
(මංගල එදිරිසිංහ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ඉල්ලා අස්වෙලා ආදර්ශයක් දෙනවා නම් මමත් ඉල්ලා අස්වෙන්න ලැහැස්තියි යැයි තරුණ කටයුතු සහ ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.
සර්වපාක්ෂික සමුඑවේදී අලුත් අයවැයක් පිළිබඳව කතාවුණා පමණක් නොව මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩලය අඩුකිරීමට යෝජනාවක් ගෙන ආවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් ඉල්ලා අස්වී එම ආදර්ශය පෙන්විය හැකියි. එසේ වුවහොත් තමාත් ඉල්ලා අස්වි පොහොට්ටුවෙන් ආදර්ශයක් දෙනවා.
හොරණ රාජකිය විද්‍යාලයේ පැවති උත්සවයකට එක් වෙමින් ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෙලාවේ ඡන්දයක් තියන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හරස්වෙනවා නම් ඔය 225ම අස්වෙයල්ලා... ජනාධිපතිවරයාට වුණත් එහෙම කරන්න පුළුවන්...
කොන්දේසි දාන්න ඕන නෑ. රාජපක්ෂ පවුලට දීපු අමාත්‍යංශ හොඳටම වැඩියි. ඔයා විතරක් නෙවෙයි, ඔය බුරුත්තේ ජනාධිපතියි තව එක රාජපක්ෂ කෙනෙකුයි හිටියා නම් හොඳටම ඇති. රාජපක්ෂ පවුලේ ඇමැතිලාට අපි කීයක් වියදම් කරනවද ගැන හිතලා බලන්න... ඒකේ මොකක්ද සාධාරණත්වය?
පව්... තාම ආදර්ශ ගන්නේ වෙන පක්ෂවලින්. තමන්ගේම මතයකට තවම මොලේ පොඩි වැඩියි වගේ...
අනේ ඔබතුමා නම් අයින් වෙන්න එපා. එතකොට අපිට ගොඩක් දුක හිතෙනවා. අපේ බේබි ගියාම අපේ රටට මෝටර් සයිකල්, කාර්රේස් දෙන්න කවුරුවත් නැහැනේ. ඔයා නැතිවුණාම අපේ රටේ කිරිපිටි, සහල්, භූමිතෙල්, පෙට්‍රල්, ඩීසල් මුකුත් නැතිවෙනවනේ. අනේ යන්න එපා බේබි...
"නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් ".
තවත් මෝඩ කතාවක්... ආදර්ශ දෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආදර්ශ දෙනකල් ඉන්න ඕනෙ නැහැ. තනියම දෙන්න පුළුවන්...
මෝඩ දේශපාලන කතා අනවශ්‍යයි...
කාගෙන්වත් ආදර්ශ මොකටද? තමුන්ගේම රට කරවන අය ඉන්නේ... බලලෝභී බඩගෝස්තරවාදි පවුල් පාලනේ අයට බල තණ්හාවට වැඩිය දෙයක් නැහැ. හොර පෙරකදෝරුවා ජනතාව ගොනාට අන්දවන්ට හදනවා...
සිරිසේන කරන්නේ මහින්දගේ කොන්ත්‍රාත්තුවක්, බොලාට ඕනේ එකක් කරගනිල්ලා... ලබන ඡන්දෙදී ගියවර එජාපයට දුන්නා වගේ හැඳි ගෑවිලා යන්නම දෙමු.
ඉස්කෝලයකට ගිහින් ඔය වගේ දේශපාලන කතා කිරීම තුළින්ම පෙනෙනවා ඔබතුමා කොන්දේසි විරහිතව මන්ත්‍රීකමෙනුත් ඉල්ලා අස්විය යුතුබව...!
මෙයාට කවුද ආරාධනා කළේ...?
මේ වගේ කෙනෙකුට කවුද ආරාධනා කළේ? ඔක්කෝම එකයි..
කොහොමද ඊළඟ ජනාධිපති අපේක්ෂකගේ මොලේ...?
ඇඳුම් ඇඳගෙන කතාකරන බවක් පේන්න නැහැ...! මේ දවස්වල රිදියගම පාර්ක් එක බලන්න හරියට මිනිස්සු යනවා..! එහෙ ඉන්න ඕන සමහර සතුන් තම මහජනයා අතර සැරිසරනවා කියලා අල්ලලා දෙන්නලු.
ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා ලෙස කියලා පැරණි උපදේශයක් තිබුණා.. ඒ අනුව ආදර්ශමත් වෙලා 1975දී එවකට විපක්ෂ නායක ජේ.ආර් උතුරු කොළඹ මන්ත්‍රි තනතුරෙන් ඉල්ලා අස්වෙලා ගියා. ඒ කාලේ එහෙම කළාම අතුරු මැතිවරණයක් තියන්න වෙනවා. එතුමා 1975 -1977 දක්වා හිටියේ එහෙම පත්වෙලා.. තමනුත් අනුන්ට කියකියා නොඉඳ අස්වෙන්නකෝ...!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උදවිය බොරු රඟපෑමක් කරන්නේ... පක්ෂ 11යි කියලා සෙට් වුණා. ඇමැතිවරු දෙන්නෙක් අයින් කළා. ඒත් මේ අය අයින් වෙන්නේ නෑ... ලෝබකමට..