IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ශිරානි පිළිගන්න අලුත්කඩේ සැරසේ

ශිරානි බණ්ඩාරනායක මහත්මිය නීත්‍යනුකූල අග විනිසුරුවරිය බව ජනපති නියමයෙන් ජනපති ලේකම් පී.බී.අබේකෝන් මහතා ඇයට ලිපියක් මඟින් දන්වා ඇත. ඒ අනුව ඇය අද(28) අධිකරණයට පැමිණියාය.

බ්‍රහස්පතින්දා(29) උදේ 8ට ඇය පිළිගැනීමේ උත්සවයකි. බෙහෝ විට ඇය එම උත්සවයෙන් පසුව ගෞරවාන්විත ලෙස සමුගැනීමට නියමිතය.

ජනාධිපති නීතිඥ පීටර් මොහාන් මෛත්‍රී පීරිස් මහතාට ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතා අද ලිපියක් යවමින් පවසා ඇත්තේ ඔහු නීති විරෝධී ලෙස අග්‍රවිනිශ්චයකාර ධූරය දරන බවයි.

එම ලිපියේ මෙසේ සඳහන්වේ.

‘‘ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රවිනිශ්චයකාරවරිය වන ආචාර්ය යූ.ඒ.බී.ඩබ්ලිව්.එම්.ආර්.ශිරාණි ඒ.බණ්ඩාරනායක මැතිනිය ඉවත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 ව්‍යවස්ථා ප්‍රකාරව යෝජනා සම්මතයක් පාර්ලිමේන්තුව විසින් 2013 ජනවාරි මස 11 වැනි දින සම්මත කොට නොමැති හේතුවෙන් ඔබ අග්‍රවිනිශ්චයකාර ධූරයට පත් කරමින් 2013 ජනවාරි 15 වැනි දින කරන ලද උද්දේශිත පත් කිරීම නීතියෙන් මුල සිටම අවලංගු හා බලශුන්‍ය බව අතිගරු ජනාධිපතිතුමාගේ නියමය පරිදි මෙයින් ඔබ වෙත දන්වා සිටිමි.‘‘

මේ අතර මහින්ද රාජපක්ෂ රජයෙන් ඉවත් කළ ශිරානි බණ්ඩාරනායක අග විනිසුරුවරිය ලෙස පිළිගන්නා බව ජනපති ලේකම් ඇයට යැවූ ලිපියෙන් දැක්වේ. එම ලිපිය මෙසේය.

‘‘ගරු අග්‍රවිනිශ්චයකාරතුමියනි,

ආචාර්ය යූ.ඒ.බී.ඩබ්ලිව්.එම්.ආර්.ශිරාණි ඒ.බණ්ඩාරනායක මැතිනිය

ජනාධිපති නීතිඥ පීටර් මොහාන් මෛත්‍රී පීරිස් මැතිතුමා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍ර විනිශ්චයකාරවරයා ලෙස කරන ලද උද්දේශිත පත් කිරීම නීතියෙන් මුල සිටම අවලංගු හා බලශුන්‍ය බව අතිගරු ජනාධිපතිතුමා විසින් එකී ජනාධිපති නීතිඥ පීටර් මොහාන් මෛත්‍රී පීරිස් මැතිතුමා වෙත දන්වා ඇති අතර එම ලිපියේ පිටපතක් මීට අමුණා ඇත.

ඒ අනුව ඔබට අග්‍රවිනිශ්චයකාර ධූරයෙහි කාර්ය හා කර්තව්‍යය සිදුකළ හැකි බව අතිගරු ජනාධිපතිතුමාගේ නියමය පරිදි දන්වා සිටිමි.‘‘

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 මෙසේ දැක්වේ.

අධිකරණයේ ස්වාධීනත්වය

107(1) අග්‍ර විනිශ්චයකාරවරයා ද අභියාචනාධිකරණයේ සභාපතිවරයාද ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ වෙනත් සෑම විනිශ්චයකාරවරයෙක් ද ජනරජයේ ජනාධිපතිවරයා විසින් ස්වකීය අත්සන යටතේ වූ අධිකාර පත්‍රයක් මගින් පත් කරනු ලබන්නාහ.

(2) ඉහත කී සෑම විනිශ්චයකාරවරයෙක් ම යථා පැවැත්මෙන් සිටිනා තාක් ධූරය දරන්නේය. ඒ යම් කිසි විනිශ්චයකාරවරයකු ඉවත් කිරීම සඳහා ඔප්පුවී ඇති විෂම පැවැත්ම හෝ අබලතාව හෝ පදනම් කොට ගෙන (නොපැමිණි මන්ත්‍රීවරයන්ද ඇතුළුව) පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවෙන් බහුතර සංඛ්‍යාවක් විසින් සම්මත කරන ලද පාර්ලිමේන්තුවේ යෝජනාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් කරන ලද නියමයකින් හැර ඒ විනිශචයකාරවරයකු ඉවත් කළ නොහැක්කේය.

