IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ශ්‍රීපවන් නව අගවිනිසුරු : ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

නව අගවනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු කේ ශ්‍රීපවන් මහතා අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

1952 පෙබරවාරි 29 වැනි දා උපන් ශ්‍රීපවන් මහතා යාපනය හින්දු විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයෙකි.

1974 දී ශ්‍රී ලංකා නීති විද්‍යාලයයට ඇතුළු විය. 1978 දී නීතීඥවරයෙක් විය. ඒ වසරේ දී ම වැඩ බලන රජයේ නීතීඥවරයකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට එක් විය.

1979 ස්ථිර රජයේ නීතිඥවරයකු ලෙස උසස් වීමල් ලැබිණි. 1989 දී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥවරයෙක් ලෙස ලෙසට උසස් කරනු ලැබීය. කොළඹ විශ්ව විද්‍යාලයයට සම්බන්ධ වී වැඩිදුර නීතිය හැදෑරූ හෙතෙම 1992 දී වාණිජ නීතිය පිළිබඳ ඩිප්ලෝමාවක් ද, 1994 වසරේ දී ලන්ඩන් විශ්ව විද්‍යාලයයේ නීති විශාරද උපාධිය ද හිමි කර ගත්තේය.

1996 පෙබරවාරි 22 වැනි දා නියෝජ්‍ය සොලිස්ටර ජනරාල්වරයකු ලෙස උසස්වීම් ලස ශ්‍රී පවන් අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ විභාග වූ ව්‍යවස්ථාමය නඩු කටයුතු හා මූලික අයිතිවාසිකම් නඩු කටයුතු මෙහෙයවීමේ වගකීම පැවැරිණි.

වසර 24කට ආසන්න කාලයන් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළේය.

2002 දී අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙක් විය. 2007 දී අභියාචනාධිකරණයේ සභාපති විය. 2008 ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට පත් කරනු ලැබීය. 2013 වසරේ දී වැඩබලන අගවිනිසුරු ලෙස කටයුතු කළේය.

පසුගිය ජනවාරි නව වැනි දා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවුරුම් දුන්නේ ද ශ්‍රීපවන් විනිසුරු ඉදිරියේය.

01(61) 02(45) 03(40)



අදහස් (0)

ශ්‍රීපවන් නව අගවිනිසුරු : ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

සමන්ති Sunday, 01 February 2015 12:03 AM

සුදුස්සාට සුදුසු තැන (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 36 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 832 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 604 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site