(යොහාන් භාසුර)
ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ලංසු කැඳවීමේ කාලය තවත් දින 45 කින් ඉදිරියට ගෙන ඒමට ටෙන්ඩර මණ්ඩලය තීරණය කර ඇැතැයි වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (5) පැවසීය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය පෞද්ගලික ආයෝජකයෙක්ට පැවරීම සදඟා ලංසු කැඳවීම අද අවසන් කිරීමට නියමිතව තිබුණ ද ඒ සඳහා උපදෙස් දෙන අයිඑස්සී ආයතනය ලංසු භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කරන ලෙස කළ ඉල්ලීමකට අනුව මෙම දීර්ඝ කිරීම කළ බවත් අමාත්‍යවරයා කීය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය දරණ දැවැන්ත ණය බරින් කොටසක් රජය භාරගනීමට කටයුතු කළ හොත් ශක්තිත් ආයෝජකයෙක් ගැනීමේ හැකියාව ඇති බවත් දැවැන්ත ණය බරත් තිබියදී හොඳ ආයෝජකයෙක් ශ්‍රී ලන්කන් ගුවන් සේවය භාරනොගන්නා බව අයිඑස්සී ආයතනය දැනුම්දී ඇති බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩීසල් එක දැම්ම එකා තවම ලංසුව දීලා නැතුව ඇති.
මෙයාගේ ඉතා මෝඩ අදහස් කියල කාටත් පහසුවෙන් දැන ගන්න පුළුවන්. පාඩුවෙන් කොටසක් රජය බාර ගන්නවා නම්, ශක්තිමත් ආයෝජකයෙක් ගැනීමේ හැකියාව තියනවා බව. එහමනම්, එම ආයෝජකයාටත් මෙම ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ගොඩ දාන්න බැහැ. අනික එම ආයෝජකය මෙයා ඉල්ලන්න කොමිස් මුදලේ ගාන හරියට කියල නැතුව ඇති.
අමුක ඩුමුක ජමල් ජමල් කොමිස් කොමිස්
ඕක වහලා දාන්න. විකල්ප නෑ...!
ණය අපේ කර උඩ තියලා හොඳ ගාණක් සාක්කුවේ දාගන්න වෙන්න ඇති කල්පනාව...
ඇත්තනෙ, එක දවසින් කොහොමද කොමිස් කුට්ටිය තීරණය කරන්නෙ? කීදෙනෙක් කියලද??