ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් සුරේන් රත්වත්තේ මහතා ඉවත් කිරීමට එහි අධ්යක්ෂ මණ්ඩලය කටයුතු කර තිබේ.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් 6 දෙනකු ඉකුත් දෙසැම්බර් මාසයේදී අස්වීමේ ලිපි බාර දුන්න ද නව අධ්යක්ෂ මණ්ඩලයක් ස්ථාපිත කරන තුරු එම අධ්යක්ෂ මණ්ඩලයටම රාජකාරී කරගෙන යන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබිණි.
මේ අනුව ඉල්ලා අස්වීමේ ලිපි බාරදීමෙන් පසු පළමු වරට පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී (25) අධ්යක්ෂ මණ්ඩලය රැස් වී ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්තේ තවදුරටත් එම ධුරයේ තබාගන්නේ ද යන්න සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පවත්වා තිබේ. එහිදි සුරේන් රත්වත්තේ මහතා ඉවත් කිරීමට පක්ෂව ඡන්ද 5ක් ලැබී තිබෙන අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද දෙකක් පමණි.
කෙසේ නමුත් වැඩබලන අධ්යක්ෂ මණ්ඩලයකට එවැනි තීරණයක් ගැනීමට බලය නැතැයි ද ප්‍රධාන විධායක නිලධාරියා තනතුරෙන් ඉවත් කිරීමට හැකියාව ඇත්තේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාට යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇතැයි ආරංචි මාර්ග කියයි.
සුරේන් රත්වත්තේ මහතා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉවත් කිරීමට ඡන්දය දුන් පිරිස අතර සමාගමේ සභාපති අජිත් ඩයස් මහතා ද වේ. අජිත් ඩයස් මහතා ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන් සමාගමේ අධ්‍යක්ෂකවරුන් හයදෙනාගෙන් කෙනෙකි.
කෝප් කමිටුවට අසත්‍ය තොරතුරු ලබාදුන් බවට ද සුරේන් රත්වත්තේ මහතාට චෝදනා එල්ල වී තිබේ.
මේ අතර ඉදිරි දින කිහිපය ඇතුළත ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමට නව අධ්යක්ෂ මණ්ඩලයක් පත්වනු ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ඉකුත් දා (17) මාධ්‍ය හමුවකදී පැවැසීය.
සන්ඬේ ටයිම්ස් ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පුරප්පාඩුවට කලින් අධීක්ෂණ කටයුත්තක යෙදීසිටි දැන් නඩු හබ කිහිපයකට පැටලී ඉන්න කෙනෙකුගේ වැඩිමහල් සහෝදරයකු වන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සිදුවූ දූෂණ පිළිබඳ වාර්තාවේ නම සඳහන් අයෙකු පත්කිරීමට යනබව කියන්නේ ඇත්තද?
ඕ ලෙවල් දෙසැරයක්ම ෆේල් වුණත් මම කලම්බු සෙවන් කොලෙජ් එකක ස්ටඩි කළේ. ක්‍රිකට්, රගර් එහෙමත් ප්ලේ කරලා තියෙනවා. සිංහල පොඩ්ඩක් වීක් වුණාට මගේ ඉංග්ලිශ් සුපර්බ්. මගේ සිස්ටර් මැරි කරලා ඉන්නේ මිනිස්ටර් කෙනෙක්. ඉතිං මටත් හිතෙනවා ඩිරෙක්ටර් පෝස්ට් එකකට ඇප්ලයි කරලා බලන්න. මගේ බ්‍රදර් ඉන් ලෝ කිව්වා සපෝට් කරන්නම් කියලා.
නිකන් එළියට දාලා බැහැ මෙයාගේ තනි මතයට ජනතා මුදල් කෝටි දහස් ගණනක් පාඩුකළා. දෙගොල්ලන්ම එකම වල්ලේ පොල්... මව්බිම ගැන කිසිම හැඟීමක් නැහැ. මේ අයට දඬුවම් දෙන්න ආණ්ඩුවක් 2020දී වත් හදමු.
මේ සමාගම කාලා දැම්මා. ගුවන් සේවිකාවන් සමග ජෝගි නටපු අයව අල්ලන්නේ නැද්ද?
මේ ගොල්ලෝ කොහොමද රනිල්ගේ කෙනෙක් අස් කරන්නේ? රනිල්ගේ පුද්ගලයා වැරදිනම් ඔබලා අස්වෙලා යනවා. අපි දන්නේ නැහැ මෙතන කව්රු හරිද? කව්රු වැරදිද කියලා...
හිල් කූඩෙන් මම වතුර අදින්නම් ඔබේ මගුල් දවසේ...
හිසරදයට කොට්ට මාරු කරලා.
මට මිලානෝ එන්න විසා හදල දුන්නේ රනිල් මහත්තය මොනවා උනත් මට පිටු පාන්න බැහැ රෙදි බැනියන් මට පෙන්න බැහැ උන් හිඟන්නෝ
මේ රදල පෙළපත මුළු දෙශපාලනයෙන් සහ රාජ්‍ය පාලනයෙන් අතුග දැමිය යුතුය.