අගවිනිසුරුවරයකු ඉවත් කළ හැකි එකම ආයතන පාර්ලිමේන්තුව බවත්, ඒ බලය වෙන කිසිවකුට ගත නොහැකි බව කතානායක විසින් අර්ථ නිරූපනය කර ප්‍රකාශ කර ඇති බවත්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු 150 ක් 2013 ජනවාරි 13 වැනි දා සම්මත කළ යෝජනාව අනුව ඉවත් කළ ඉවත් කළ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක නැවත පත් කිරීම පාර්ලිමේන්තුව හෑල්ලු කිරීමක් බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී කීවේය.
අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කළ මෙම ප්‍රහාරය සෝචනීය අවස්ථාවක් ලෙස සැලකිය හැකි බව මන්ත්‍රීවරු පැවසූහ.
විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසුවේ අගවිනිසුරු ඉවත් කිරීමේ ක්‍රමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති බවයි. ඉන් බාහිර ක්‍රම යොදා ඔහු ඉවත් කිරීම යහපාලනය දැයි ඔහු ප්‍රශ්න කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබන මැතිවරණයේදී 12% ක් ඡන්ද අඩුවීමක්. (නදී)
සමන්ති ඔයාගේ සාමාන්‍ය දැනීම නැද්ද (දිල්)
ඔය මොන කෙරුවාවෙනුත් බාල්දු උනේ රටේ නීතිය (නදී)
ඉන්දික ඔබ හරි බොහෝ දෙනෙක් අදහස් ප්‍රකාශ කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීතිය ගැන නොදැනයි(දිල්)
දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා ,ඔබතුමා පත්වෙලා තියෙන තත්ත්වය ගැන හරිම දුකයි."බොරලුගොඩ සිංහයා" හදුන්වපු නායකයෙකුගේ පුතෙක් නේද ඔබ (දිල්)
කකුළුවා කෙලින් යන්නෙත් නැහැ. අනිත් අය යන විදිහේ වැරැද්දයි පේන්නේ. හරියට කරන්න නම් තමාගේ පක්ෂෙන් තනියම ඉල්ලලා එන්නකෝ. (නදී)
මේ ගොල්ල දැන්ද ඇහැරුනේ. කොන්ද පන නැතිව බැසිල්ගේ ආර්ථික අමාත්‍යංශයේ කෙරෙන වැඩ ගැන විරුද්ද වෙන්න බැරුව නේද හිටියේ? අන්තිමට මෙන්න සුදනෝ වෙන්න හදනවා. (නදී)
ශිරාණි උනත් මොහාන් උනත් මට නම් වැඩක් නැහැ. පෙරකදෝරුවෝ ලඟින් ගියත් මාර බිලක් දෙනවා. උන් ඔක්කොම එකයි. (නදී)
රාජපක්ෂ රජය වැරදි කළත් යහපාලනය නම් ව්‍යවස්ථාවට ගරු කළ යුතුයි නේද ? (නදී)
ඇත්තටම විමල් 8 පාස්ද ? (නදී)
ශිරාණි ගෙනා විදිය වැරදි කියන ඔබට ශිරාණිව අයින් කල විදිය හරිද? මොහාන්ව යවපු විදිය හරි නැහැ කියන ඔබට, මොහාන්ව ගෙනාපු විදිය හරිද? අග්‍රවිනිශ්චකාර තනතුර කියන්නෙ අපක්ශපාතී ගරු කටයුතු තනතුරක්. (හේ)
