IMG-LOGO

ශාරිනි ස්ථාවර වෙන්න කැමතිලු

20160530Zarine-1පසුගිය වසර කිහිපයේදීම බොලිවුඩ් සිනමාව තුළ දකින්නට නොලැබුණ සුරූපී ශාරිනි ඛාන් නැවතත් බොලිවුඩ් සිනමාව තුළ ස්ථාවර වීමට දැඩි උවමනාවකින් සිටින බව 'ලයිෆ් ඔෆ් බොලිවුඩ්' වෙබ් අඩවිය සමගින් එක්වූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබේ. පසුගිය වසරේ ශාරිනි රංගනයෙන් දායක වූ 'හේට් ස්ටෝරි' තුන්වැනි චිත්‍රපටය අති සාර්ථක වීමත් සමග ශාරිනිගේ නම බොලිවුඩය තුළ දැඩි ලෙස යළිත් කතා බහට ලක්වූ අතර, ඒ නිසාම ඇයට මේ වනවිට චිත්‍රපට රැසක් සඳහා ආරාධනා ලැබී තිබෙන බව වාර්තා වේ.

මේ වනවිට තිරගත වෙන රාම් ගෝපාල් වර්මාගේ 'වීරප්පන්^ චිත්‍රපටයේ 'අයිටම්' නර්තනයක් සඳහාද දායක වන ශාරිනි දැනට එස්. කබීර්ගේ 'Divine Lovers' චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු සඳහා සම්බන්ධ වී සිටින බව සඳහන් වේ. 'වීරප්පන්' චිත්‍රපටයෙන් පසුව ශාරිනි රංගනයෙන් දායක වූ සංගීත් ශීවාන්ගේ 'නොන්සන්ස්' චිත්‍රපටය ජූලි 29 වැනිදා තිරගත වීමට නියමිතව තිබෙන අතර, ඇය මේ වසරේ ප්‍රධාන චරිතයකින් සිය ප්‍රේක්ෂකයන් හමුවන පළමු අවස්ථාවද වේ. එහි ශාරිනි 'හේට් ස්ටෝරි' චිත්‍රපටයේ රඟපෑ ෂර්මන් ජෝෂි සමගින් ප්‍රධාන චරිත නිරූපණය කිරීම විශේෂත්වයකි.

මෙම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරන අන්දමට ශාරිනිට ඉදිරියේදී යළිත් වරක් සුපිරි නළු සල්මාන් ඛාන් සමගින්ද චිත්‍රපටයක රංගනයෙන් එක්වීමට අවස්ථාවක් ලැබී තිබේ. ශාරිනි බොලිවුඩ් සිනමාවට පිවිසෙනු ලැබුවේ සල්මාන් ඛාන් නිෂ්පාදනය කළ 'වීර්' චිත්‍රපටය හරහාය. 


 



අදහස් (0)

ශාරිනි ස්ථාවර වෙන්න කැමතිලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site