපිල්ල තිබෙන්නේ ජනතාව අතේ. (නදී)
දම්මි එතකොට මහින්ද මහත්තයා එන්න කලින් ලංකාවේ හුමදාවක් තිබුනේ නැද්ද? (ර)