එහෙනම් මොහාන් ගෙනා හැටි හරිද? ශිරානි යැව්ව හැටි හරිද? ඒ දවස් වල අධිකරණයේ ස්වාධිනත්වය ආරක්ෂා කළාද ඔය කියන අය.(හේ)
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 මෙසේ දැක්වේ. අධිකරණයේ ස්වාධීනත්වය 107(1) අග්‍ර විනිශ්චයකාරවරයා ද අභියාචනාධිකරණයේ සභාපතිවරයාද ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ වෙනත් සෑම විනිශ්චයකාරවරයෙක් ද ජනරජයේ ජනාධිපතිවරයා විසින් ස්වකීය අත්සන යටතේ වූ අධිකාර පත්‍රයක් මගින් පත් කරනු ලබන්නාහ. (2) ඉහත කී සෑම විනිශ්චයකාරවරයෙක් ම යථා පැවැත්මෙන් සිටිනා තාක් ධූරය දරන්නේය. ඒ යම් කිසි විනිශ්චයකාරවරයකු ඉවත් කිරීම සඳහා ඔප්පුවී ඇති විෂම පැවැත්ම හෝ අබලතාව හෝ පදනම් කොට ගෙන (නොපැමිණි මන්ත්‍රීවරයන්ද ඇතුළුව) පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවෙන් බහුතර සංඛ්‍යාවක් විසින් සම්මත කරන ලද පාර්ලිමේන්තුවේ යෝජනාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් කරන ලද නියමයකින් හැර ඒ විනිශචයකාරවරයකු ඉවත් කළ නොහැක්කේය. කට්ටියම මේක බලලා තමුන්ගේ අදහස් හරිද කියල බලන්න (නදී)
එතකොට ශිරානි යවපු හැටියි මොහාන්ව ගෙනාපු හැටියි. ? ඒක හරිද මන්ත්‍රී තුමෝ. ? (හේ)
වැරැද්දක් නම් පේන්න නෑ.(හේ)
බැංකුවක සභාපති කෙනෙක්ව අග විනිසුරු තනතුරට පත් කරන එක හරිද ? ඒ බැංකුව සම්බන්ධ නඩුවකදී පක්ෂපාත වෙන්නේ නැහැ කියල පිටේ කොටලා තියනවාද ? අපි නීති විශාරදයෝ නෙවෙයි, හැබැයි ඉහල සාක්ෂරතාවයක් තිබෙන රටක යමක් කමක් ඉගෙන ගත්තු මිනිස්සු. රටේ හැම තැනකටම ගෙවල් වල මිනිස්සු පත් කරගන්න කැමති නම් ඒකත් ඔය කියන ව්‍යවස්ථාව අනුව පුළුවන් කියාවි. (නදී)
ඔබ තුමන්ලා මුලින්ම එතුමියව යවපු විදියයි වැරදි (නදී)
එහෙම නම් ශිරාණි මැතිනිය ගෙදර යැවූ හැටි සහ මොහාන් මහතා පත් වූ හැටි හරිද කියල ඔබතුමා ම කියන්න කෝ. ඔය ව්‍යවස්ථාවට අනුව ඒකත් ලියවිලා ඇතිනේ. (නදී)
මොනවා උනත් ජනතාවට සහන දෙනවනේ (නදී)
එතකොට එතුමියව යවපු විදිහ හරිද ඔබතුමාලාගේ ආණ්ඩුව කාලේ? (නදී)
ශිරාණි මහත්මියට පාර්ලිමේන්තු කාරක සබාවට එන්න කියා කතා කල විදිය මතකද. (නදී)
කරුණාකර විවාදය සජීවීව නාලිකා වල පෙන්වන්න, අපට යහ තර්ක දැනගන්න (නදී)
දැන් බලන්න ශිරානි මැතිනිය එක දවසක් ඇවිත් අනිත් දවසේ විශ්‍රාම යනවා. ඒකෙන්ම පේනවා තනතුරට කොතරම් සුදුස්සෙක්ද කියලා. කිසිම තනාහාපති කමක් නැතිව තනතුර අත ඇරලා යනවා. එ්කට සමහරු. මිනිස්සු හු කියද්දී තව තවත් පුටුවේ වාඩි වෙන්න යනවා. (නදී)
