IMG-LOGO watawala

2024 මැයි මස 21 වන අඟහරුවාදා


ශිරාණි මිනිත්තු 45ක් කොමිසම ඉදිරියේ

අල්ලස් කොමිසමේ සාමාජිකයකුගේ භාර්යාවක් තමාට එරෙහි දෝෂාභියෝගයේදී පක්ෂග්‍රාහීව කටයුතු කළ හෙයින් අල්ලස් කොමිසමට ප්‍රකාශයක් කිරීම ගැන මූලික විරෝධයක් මතුකරන බවත්, ඊට කල් අවශ්‍ය බවත්, හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අල්ලස් කොමිසම හමුවේ කියා සිටියාය.

එම විරෝධය ලබන අප්‍රේල් පස් වැනිදාට පෙර ඉදිරිපත් කරන්නැයි කොමිසම ඇයට දැන්වීය.

මේ සඳහා ඇයට අප්‍රේල් පස් වැනිදා තෙක් කල් කොමිසම  තීරණය කළේය.

ඇගේ නීතීඥවරුන් කියා සිටියේ පරීක්ෂණ පවත්වන ස්වභාවය, පරීක්ෂණ විෂය පථය ගැන ද කොමිසමෙන් දන්වා නැති හෙයින් ප්‍රකාශයක් කිරීමට ඇයට හැකියාවක් නැති බවයි.

ඉන්පසු නිලධරයෝ ඇයට කෙටියෙන් කියා සිටියේ වත්කම් හා බැරකම් ප්‍රකාශය සම්බන්ධයෙන් මේ පරීක්ෂණය කරන බවයි.

බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු පදවියෙන් ඉවත් කිරීමෙන් පසු ඇය පෙනී සිටි මුල්ම අවස්ථාව මෙයයි. ඇය සිය නීතීඥවරුන් සමග කොමිසමේ ඉදිරිපස ගේට්ටුව අසළට පැමිණිවිට එහි රාජකාරි කළ පොලිස් සැරයන්වරයකු කීවේ පිටුපස දොරටුවෙන් ඇතුළුවන ලෙසයි. ඇය එය ප්‍රතික්ෂේප කළාය.

ඇය මිනිත්තු 45ක් පමණ කොමිසමේ ගත කළාය.

සිය පුත් ශවීන් පැදවූ කාරයෙන් රාජගිරියේ නිවසට යන්නට පෙර මාධ්‍යවේදීන් ඇගෙන් ප්‍රශ්න කළ නමුත් කිසිවක් කීමට නැතැයි ඇය සිනාමුසු මුහුණින් කියා පිටත්ව ගියාය.

 

 



අදහස් (0)

ශිරාණි මිනිත්තු 45ක් කොමිසම ඉදිරියේ

සුනේත්‍රා Monday, 18 March 2013 09:30 PM

ඇයි මීට කලින් දැකලා නැද්ද, යනවා මනුස්සයෝ යන්න !(දී)

:       0       0

දේවක Tuesday, 19 March 2013 12:03 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

මුණගම Monday, 18 March 2013 06:25 PM

මෙහෙම කරන්න එපා, මතක තියා ගන්න මේ හිටපු අග විනිසුරු වරියයි (දී)

:       0       0

ලාල් Monday, 18 March 2013 06:31 PM

පව්. කියන්නේ මට ඇත්තටම දුකයි (දී)

:       0       0

චන්ද්‍රා Tuesday, 19 March 2013 02:49 PM

ඔබතුමියට අපේ සහාය (දී)

:       0       0

සරත් Tuesday, 19 March 2013 02:51 PM

මොනවා කරන්නද (දී)

:       0       0

සජීව Tuesday, 19 March 2013 10:11 AM

අපි කවදත් ඔබ වනුවෙන් (දී)

:       0       0

සහන් Tuesday, 19 March 2013 10:06 AM

මේ ප්‍රශ්නය නවත්වන්න කාලය හරි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කළුතර වෙඩි තැබීමකින් තිදරු පියා මරුට:දියණියට තුවාල
2024 මැයි මස 20 520 0

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද රාත්‍රී සිදුවූ වෙඩි තැබිමකින් තිදරු පියකු මියගොස් ඔහුගේ 7 හැවිරි දියණිය තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.


සුළඟින් ගම්පහ තොරණට හානි
2024 මැයි මස 20 363 0

ගම්පහ ප්‍රදේශය හරහා හඹා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් අස්ගිරිය ඇනිකට් හන්දිය අසල ඉදිකරමින් තිබූ වෙසක් තොරණට දැඩි ලෙස හානි සිදුව තිබිණි.


ලංකාවේ අයි.එස් 4ක් ඉන්දියාවේදී අල්ලයි
2024 මැයි මස 20 304 0

පාකිස්තාන බාරකරුවන් පැමිණ රාජකාරී සහ අවි ලබාදෙන තෙක් අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටි අයිඑස් ත්‍රස්තවාදීන් ලෙසින් සැලකෙන ලාංකිකයන් ස


ඉරාන ජනපති අභාවයට හෙට ශෝක දිනයක් කරයි
2024 මැයි මස 20 503 0

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ අභාවයට ශෝකය පළකිරීම සඳහා ශ්‍රී ලංකා රජය හෙට (21) ශෝක දිනයක් ලෙස නම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ පවසයි.


අනධ්‍යයන සේවක වර්ජනයෙන් උපාධි උත්සවත් කඩාකප්පල්
2024 මැයි මස 20 280 0

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාල කීපයකම උපාධි ප්‍රදානෝත්සව දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.


ලංකා - ඉන්දුනීසියා නායකයෝ හමු වෙති
2024 මැයි මස 20 153 0

ඉන්දූනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතා අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 839 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2379 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2042 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site