IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ලංසු කැඳවීම දිග් කරයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ලංසු කැඳවීමේ කාලය තවත් දින 45 කින් ඉදිරියට ගෙන ඒමට ටෙන්ඩර මණ්ඩලය තීරණය කර ඇැතැයි වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (5) පැවසීය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය පෞද්ගලික ආයෝජකයෙක්ට පැවරීම සදඟා ලංසු කැඳවීම අද අවසන් කිරීමට නියමිතව තිබුණ ද ඒ සඳහා උපදෙස් දෙන අයිඑස්සී ආයතනය ලංසු භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කරන ලෙස කළ ඉල්ලීමකට අනුව මෙම දීර්ඝ කිරීම කළ බවත් අමාත්‍යවරයා කීය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය දරණ දැවැන්ත ණය බරින් කොටසක් රජය භාරගනීමට කටයුතු කළ හොත් ශක්තිත් ආයෝජකයෙක් ගැනීමේ හැකියාව ඇති බවත් දැවැන්ත ණය බරත් තිබියදී හොඳ ආයෝජකයෙක් ශ්‍රී ලන්කන් ගුවන් සේවය භාරනොගන්නා බව අයිඑස්සී ආයතනය දැනුම්දී ඇති බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (6)

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ලංසු කැඳවීම දිග් කරයි

අරවින්ද මොනරවිල Tuesday, 05 March 2024 01:39 PM

ඩීසල් එක දැම්ම එකා තවම ලංසුව දීලා නැතුව ඇති.

:       1       12

Hafeel Tuesday, 05 March 2024 01:56 PM

මෙයාගේ ඉතා මෝඩ අදහස් කියල කාටත් පහසුවෙන් දැන ගන්න පුළුවන්. පාඩුවෙන් කොටසක් රජය බාර ගන්නවා නම්, ශක්තිමත් ආයෝජකයෙක් ගැනීමේ හැකියාව තියනවා බව. එහමනම්, එම ආයෝජකයාටත් මෙම ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ගොඩ දාන්න බැහැ. අනික එම ආයෝජකය මෙයා ඉල්ලන්න කොමිස් මුදලේ ගාන හරියට කියල නැතුව ඇති.

:       1       12

Anura Pathirana Tuesday, 05 March 2024 02:21 PM

අමුක ඩුමුක ජමල් ජමල් කොමිස් කොමිස්

:       1       10

Lalla Tuesday, 05 March 2024 04:22 PM

ඕක වහලා දාන්න. විකල්ප නෑ...!

:       0       0

Prabha Tuesday, 05 March 2024 04:45 PM

ණය අපේ කර උඩ තියලා හොඳ ගාණක් සාක්කුවේ දාගන්න වෙන්න ඇති කල්පනාව...

:       0       0

පිටරටවැසියා Tuesday, 05 March 2024 06:26 PM

ඇත්තනෙ, එක දවසින් කොහොමද කොමිස් කුට්ටිය තීරණය කරන්නෙ? කීදෙනෙක් කියලද??

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site