දෙන්නටම හිස කුඩිච්චියක් දාන්න වෙයි (නදී)
එලොවටත් නැති මෙලොවටත් නැති මන්ත්‍රීවරු (නදී)
මොහාන් පීරිස් ගෙනා හැටි වැරදි නම්, ශිරාණි යවපු විදිහ වැරදි නම් ඉතින් කොහොමද මොහාන් පිරිස් හරි අග විනිසුරු වෙන්නේ. ශිරාණි ව ඉවත්කරලා නැතිකොට හරි විදිහට. (නදී)
මොකද මෙච්චර කලබල. මොහාන් මහතාව නීත්‍යානුකූලව යවලා ඕන කෙනෙක්ව පත් කර ගන්න තිබුනනේ (නදී)
නිමල් සිරිපාල මන්ත්‍රී තුමාට අමතක වීමේ අසනීපයක් නැහැ නේද ? ශිරාණි බණ්ඩාරනායක මැතිනිය අයින් කලෙත් ඔය අතේ තියාගෙන පෙන්වන ව්‍යවස්ථාව අනුවද නැති නම් අපි නොදන්නා වෙන ව්‍යවස්ථාවක් අනුවද ? (නදී)
මලික්, රසික, ශිරානි නෝනා යැව්වේ , පාර්ලිමේන්තුවේ කල විභාගයකින් පසුව පාර්ලිමේන්තු තීරණයකට අනුවයි. (නදී)
ඇමතිතුමෝ යහ පාලනය ගැන ප්‍රශ්න කරන්න පුළුවන් වෙන්නේ තමන් යහ පාලනයක් ඒ දවස් වල බලයේ ඉන්නකොට ඇති කර තිබුනා නම් විතරයි. නමුත් චන්ද දායකයන් වන අපිට ඒකට සම්පුර්ණ අයිතිය තිබෙනවා. අවශ්‍ය වෙලාවේදී අපි ප්‍රශ්න කරනවා. (හේ)
දැන් කව්රුත් වැරදි කිව්වට ඒ කාලේ ඔය පර්ලිමෙන්ට් එකෙන්ම නේද ඉහල බලපෑම මත එතුමියව ඉවත් කලේ (නදී)
මේ ඔක්කම හරි නිමල් ඔයා හැදිල තියන විදිය වැරදියි (නදී)
කුමාර , අපි මේ රටේ ඉන්න ගොන් තඩියන් නෙවෙයි. කවුද ඒ පරීක්ෂණයට හිටපු පරීක්ෂක මඩුල්ල. ? අට පාස් දේශපාලකයෙක් ද ? තනිකර දේශපාලන පලි ගැනීමක්. පනතකට විරුද්ධ වුන පලියට කල අපරාධයක් ගෙනාවේ කවුද ? තමන්ගේ පුද්ගලික සාද, සම්භාෂණ වලට සහභාගී වෙන අයෙක්. මේවා අපක්ෂපාති නීතියක් තිබෙන්න ඕන රටක වෙන දේවල්ද ? (නදී)
තමන් කැමති පක්ෂය හෝ කෙනා කරා නම් එයා හරි. අකමැති කෙනා කරානම් ඕනෙම දෙයක් වැරදියි. කන්න හිතුනාම කබරගොයත් තලගොයා. මේක තමයි ඇත්ත. ශිරාණි තනතුර දරද්දී සැමියාට රජය හරහා බැංකු සභාපති තනතුර ගැනීමත් වරදක්. ඉන්පසු පුද්ගලික ගැටුම් ඇති වුනාම රජයට අවාසි තීරණ ගැනීමත් දීමත් වරදක්. ඔක්කොමලගේ කිල්ලෝටවල හුණු කියල තේරුම් නොගෙන එක එක්කනාට චරිත සහතික ලියන්න අපි හැමෝම දක්ෂයි. (නදී)
මේ ඔක්‍කොම හරි. හැදිල තියෙන විදිහ තමයි වැරදි (නදී)
ජාතික ප්‍රතිපත්තියක් නැතිව බල්ලන්ටයි කොල්ලන්ටයි ඕන විදිහට මේවා කරන්න යාමෙන් මේක අවුලෙන් අවුලට පත් වෙන වැඩක්. ඒ කියන්නේ මොහාන් මහතා මැදිහත් උන තීන්දු සියල්ලම අභියෝගයකට ලක් කරන්න පුළුවන්. අහෝ අභිමානවත් ශ්‍රී ලංකා මවුනි ජාතික නායකත්වයක් නැතිව අනාථ වන ගෝත්‍රික රටක් බවට පත් වන එක ගැන හදවතින් හඬා වැටෙමි. (නදී)
