හිටපු ජනපති බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නමින් පවත්වාගෙන යන පුණ්‍යායතනයකට ලෝක ආහාර වැඩසටහන යටතේ තීරු බදු රහිත සුඛෝපභෝගී වාහන තෑගි කිරීමේ සිද්ධියක් ගැන පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.
මෝටර් රථ තරග සඳහා යොදාගන්නා ලද රථයක් අනතුරුට පත්වූ බවට සිදු කළ පරීක්ෂණවලදී එම මෝටර් රථය ලෝක ආහාර වැඩසටහන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සිරිලිය සවිය පදනමට ප්‍රදානය කළ සුඛෝපභෝගී වාහන දෙකෙන් එකක් යැයි අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි. කෙසේ නමුත් සියයට 350ක් දක්වා වූ අපනයන බද්දක් පැනැවෙන මෙම මෝටර් රථ ආනයන කිරීමේදී කිසිදු පාර්ශවයක් අදාළ බදු ගෙවා නැතැයි ද වාර්තා වේ.
2004 වසරේ ශ්‍රී ලංකාවට බලපෑ සුනාමිය ව්‍යවසනයෙන් පසු නැවත ගොඩනැගීමේ කටයුතු සඳහා මෙරට ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ගේ විවිධ සංවිධාන වාහන රැසක් ආනයන කරන ලදි.
කොළඹ පිහිටි ලෝක ආහාර වැඩසටහන කාර්යාලයය මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ අතර ලෝක ආහාර වැඩසටහනේ සම්මත නීති කටයුතුවලට හා නියමිත කි්‍රයාපටිපාටියට අනුව වාහන ප්‍රදානය කළ බව බැංකොක්හි පිහිටි ලෝක ආහාර වැඩසටහනේ කලාපීය කාර්යාලය ප්‍රකාශ කර ඇත.
‘අදාළ වාහන අත්හරිනවාද යන්න හෝ තීරුබදු ගෙවීම සම්බන්ධයෙන් බැඳී සිටින්නේ ඒවා ලබන්නා පාර්ශවයයි. එසේත් නැතිනම් ශ්‍රී ලංකා රජයයි‘ ලෝක ආහාර වැඩසටහනේ ඇන්ජෙලී මෙන්ඩෝසා පවසයි.
ලෝක ආහාර වැඩසටහන වාහනවල අයිතිය කිසිදු පූර්ව අනුමැතියකින් තොරව මෙරට සිටින පුද්ගලයන්ට ලබාදීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ප්‍රකාශයකු ප්‍රකාශ කර ඇත.
සුනාමි සහන කටයුතු සඳහා ආනයන කරන ලද වාහන ප්‍රධාන වශයෙන් ලබාදීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්නැයි මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය ලෝක ආහාර වැඩසටහනට දන්වා ඇත.
කොළඹදීය (ඒ.එෆ්.පී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සිටින ජනාධිපති ආර්යාවන්ගෙන් කට පුරා ආර්යාවක් කියා කිව හැක්කේ එලිනා ජයවර්ධන මැතිනිය හා ජනතාව ඡායාරූපයකින් වත් දැක නැති ඩී.බී. විජේතුංග මැතිනිය වැනි අය පමණයි. (නදී)
වාහනයක් දන්දෙන එක වැරදිද? ඔය පවුලම කරන්නේ පින් අතේ වැඩ බව කවුරුත් දන්නවානේ.සිල් රෙදි පුජා කරනවා, ලිත් බෙදා දෙනවා, දන්සැල් දෙනවා.තව වාහන දන්දෙනවා. මේ පවුලටම ලබන ආත්ම වලදී රෙදිපිළි, කෑමබීම, වාහන වලින් නම් අඩුවක් වෙන එකක් නැහැ...... (නි)
මේ රටේ ඉන්න මෝඩ හරක් තවත් මහින්ද මත්තේ නැහෙනවා , නැවත වරක් එන්නේ ඉතුරු ටික කන්න, මෝඩ මිනිසුනේ පොඩ්ඩක් හිතපල්ලා (නදී)
අනේ මේකේ ප්‍රතිචාර දක්වන සමහරුන් ඊයේ පෙරේද ඉපදිලද කොහේදෝ. සමහර ආර්යාවෝ රූපවාහිනියේ කාලය බදු අරන් සින්දු කියපු වකවානුත් තිබුන ලංකාවේ. (නදී)
ඔවා චන්ද මඩ... පොලිසිය දැන් රාජ්‍ය මඩ අංශය වෙලා....(නදී)
ලැජ්ජා නැති කම මහමුදලි කමටත් වඩා ලොකුයි කියල අපේ ගැමියෝ කිව්වා. අපි අද කියනවා. ඔය කියන ලජ්ජා නැතිකම ආර්යාවන්ටත් තියෙනවා කියල. නැත්නම් ජනතාවට ලැබුන පරිත්‍යාග ගෙදර අරන් ගිහිල්ල තියා ගනීවි යැ. (නදී)
