ජූනි මස 1 වැනිදා එංගලන්තයේදී ආරම්භ වීමට නියමිත ශුරයන්ගේ ක්‍රිකට් තරගාවලිය වර්ජනය කිරීමේ හැකියාව ඉන්දියාවට ඇතැයි ඉන්දීය පිලේ හිටපු නායක සුනිල් ගවස්කාර් මහතා කියයි.
එවන් තත්ත්වයක් ඇතිවුවහොත් ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයට දක්වන සහයෝගයක් ලෙසින් ලෝකයේ සෙසු කණ්ඩායම්ද ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවත් වීමේ අවස්ථාවක් ඇති බවද ගවස්කාර් මහතා පවසන බව හින්දුස්තාන් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.
සම්පූර්ණ විස්තරය සඳහා http://tinyurl.com/n7q4sy6 වෙත පිවිසෙන්න
ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් සිංහලෙන් තොරතුරු දැනගැනීමට http://sinhala.wisdensrilanka.lk/ වෙත පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටෙස්ට් ක්රීඩා කරන රටවල් අතරින් ඉන්දියාව ඇතුළු රටවල් කීපයකට තිබුණු විශේෂ සැලකිලි ඉවත් කලා කියල මෙයාල අයින් වෙන්න යන්නේ. ඉතින් එම වරප්රසාද නොතිබුණු අනිත් රටවල් තරගාවලියෙන් ඉවත් වෙන්නේ මොකටද?
ක්‍රිකට් සම්බන්ධයෙන් ඉන්දියාවේ හැසිරීම දැන් ටික කලක සිට පමණ ඉක්මවා ගිය ලකුණුයි තියෙන්නේ.
එගොල්ලට එපා නම් ගෙදරට වෙලා ඉන්න කියන්න , ඔය බොරු රඟපෑම් කලට ඒගොල්ලන්ට් තනියම සෙල්ලම් කරන්න බැහැනේ අනිත් රටවලුත් ඕනනේ ?