(විනීතා එම් ගමගේ)
ශ්‍රී ලන්කන් ගුවන්සේවය ලබන සැප්තැම්බරයෙන් පසු දුවන්න බැරි තත්ත්වයට පත්වන්නේ යැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඒ නිසා ආයතනය පිළීබඳව වහා ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතුව ඇතැයි ද අමාත්‍යවරයා කීය. ශ්‍රී ලංකන් ගුවන් සමාගම පිළිබඳව යම් තීරණයක් ගැනීමට ආර්ථික කමිටුවට අවශ්‍ය සහාය දීම තම වගකීම වන බවද අමාත්‍යවරයා පැවැසීය.
‘‘රාජ්‍ය ව්‍යාපාර පාඩු ලබනවා. සමහර විට ලාබ ලබනවා. අපේ අමාත්‍යංශයේ වගකීම ඒවා ලාභ ලබන තත්ත්වයට පත් කීරීමයි. බැරිනම් වෙනස්කම් කළ යුතුයි.
වසර විස්සක් තිහක් හොඳට දුවපු ආයතනයට මොකද වුණේ කියා මුලින්ම සොයා බලා කටයුතු කළ යුතුයි’’ යැයි ද අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික අාදායමට වඩා වියදම් කරන ගුවන් සේවයක් මොකටද? මේ වියදම සෞඛ්‍යය හෝ අධ්‍යාපනයට යොදවන්න.
අනේ ඕක විකුණන කම් විතරක් අපේ රවී මහතාට දෙන්න.. ඊට පස්සේ ඕන කෙනෙකුට දෙන්න.. එතුමා බොහොම අමාරුවෙන් ජිවත් වෙන්නේ.... ආර්ථික ප්‍රශ්න තියෙනවා ඒකයි....!!
මේක වසර විස්සක්, තිහක් හොඳට දුවපු ආයතනයක්ද? කෝ ලබපු ලාභ?
ඕකේ ඉන්න වයසක ගුවන් සේවිකාවෝ ටික වෙනුවට තරුණ ගුවන් සේවිකාවෝ ටිකක් දාල වැඩේ පටන් ගන්න. දැන් ඉන්න අයගෙන් වතුර ටිකක් ඉල්ලුවත් කේන්ති යනවා. එ්ක ගෙනාවත් අරගෙන එන්නේ පැය බාගෙකට පස්සේ. එමිරේට්ස් වගේ එයා ලයින් එකක් බලල වත් හදා ගන්න බලන්න.
ලංකාවේ මිනිසුන්ට වැඩ බැහැ කියල හැඟෙන්නේ මේවා දකින කොට තමයි. වරායයන් පාඩුයි කියලා විකුණනවා. ඒවා ගන්න පිටරට අය එනවා. එහෙම නම් ඇයි අපිට කරන්න බැරි.... සියළු නායකත්වයන්ගේ වෙනසක් කල යුතුයි.
"විපුල " අපිට මේ ආයතන නිසි පරිදි කරන්න බැරි හේතු මම පහැදිලි කරන්නම් . "සුදුස්සාට සුදුසු තැන නොලැබීම, දේසපාලන අතකොලු වූ පුද්ගලයින් වැදගත් ආයතන වල මුල් පුටුවල වාඩි කරවීම, හැම විටම කොමිස් මුදල්,වංචා-දුෂණ වලින් ආයතන පිරි පැවතීම". මේවා නතර කලොත් අපේ ආයතන පිටරටට විකුනන්නේ නැතිව ලාභ ලබන්න පුළුවන්. අවාසනාවට මේ දේවල් කරන්න අපේ යට ශ්කතියක නැහැ .ඉතින් ලේසිම දේ තමයි විකිණීම.
[ශ්‍රී ලන්කන් ගුවන්සේවය ලබන සැප්තැම්බරයෙන් පසු දුවන්න බැරි තත්ත්වයට ......] ඔන්න ඔය මගුල රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහත්තය කියන පරිදි දුවන්න බැරි තත්ත්වයට ගෙන්න බැරිනම් පියාසර කරන්න පුළුවන් තත්වයකට ගෙන්න !!!! ශ්‍රී ලංකා අභිමානය ලොවට ගෙනයාමට තිබෙන ශ්‍රී ලන්කන් ගුවන්සේවය, කඩාගෙන හොට බිම ඇනගන්නා තත්වයකට එන්න ඉඩ දෙන්න එපා !!! මෙම අභිමානය කාබාසීනිය කර දැමීමට මුල්වූ රාජපක්ෂ යුගයේ හිටපු ඇමතිවරයෙක් හැටියට එය යලිත් ගොඩගැනීම ඔබට මුළුමනින්ම භාර කටයුත්තක් වෙනවා !! මෙතරම් කුඩා ගුවන් යානා සංක්‍යාවක් තිබෙන ශ්‍රී ලන්කන් ගුවන්සේවය තුල සිටින සේවක මණ්ඩලය ඇත්තෙන්ම මහජනයාගේ මුදල් මංකොල්ලා කන රංචුවක් නොවේද ? රජය කන් වසාගෙන, ඇස් පියාගෙන හිටපු කාලය අවසන් වන්නේ කවදාද ?