කුමාර පුළුවන් නම් අර ගිහාන් අහපු ප්‍රශ්නයට උත්තර දෙන්න. වෙන බහු භූත අපිට එපා. යවපු විදිය විතරක් හරි වෙලා බැහැ. අනෙක් කෙනාව ගෙනාපු විදියත් හරි වෙන්න ඕනා. (නදී)
ජානක, නීත්‍යනුකුලව යවන්න ඕනා නීත්‍යනුකුලව පත් කර ගත්ත කෙනෙක්ව නේ. (නදී)
කුමාර දන්න දේවල් (නදී)
කුමාර, එම විභාගය කලේ 8 පාස් නැති විමල් වගේ අය. (නදී)
දිනේෂ් මහතා මොන පක්ෂයේ නායකයද ? (නදී)
මලික්, රසික, ශිරානි නෝනා යැව්වේ , පාර්ලිමේන්තුවේ කළ විභාගයකින් පසුව පාර්ලිමේන්තු තීරණයකට අනුවයි.(හේ)
කුමාර ඔය මහා ලොකු විභාගයේ පරීක්ෂක ධුරයේ කවුද හිටියේ ? මේ උගත් කාන්තාව අපහසුතාවට පත් කරමින් කෙළතොළු ප්‍රශ්න අහපු අට පාස් කෙනෙක්. අඩු ගානේ පරීක්ෂණයකදී ප්‍රශ්න අහන හැටි තියා වේදිකාවක ශීලාචාර මිනිස්සු ඉස්සරහ කතා කරන පිලිවෙලවත් දන්නා කෙනෙක්ද ? (හේ)
කුමාර ඔය ලොකු විභාගයේ පරීක්ෂක ධුරයේ කවුද හිටියේ ? මේ උගත් කාන්තාව අපහසුතාවට පත් කරමින් ප්‍රශ්න අහපු කෙනා කවුද? (දිල්)
සිරිපාල මහත්තයෝ ඡන්දෙ කාලේ රුපවාහිනී දැන්වීමක් ගියා අහන අහන ප්‍රශ්නෙට කියන්නේ "යුද්දේ දිනුවනේ මල්ලි" කියලා. ඒවගේ මේකටත් කියමු "ජනතාව ඉල්ලපු දේ වුණානේ මල්ලි " කියලා.(දිල්)
සිද්ධ වියයුත්තේ මෙවැනි සිදුවීම් අනාගතයේදී සිදු නොවන විදිහට අධිකරණයේ ස්වාධිනත්වය දෙපැත්තෙන්ම ආරක්ෂා වෙන විදිහේ වැඩ පිළිවෙලක් සකස් කිරීම. (ර)
මෙතන ගැටලුව තියෙන්නේ බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුතුමිය ඉවත්කළ එකේ වරදක් තියනවා නම් එය විධිමත් විදිහට පාර්ලිමේන්තුවේ පෙන්වා දිලා, පීරිස් අගවිනිසුරුවරයා නියමාකාරයෙන් ඉවත්කරලා නව රජයේ යහපාලනය පෙන්වන්න තිබුනා. නමුත් සිදුවුණේ වෙන දෙයක්. (නි)
කුමාර ඔයා හරි කියන්න ඕන දේ ඔයා කියලා තියෙනවා (නදී)
තමුන්නාන්සේලා එදා අධිකරණය බාල්දු කරපු එක හරිද ?බොරලුගොඩ හිටියේ සිංහයෝ. රජය එකාධිපති වැඩ කරනකොට බොරු සිංහයෝ සිග්නල් කණු වගේ ඉදල .දැන් ඔය කරන කතා එදා කරන්න තිබුනනේ (දිල්)
කාලයක සිටම මුළු නීති ක්ෂේත්‍රයම උලා කාපු කොස් වහල්ලක් වැනිය. (නදී)
මේ දිනේෂ් කියන්නේ බොරලුගොඩ පරපුරේ කෙනෙක්ද කියල හොයල බලන්න (නදී)
මේ අය ඒ කාලේ නිහඩව සිටියේ ඇයි ( දිල්)