IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ශූරයන්ගේ කුසලාන තරගාවලිය පැවතිය යුතු බව ඬේවිඞ් ගවර් කියයි

ශූරයන්ගේ කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලිය වෙනුවට ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ශූරතාවලියක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාව මේ වන විට කරගෙන යනු ලබන සැලසුම් අතහැර දමන්න යයි එංගලන්ත පිලේ හිටපු නායකයකු වන ඬේවිඞ් ගවර් මහතා අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවෙන් ඉල්ලා සිටී.

එංගලන්තය සහ ඉන්දියාව අතර අද (23 වැනිදා) පැවැත්වීමට නියමිත ශුරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් තරගයෙන් අනතුරුව ශුරයන්ගේ කුසලාන තරගාවලිය මින් ඉදිරියට නොපැවැත්වීමට අන්තර්ජාතික කි‍්‍රකට් සභාව තීරණය කර තිබේ.

කි‍්‍රකට් කී‍්‍රඩාවේ ප‍්‍රධානතම ආකාර තුන වන ටෙස්ට්, එක්දින සහ විස්සයි/20 තරග සඳහා ලෝක ශූරතාවලි පැවැත්වීම අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ අදහසයි. මේ වන විට විස්සයි/20 සහ එක්දින තරග සඳහා ලෝක කුසලාන තරගාවලි පැවැත්වෙන නමුත් ටෙස්ට් තරග සඳහා ලෝක කුසලාන තරගාවලියක් නොපැවැත්වේ.

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තර්කය වන්නේ අන්තර්ජාතික කි‍්‍රකට් තරග කාලසටහන ඉතාමත් කාර්ය බහුල වී ඇති බැවින් ශූරයන්ගේ කුසලාන තරගාවලිය හෝ ටෙස්ට් ශූරතාවලිය යන දෙකින් එකක් පමණක් පැවැත්විය හැකි බවයි. එහෙත් ඬේවිඞ් ගවර් මහතාගේ අදහස වන්නේ ශූරයන්ගේ කුසලාන තරගාවලිය දිගින් දිගටම පැවැත්විය යුතු බවයි.

”අද තරගයේ ප‍්‍රතිඵලය කුමක් වුවත්, ශූරයන්ගේ කුසලාන තරගාවලිය අභාවයට යන එක ගැන නම් මට කණගාටුයි” යයි එංගලන්තයේ ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත් පතට තීරු ලිපියක් ලියන ඬේවිඞ් ගවර් මහතා එහි සටහන් කර තිබේ.

”මගේ පි‍්‍රයතම එක්දින තරගාවලිය ශූරයන්ගේ කුසලාන තරගාවලියයි. එය ඉතා සංෂිප්තයි, තරගකාරීත්වය ඉතාමත් ඉහළයි. ලෝක කුසලාන තරගාවලිය වගේ හෙම්බත්වීමක් එහි නෑ”
”මේක ලෝක කුසලාන තරගාවලියක් වුණා නම් අප තවමත් අවසන් තරගයක් ගැන කතා කරන්නේ නෑ. එහෙනම් අප තවමත් මූලික වටයේ තරග අතර” යයි ගවර් මහතා ලියා තිබිණ.
”ශූරයන්ගේ කුසලාන තරගාවලිය වෙනුවට පවත්වන්න යන ලෝක ටෙස්ට් ශූරතාවලියක් ගැන දැනට තිබෙන සැලසුම් ගැන නම් මට ඒ තරම් පැහැදීමක් නෑ”

”සෑම ටෙස්ට් තරගයකටම වටිනාකමක් එක්වන පරිදි පැවැත්වෙන ටෙස්ට් ලීග් ශූරතාවලියක් තිබීම හොඳයි. එහිදී සෑම ටෙස්ට් තරගාවලියකටම වටිනාකමක් තියෙනවා. මා දැනට එතැනින් නවතින්නම්” (දැන් පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලිය එවැන්නකි)

”ටෙස්ට් තරගාවලියක ශුරයන් තීරණය කිරීමේදී අවසන් පූර්ව තරග සහ අවසන් තරග පැවැත්වීම වගේ ක‍්‍රමවේදයක් ගැන මට හිතන්න බෑ. මා හිතන විදිහට එවන් තත්ත්වයකදී තරගයේ ප‍්‍රතිඵලයට, සත්කාරකත්වයේ වාසිය, තණතීරු, කාලගුණය සහ ඒ වගේ වෙනත් බොහෝ කාරණා බලපානවා”

”අන්තර්ජාතික කි‍්‍රකට් සභාවට මේ ගැන හිතන්න තව කල් තියෙනවා. ලෝකය පුරා තියෙන පොදු මතය අනුව මගේ අදහස් වැදගත් විය නොහැකියි. ඒත් ටෙස්ට් ලෝක කුසලාන ශූරතාවලියක ඉරණම තීන්දු කරන්න එක තරගයක් ප‍්‍රමාණවත් නොවේ යයි හිතන අය තවත්  ඕන තරම් ඇති” යයිද ටෙස්ට් ලෝක කුසලාන ශූරතාවලිය සම්බන්ධයෙන් ගවර් මහතා වැඩිදුරටත් ලියා තිබිණ.

 

(●●)



අදහස් (0)

ශූරයන්ගේ කුසලාන තරගාවලිය පැවතිය යුතු බව ඬේවිඞ් ගවර් කියයි

පහන් Sunday, 23 June 2013 09:59 PM

ඔබ හරි (නි)

:       0       0

ලාල් මල්ලි වීරකැටිය Sunday, 23 June 2013 10:05 PM

ඔබේ අදහසට මමත් එකගයි ගවර් (නි)

:       0       0

මිලාන් Monday, 24 June 2013 05:36 PM

අපි ලංකාව ගැන හිතනකොට මොන හරි කියල හිතනවා (අ)

:       0       0

අමල් Monday, 24 June 2013 12:13 PM

ඔබ හරි (නි)

:       0       0

මහේෂ් Monday, 24 June 2013 06:47 PM

අපේ කාලේ වගේ නෙමේ දැන් ගවරා. ලෝකේ වෙනස්. කොහොම උනත් ටෙස්ට් තරගාවලියත් වටින වැඩක්. (නදී)

:       0       0

උදය Tuesday, 25 June 2013 12:01 PM

ශූරතාවය දිගටම ඉන්දියාවට තියා ගන්න වෙන එක ගැන මෙයලට අමාරුත් ඇති.(නදී)

:       0       0

ගෙරාද් Monday, 24 June 2013 02:12 PM

ලංකාවේ අය එක් දින තරඟ ගහන්නේ ටෙස්ට් වගේ නිසා ටෙස්ට් හොඳයි. (ස)

:       0       0

මංගල Monday, 24 June 2013 03:13 PM

ටෙස්ට් කිරිකට් කියන්නේ කාලෙ කන ක්‍රීඩාවක් ...මේක හොදයි, කාලය නිකම් නාස්ති කරන අයට. (ස)

:       0       0

සින්තක Tuesday, 25 June 2013 01:35 PM

අනිවාර්යෙන් ටෙස්ට් ක්‍රිකට් වර්ල්ඩ් කප් තියන්න ඕනෑ. එතකොට තමයි නියම දක්ෂයන් තේරෙන්නේ (නි)

:       0       0

ස්කා Tuesday, 25 June 2013 06:02 PM

ඒක හොදයි.මොකද ශ්‍රී ලංකාවෙ අය ගහන්නෙ ටෙස්ට් නෙ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site