(මනෝප්‍රිය ගුණසේකර)
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ නිලධාරීන්ට මරණ තර්ජන කළේ යයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආරක්ෂක අංශ ප්‍රධානියා වහාම එම තනතුරින් ඉවත් කරන ලෙස බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිසම රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇත. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිතිවරයාගේ රාජ්‍ය පාලන සමය තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුළ සිදුවු බව කියන දුෂණ වංචා සිද්ධීන් පිළිබඳව බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ හෙළි කළැයි එම නිලධාරීන්ට නිලධාරීන්ට අඩන්තේට්ටම් හා මරණ තර්ජන කර තිබිණ.
රාජපක්ෂ පාලන සමය තුළදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආරක්ෂක අංශ ප්‍රධානියා ලෙස පත්ව පැමිණ මේ දක්වා සේවා දිගු තුනක් ලබාගනිමින් එහි සේවය කරන බව කියන විශ්‍රාමික මේජර් ජනරාල් පියදිගමගේ චන්ද්‍රවංශ නමැත්තා අදාළ තනතුරින් ඉවත් කරන ලෙස බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිසම රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට මෙලෙස දැනුම් දී ඇතැයි වාර්තා වේ.
බරපතල වංචා සහ දුෂණ චෝදනා පිළිබඳ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කොමසාරිස්වරුන් ලෙස කටයුතු කරන අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීතී පද්මන් සුරසේන මහතා (සභාපති), මහාධිකරණ විනිසුරුවරුන් වන විකුම් කළුආරච්චි, ගිහාන් කුලතුංග, පියසේන රණසිංහ සහ හිටපු විගණකාධිපති පී.ඒ පද්මතිලක යන මහත්වරුන් විසින් එලෙස දැනුම් දී ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අදාළව බරපතල කොමිසමට ලැබුණු පැමිණිලි හතරක් සම්බන්ධයෙන් කොමිසම විසින් පරීක‍්ෂණ කරන ලදි.
COMMENTS
වංචා, දූෂණ නැතිව යහපාලනය කරන්න ආපු පාලකයෝ කොහොමද මෙයාට සේවා දිගු 3 ක් දුන්නේ? ඒ කියන්නේ පසුගිය ආණ්ඩුවේ පිරිසත් එක්ක මේ පාලකයෝ හොද සම්බන්ධකම් පවත්වලා තියෙනවා. මෙන්න යහපාලනය...
රට හදන්න නම් මෙවැනි නුසුදුසු පුද්ගලයන් රැකියාවෙන් පහකර වැලිකඩ යවා පුනරුත්ථාපනය කල යුතුයි.
මිනිස්සුන්ට මරණ තර්ජන කළානම්, කරනවානම් කොමිසම් පරීක්ෂණ නොව කෙලින්ම පොලිසිය හෝ රහස් පොලිසිය මගින් අත්අඩංගුවට අරන් පරීක්ෂණ කර උසාවියට ඉදිරිපත් කරන්නේ නැතුව මොනවද මේ කරන බහුභූත වැඩ?
මේ ගැනනම් කියන්න තියෙන්නේ තව අය ඉන්නවා එලවන්න.
රණවිරුවෙක්ද කියල හොයල බලලා කරන දෙයක් කරන්න....
මේකා තවම දන්නේ නැතුව ඇති, 2015 ජනවාරි මාසයේදී එයාගේ පරණ මැදමුලන ලොක්කා මහජන චන්දයකින් පැරදුන බව ! එහෙම අය තමා තමන්ගේ පදවිය මදාවිකම්, චන්ඩිකම් විදියට හරවා ගන්නේ ...