43 වැනි අගවිනිසුරුවරිය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය මීට ටික වේලාවකට පෙර අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ අගවිනිසුරු නිල කුටිය අසලින් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී කාර්යාලයයට ගියාය.
නීතීඥ සංගමයේ සභාපතී නීතීඥ උපුල් ජයසූරිය මහතා අතට අත දී ඇය පිළි ගත්තාය.
එතැන වටවී සිටි නීතීඥවරු ඇයට මල් මාලා පැළැඳවූහ.
ශිරාණි බණ්ඩාරනායක 43 වැනි අගවිනිසුරුවරිය ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියේ වසර දෙකකට පසුය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ එම් ඒ සුමන්තිරන් , ජ්‍යෙෂ්ඨ නීතීඥ ජේ සී වැලිඅමුණ මහත්වරු ඇතුළු නීතීඥවරු රැසක් ඇය පිළිගැනීමට පැමිණ සිටියහ.
අග විනිසුරු මොහොන් පීරිස් මහතා පැමිණ සිටියේ නැත ඔහු අද මහනුවර ගොස් සිටියේය.
ඡායාරූප - තිළිණි ද සිල්වා




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ යකඩ කතකි කළු ගලක් දෙපලු කල (නදී)