ශිරානි බණ්ඩාරනායක මහත්මිය නීත්‍යනුකූල අග විනිසුරුවරිය බව ජනපති නියමයෙන් ජනපති ලේකම් පී.බී.අබේකෝන් මහතා ඇයට ලිපියක් මඟින් දන්වා ඇත. ඒ අනුව ඇය අද(28) අධිකරණයට පැමිණියාය.
බ්‍රහස්පතින්දා(29) උදේ 8ට ඇය පිළිගැනීමේ උත්සවයකි. බෙහෝ විට ඇය එම උත්සවයෙන් පසුව ගෞරවාන්විත ලෙස සමුගැනීමට නියමිතය.
ජනාධිපති නීතිඥ පීටර් මොහාන් මෛත්‍රී පීරිස් මහතාට ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතා අද ලිපියක් යවමින් පවසා ඇත්තේ ඔහු නීති විරෝධී ලෙස අග්‍රවිනිශ්චයකාර ධූරය දරන බවයි.
එම ලිපියේ මෙසේ සඳහන්වේ.
‘‘ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රවිනිශ්චයකාරවරිය වන ආචාර්ය යූ.ඒ.බී.ඩබ්ලිව්.එම්.ආර්.ශිරාණි ඒ.බණ්ඩාරනායක මැතිනිය ඉවත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 ව්‍යවස්ථා ප්‍රකාරව යෝජනා සම්මතයක් පාර්ලිමේන්තුව විසින් 2013 ජනවාරි මස 11 වැනි දින සම්මත කොට නොමැති හේතුවෙන් ඔබ අග්‍රවිනිශ්චයකාර ධූරයට පත් කරමින් 2013 ජනවාරි 15 වැනි දින කරන ලද උද්දේශිත පත් කිරීම නීතියෙන් මුල සිටම අවලංගු හා බලශුන්‍ය බව අතිගරු ජනාධිපතිතුමාගේ නියමය පරිදි මෙයින් ඔබ වෙත දන්වා සිටිමි.‘‘
මේ අතර මහින්ද රාජපක්ෂ රජයෙන් ඉවත් කළ ශිරානි බණ්ඩාරනායක අග විනිසුරුවරිය ලෙස පිළිගන්නා බව ජනපති ලේකම් ඇයට යැවූ ලිපියෙන් දැක්වේ. එම ලිපිය මෙසේය.
‘‘ගරු අග්‍රවිනිශ්චයකාරතුමියනි,
ආචාර්ය යූ.ඒ.බී.ඩබ්ලිව්.එම්.ආර්.ශිරාණි ඒ.බණ්ඩාරනායක මැතිනිය
ජනාධිපති නීතිඥ පීටර් මොහාන් මෛත්‍රී පීරිස් මැතිතුමා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍ර විනිශ්චයකාරවරයා ලෙස කරන ලද උද්දේශිත පත් කිරීම නීතියෙන් මුල සිටම අවලංගු හා බලශුන්‍ය බව අතිගරු ජනාධිපතිතුමා විසින් එකී ජනාධිපති නීතිඥ පීටර් මොහාන් මෛත්‍රී පීරිස් මැතිතුමා වෙත දන්වා ඇති අතර එම ලිපියේ පිටපතක් මීට අමුණා ඇත.
ඒ අනුව ඔබට අග්‍රවිනිශ්චයකාර ධූරයෙහි කාර්ය හා කර්තව්‍යය සිදුකළ හැකි බව අතිගරු ජනාධිපතිතුමාගේ නියමය පරිදි දන්වා සිටිමි.‘‘
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 මෙසේ දැක්වේ.
අධිකරණයේ ස්වාධීනත්වය
107(1) අග්‍ර විනිශ්චයකාරවරයා ද අභියාචනාධිකරණයේ සභාපතිවරයාද ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ වෙනත් සෑම විනිශ්චයකාරවරයෙක් ද ජනරජයේ ජනාධිපතිවරයා විසින් ස්වකීය අත්සන යටතේ වූ අධිකාර පත්‍රයක් මගින් පත් කරනු ලබන්නාහ.
(2) ඉහත කී සෑම විනිශ්චයකාරවරයෙක් ම යථා පැවැත්මෙන් සිටිනා තාක් ධූරය දරන්නේය. ඒ යම් කිසි විනිශ්චයකාරවරයකු ඉවත් කිරීම සඳහා ඔප්පුවී ඇති විෂම පැවැත්ම හෝ අබලතාව හෝ පදනම් කොට ගෙන (නොපැමිණි මන්ත්‍රීවරයන්ද ඇතුළුව) පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවෙන් බහුතර සංඛ්‍යාවක් විසින් සම්මත කරන ලද පාර්ලිමේන්තුවේ යෝජනාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් කරන ලද නියමයකින් හැර ඒ විනිශචයකාරවරයකු ඉවත් කළ නොහැක්කේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දහම්- යහපාලනේ කොහොම වුණත් ගරුසරු ඇතිව කතා කරන්න පුරුදුවෙන්න. අනික ඉහත ලිපිය හොද හැටි කියවන්න. (බ)
දහම්ට විතරක් නොවෙයි හැමෝටම නොතේරෙන බොහෝ දේ පසුගිය කාලේ සිදුවුණා. (නි)
ඇයටත් සාධාරණය ඉටු වුණා නේද (දිල්)
අගවිනිසුරුතුමිය නිවැරදියි (නි)
ජයවේවා.(හේ)
දැන් එතුමියගේ නඩු වලට මොකද වෙන්නේ. සාමාන්‍ය රජයේ සේවකයෙක් එහෙම ඕවා කරනම් කොහොමද දඩුවම (දිල්)
දහම්, ඒ නඩු දැම්මා නම් ඒවා අවසන් කරන්න තිබුණා කලින්. ඔයාගෙ ගිණුමට සල්ලි දාලා ඒවා කවුද දැම්මෙ කියලා අහන්න ඔයාට අයිතියක් තියනවනෙ. ඒත් මෙතුමියට තාම උත්තරයක් නැහැ. (නි)
අපි නම් වෙනදෙයක් බලාගෙන ඔහේ ඉන්නවා (නි)
උසාවියෙ ටයිකෝට් දාපු පෙරකදෝරු මහත්වරු පාරවල් දිගේ පෙළපාලි යනවා.පිටරට අපි දැක්කා. (නි)
ඇය සාධාරණයි.... (නි)
දැන් ඉන්න අගවිනිසුරුවරයා හෝ මතබේදයට තුඩුදුන් කලින් අගවිනිසුරුවරිය හෝ නැතුව අළුත් කෙනෙක් මෙම ගෞරවාන්විත තනතුරේ පිහිටුවීමට ගත් තීරණය ඉතා නැණවත් තිරණයක්. (නි)
අගවිනිසුරු ඉවත්කිරීම ව්‍යවස්ථාදායකයේ කාර්යයක්. මේකටද කට්ටිය විධායකය නැතිකරනවා කිව්වේ? (නි)
අළුත් කෙනෙක් මෙම තනතුරේ පිහිටුවීමට ගත් තීරණය අගය කළයුතුයි. (නි)
ව්‍යවස්ථාවක් තියෙන්නේ මොකටද? (නි)
අපෙන් සුබ පැතුම්! (නි)
ජයවේවා! (නි)
ජයවේවා! (නි)
වනගත කළ රටේ නීතිය නිසි ක්‍රම වලින් සුද්ද කළයුතු වේ (නි)
දැන් එතකොට ශිරානිට විරුද්ධව තියෙන නඩු වලට මොකද වෙන්නේ? නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේද? එයාගේ මිනිහට විරුද්ධව තියෙන නඩුත් අහෝසිද? යහපාලනේ නම් එහෙම තමයි වෙන්න ඕනේ. (බ)
දහම් , ලිපිය හරියට කියවන්න... "ඇය එම උත්සවයෙන් පසුව ගෞරවාන්විත ලෙස සමුගැනීමට නියමිතය" (නි)
දහම් , ඒකනේ හෙටම අස්වෙන්නේ (නි)