2016-12-21-ent-86

සිරස ‘සුපර් ස්ටාර්’ රියැලිටි තරගය හරහා සංගීත ක්ෂේත්‍රයට පිවිසි ශිරෝමි රත්නායක රසික පිරිස් අතර වඩාත් ජනප්‍රිය වුයේ සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වු ‘සුජාතා’ ටෙලි නාට්‍යයේ ‘නොකීවාට කවදාවත්’, ‘අත්තටුම වෙලා’ හා ‘විඳින්න හිමිවූ ජීවිතේ’ තේමා ගීත ගායනා කරමින්ය. මේ වනවිට ගායිකාවකට අමතරව ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස කටයුතු කරන ශිරෝමි සිය අලුත්ම තොරතුරු ගැන මෙසේ පැවසුවාය.

“පසුගිය දිනවල මම අසනීප වෙලා හිටියා. දෙසතියක් විතර රෝහල්ගතව නේවාසික ප්‍රතිකාර ලබාගන්න සිදු වුණා. දැන්නම් ඒ අසනීප තත්ත්වය 100%ක් හොඳ අතට හැරිලා තියෙනවා. ඒ නිසා පසුගිය දින කිහිපයේදීම මගේ වැඩ බොහොමයක්ම අතපසු වුණා. ඉතින් මේ දිනවල කරන්නේ ඒ මඟහැරුනු වැඩ අල්ල ගන්න ඒක. දැනට මම නාවල ජනාධිපති විද්‍යාලයේ ගණිතය හා භූගෝල විද්‍යාව විෂය පිළිබඳව උගන්වන ගුරුවරියක්. ළමයින් වෙනුවෙන් අතපසු වුණ ඒ වැඩ ගැන බලන එක තමයි මගේ ලොකුම කාර්යය වෙලා තියෙන්නේ. ඊට අමතරව අලුත් ගීතයක් කරන්නත් මේ දවස්වල ප්ලැන් කරගෙන යනවා. ඒ නිර්මාණ එළිදක්වන කොට ඒ ගැන වැඩි විස්තර කියන්නම්.”

 

2016-12-21-ent-88
2016-12-21-ent-87