සමහරු තවත් මහින්ද මත්තේ නැහෙනවා (නි)
මේවා මඩ නෙමෙයි ඇත්ත. මේවා හොඳයි කියලා ඡන්දය දෙන අය නිසා තමයි මේ රට නැතිවෙලා තියෙන්නේ (නි)
සමරුන්ට වශී බෝලේ වැඩකරනවා වගේ! හොරකමේ රහ වැටුනහම එ්කෙන් ගැලවෙන්න අමාරුයි. (නදී)
එහෙනම් ඊළග ඡන්දෙන් පස්සේ පළාත් සභා මහ ඇමතිකමටවත් උක්සාහ කරලා ඒක බැරි වුණොත් නගර සභාවක සභාපතිකමකටවත් ට්‍රයි කරමු. (නි)
ගොඩක් මිනිස්සු කියන්නේ ඡන්දෙ නිසා මඩ කියලා. අනේ මිනිසුනේ, මේවා තමයි ඇත්ත. පුදුමය කියන්නේ මේවා ඇත්ත කියලා හිතන්නවත් මොළයක් නැහැනේ (නි)
මොන බෛලාව ගැහුවත් මහින්ද ලංකාවේ අගමැති වෙනවා.(නදී)
නිකම් මේ අපිට සුදු ලුණු පොඩි කරනවා. පුළුවන් නම් මෙතුමියටත් නාම යෝජනා දෙන්න (නදී)
පැනයකි අද ඇත්ත, නැත්ත කුමක්ද යන්න (නදී)
මෙයාලට මොනවද කරන්න බැරුව තිබුනේ. හිතු දේ කලා හිතු සම්පත් ලැබුවා (නදී)
සැප සොයන මිනිස්සු! (නි)
මෝටර් රථ තරඟ සඳහා යොදාගන්නා ලද රථයක් 2004 වසරේ ශ්‍රී ලංකාවට බලපෑ සුනාමිය ව්‍යසනයෙන් පසු නැවත ගොඩනැඟීමේ කටයුතු සඳහා ආනයනය කරලද එතකොට? පුදුම වැඩක්නේ! සුනාමි සහන වලට රේස් පදින වාහනත් ගන්නවද? (නි)
මහින්ද මහත්තය නැවත බලයට එන්න පොර බදන්නේ මේවාගේ කුණු වැඩ වහගන්න හිතාගෙන වෙන්න ඇති. බලාගෙන යනකොට එකක්ද? දෙකක්ද? අප්පච්චිගේ බුදලේ වගේනේ හිතාගෙන ඉඳල තියෙන්නේ. (නදී)
දැන් ඉතින් ප්‍රශ්නයක් නැතිවෙයි එහෙනම් (නි)
එය ගෙවන්ඩ ඕන (ස)
ජනාධිපති වරයෙකුගේ ආර්යාවකට ලංකාවේ තියෙන සමාජ බැඳීම කළමනාකරණය කරගන්න සම්පත් අවශ්‍යය වෙනවා. එම සම්පත් පරිහරණය දෙස ඊර්ෂියාවෙන් සහ ද්වේශයෙන් බැලිය යුතු නැහැ. (ම)
එක එක නම් ගම් හදලා සංවිධාන හදල රටේ ජනතාවගේ සල්ලි සොරකම් කරලාද ? (ස)
තවමත් මහින්ද පස්සේ යන අය ඉන්නවානේ (ම)
නිමාෂා මිට කලින් හිටපු ජනාධිපති ආර්යාවන් ඔබ දැකල නැත්තේ 90 දශකයේ ඉපදුන නිසා වෙන්න ඇති. ඉතා නිහඩව සමාජ සේවය කරමින් තමන්ගේ භූමිකාව මැනවින් ගෙනගිය කුල කාන්තාවන් අපේ රටේ ජනාධිපති ආර්යාවන් වී සිටියා . සමහරු කල එලියටවත් බැස්සේ නැහැ. ඒ සමහරු සමාජ බැඳීම කළමනාකරණය කළේ තමන්ගේ පුද්ගලික ධන සම්පත් වලින් මිසක් රටේ ධන සම්පත් වලින් නෙවෙයි. (බ)
සුනාමිය නිසා දුක් කරදර වලට පත් උණු අය වගේම එ්කෙන් සැප ගත්ත අයත් ඉන්නවනේ.(නදී)
මේ සියලු පලිගැනීම් ඇමරිකාවේ හා ඩයස්පෝරාවේ උවමනාව අනුව යි .සිංහල මෝඩයනි දැන්වත් තේරුම් ගනිල්ලා මේ හතුරන් මොනවද කරන්නේ කියල .රට සුද්දන්ට යට කරනවද ?උ /නැ දෙමල අයට දෙනවද ?යහපාලනය අවසන් කරන්නේ මෛත්‍රී වල පල්ලට ගිහිල්ල .,රනිල් හා මංගල ඇමරිකා ගිහිල්ල යි .අපට දකුණින් මුහුදට පනින්න වෙන්නේ (බ)
ආර්යාවගේ සමාජ භූමිකාවට අසීමිත සම්පත් අවශ්‍ය නැහැ. මිට කලින් මේ තත්වයේ සිටිය කාන්තාවන් අප්‍රසිද්ධියේ නිහඬ සමාජ සේවයක් කළා. සමහරු ඔවුන්ගේ පුද්ගලික ධනය තමයි ඒ සඳහා යොදා ගත්තේ.(ම)
තවත් එක් උත්සාහයක්! (නි)
මේ අය වැඩිය ධනය තිබුණාමත් ඉගෙන ගත්ත අය නොවෙයිනේ. සාමාන්‍ය දෙයක් (ම)
සුනාමි වංචා යට ගහපු අය අද පාර්ලිමේන්තු එන්න දඟලනවා.(නදී)
එක එක වෙන වෙන නම් වලින් සංවිධාන හදාගෙන ජනතාවගේ සල්ලි හොරකම් කරන එක තමා කරන්නේ(නදී).
ගිහාන් ඔබ හරි. (ර)
මේක මේ තෑගි හම්බවෙච්ච වාහනයකට මෙච්චර උඩ පනින්න දෙයක්ද? මෙච්චරද මෙයාලාට විරුද්ධව තියන චෝදනා? (ර)