 

 

 

 



අදහස් (0)

ශිරානි පිළිගන්න අලුත්කඩේ සැරසේ

සෙනවි Wednesday, 28 January 2015 11:52 AM

දහම්- යහපාලනේ කොහොම වුණත් ගරුසරු ඇතිව කතා කරන්න පුරුදුවෙන්න. අනික ඉහත ලිපිය හොද හැටි කියවන්න. (බ)

:       0       0

අරුණ Wednesday, 28 January 2015 12:23 PM

දහම්ට විතරක් නොවෙයි හැමෝටම නොතේරෙන බොහෝ දේ පසුගිය කාලේ සිදුවුණා. (නි)

:       0       0

පද්මිණි Thursday, 29 January 2015 05:19 AM

ඇයටත් සාධාරණය ඉටු වුණා නේද (දිල්)

:       0       0

ටානියා Wednesday, 28 January 2015 01:25 PM

අගවිනිසුරුතුමිය නිවැරදියි (නි)

:       0       0

තිලක් -ඩුබායි Wednesday, 28 January 2015 02:30 PM

ජයවේවා.(හේ)

:       0       0

ඉන්දික Wednesday, 28 January 2015 03:51 PM

දැන් එතුමියගේ නඩු වලට මොකද වෙන්නේ. සාමාන්‍ය රජයේ සේවකයෙක් එහෙම ඕවා කරනම් කොහොමද දඩුවම (දිල්)

:       0       0

මුදියන්සෙ Wednesday, 28 January 2015 04:35 PM

දහම්, ඒ නඩු දැම්මා නම් ඒවා අවසන් කරන්න තිබුණා කලින්. ඔයාගෙ ගිණුමට සල්ලි දාලා ඒවා කවුද දැම්මෙ කියලා අහන්න ඔයාට අයිතියක් තියනවනෙ. ඒත් මෙතුමියට තාම උත්තරයක් නැහැ. (නි)

:       0       0

ලසන්ත Wednesday, 28 January 2015 05:31 PM

අපි නම් වෙනදෙයක් බලාගෙන ඔහේ ඉන්නවා (නි)

:       0       0

ජෝයි ගොඩ්රි Wednesday, 28 January 2015 06:23 PM

උසාවියෙ ටයිකෝට් දාපු පෙරකදෝරු මහත්වරු පාරවල් දිගේ පෙළපාලි යනවා.පිටරට අපි දැක්කා. (නි)

:       0       0

යොමාල් Wednesday, 28 January 2015 08:48 PM

ඇය සාධාරණයි.... (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 28 January 2015 11:48 PM

දැන් ඉන්න අගවිනිසුරුවරයා හෝ මතබේදයට තුඩුදුන් කලින් අගවිනිසුරුවරිය හෝ නැතුව අළුත් කෙනෙක් මෙම ගෞරවාන්විත තනතුරේ පිහිටුවීමට ගත් තීරණය ඉත‍ා නැණවත් තිරණයක්. (නි)

:       0       0

පිවිතුරු Thursday, 29 January 2015 01:51 AM

අගවිනිසුරු ඉවත්කිරීම ව්‍යවස්ථාදායකයේ කාර්යයක්. මේකටද කට්ටිය විධායකය නැතිකරනවා කිව්වේ? (නි)

:       0       0

සම්පත් Thursday, 29 January 2015 02:23 AM

අළුත් කෙනෙක් මෙම තනතුරේ පිහිටුවීමට ගත් තීරණය අගය කළයුතුයි. (නි)

:       0       0

නිමල් Wednesday, 28 January 2015 10:43 AM

ව්‍යවස්ථාවක් තියෙන්නේ මොකටද? (නි)

:       0       0

විදුරන්ග Wednesday, 28 January 2015 10:51 AM

අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

දර්ශන Wednesday, 28 January 2015 10:58 AM

ජයවේවා! (නි)

:       0       0

නිශාන්ත Wednesday, 28 January 2015 11:09 AM

ජයවේවා! (නි)

:       0       0

දුමින්ද Thursday, 29 January 2015 03:31 AM

වනගත කළ රටේ නීතිය නිසි ක්‍රම වලින් සුද්ද කළයුතු වේ (නි)

:       0       0

දහම් Wednesday, 28 January 2015 11:30 AM

දැන් එතකොට ශිරානිට විරුද්ධව තියෙන නඩු වලට මොකද වෙන්නේ? නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේද? එයාගේ මිනිහට විරුද්ධව තියෙන නඩුත් අහෝසිද? යහපාලනේ නම් එහෙම තමයි වෙන්න ඕනේ. (බ)

:       0       0

සමී Thursday, 29 January 2015 03:43 AM

දහම් , ලිපිය හරියට කියවන්න... "ඇය එම උත්සවයෙන් පසුව ගෞරවාන්විත ලෙස සමුගැනීමට නියමිතය" (නි)

:       0       0

නුවන් Wednesday, 28 January 2015 11:46 AM

දහම් , ඒකනේ හෙටම අස්වෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 112 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site