IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ශ්‍රේණිගත බැඞ්මින්ටන් තරගාවලිය නුවරඑළියේදී හෙට ඇරැඹෙයි

ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සම්මේලනයේ සහයෝගයෙන් මධ්‍යම පළාත් බැඞ්මින්ටන් සංගමය මෙහෙයවන ‘නුවරඑළිය වසන්ත සමය’ විවෘත ශ්‍රේණිගත කිරීමේ (II වැනි ශ්‍රේණිය) බැඞ්මින්ටන් තරගාවලිය හෙට (25) නුවරඑළිය සිනෙස්ටා ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී ඇරැුඹෙයි. මේ මස 29 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 300 කට ආසන්න පිරිසක් ඉදිරිපත්ව සිටිති. ඔලිම්පික් පරිසාධක මට්ටම ඉක්මවා සිටින ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න සහ ජාතික ශූරී අචිනි රත්නසිරි තරගාවලියට සහභාගිනොවන බව වාර්තාවේ. තරගාවලියේ ක‍්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේදී විවෘත පිරිමි ඉසව්වෙන් ලසිත මේනක, ආර්. එස්. කසුන් ඉදිරියෙන් සිටිති. තිළිණි ප‍්‍රමෝදිකා, තිළිණි ජයසිංහ, චන්ද්‍රිකා ද සිල්වා සහ කාවින්දි ඉෂාදිකා විවෘත කාන්තා කේවළ ඉසව්වේ ඉදිරියෙන් සිටිති. විවෘත පිරිමි හා කාන්තා කේවළ, යුගල හා මිශ‍්‍ර යුගල ඉසව්වලින් සමන්විත තරගාවලියට වයස 11 න් පහළ, 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ (බාලක/බාලිකා) වයස් කාණ්ඩ ද ඇතුළත්ය. 17 න් පහළ සහ 19 න් පහළ වයස් කාණ්ඩ දෙකින් යුගල සහ මිශ‍්‍ර යුගල ඉසව් ද පැවැත්වේ.  විවෘත ඉසව්වේ ශූරයාට සහ ශූරියට නගරාධිපති කුසලාන පිරිනැමේ.



අදහස් (0)

ශ්‍රේණිගත බැඞ්මින්ටන් තරගාවලිය නුවරඑළියේදී හෙට ඇරැඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 306 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site