ශ්‍රී ලංකා චෙස් සංගමය සංවිධානය කළ 5 වැනි කොළඹ ජාත්‍යන්තර චෙස් සැණකෙළියේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස ජාතික චෙස් ශූරී සචිනි දිනුෂිමා රණසිංහ සම්මාන දිනා ගත්තාය. ජාත්‍යන්තර චෙස් ශූරයකු වන චීන ජාතික බී ලී චාවෝ විවෘත ශූරතාව දිනා ගැනීමට සමත්විය.
චාවෝ ශූරතාව සඳහා ලකුණු 9.0 ක් ලබාගත් අතර ඉන්ටර්නැෂනල් මාස්ටර් තත්ත්වය ලබා සිටින ඉන්දීය ක‍්‍රීඩක පී. කාර්තිකියන් (ලකුණු 8.0) අනුශූරතාව ලැබීය. විවෘත ඉසව්වේ තෙවැනි හා සිවුවැනි ස්ථාන ද ඉන්දිය ක‍්‍රීඩකයන් දිනාගත් අතර මහනුවර ත‍්‍රිත්ව විදුහලේ ඉගෙනුම ලබන 16 හැවිරිදි චාමික පෙරේරා පස්වැනි ස්ථානය ලැබීය. චාමික පසුගිය වසරේ ජාතික චෙස් ශූරතාව දිනාගත් ක‍්‍රීඩකයාය.
අන්තර්ජාතික චෙස් ප‍්‍රවීණතා සහතිකය (ඉන්ටර්නැෂනල් මාස්ටර් තත්ත්වය) ලබා සිටින ශ්‍රී ලංකාවේ එකම ක‍්‍රීඩිකා සචිනි රණසිංහ කාන්තා ශූරතාව සඳහා ලකුණු 6.5 ක් ලබා ගත්තාය. වයි. මෙත්මාලි සහ නවෝදා ජයතිලක පිළිවෙළින් අනුශූරතාව සහ තෙවැනි ස්ථානය ලැබුහ.
කොළඹ මැගසින් උත්සව ශාලාවේදී පැවැති මෙම තරගාවලියේ ජයග‍්‍රාහී ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන්ට අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට ඒමේ අවස්ථාව හිමිවිය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd