(තිළිණි ද සිල්වා)
හදිසි ආපදා තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ විපත පත්වූවන්ට අවශ්‍ය ඕනෑම මොහොතක දී සහාය දැක්වීමට හා ආධාර ලබා දීමට තම රජය සූදානමින් සිටින බව ඕස්ට්‍රේලියා විදේශ ඇමතිනී ජූලි බිෂොප් මහත්මිය අද ( 28) ප්‍රකාශ කළාය.
විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වෙත පණිවිඩයක් යවමින් ඇය මේ බව දන්වා ඇත.
එසේම මෙම ආපදා තත්ත්වයෙන් ජීවිතක්ෂයට හා විපතට පත්වූවන් ගේ පවුල් වෙත සිය ශෝකය පළ කරන බවද ඕස්ට්‍රේලියා විදේශ අමාත්‍යවරිය මෙරට විදේශ නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව කියන්නේ පෞඩ දීර්ඝ ඉතිහාසයක් තියෙන රටක්... ඕස්ට්‍රේලියාව වගේ නෙමේ... කමක් නැහැ ලංකාවට විපත්තියක් ආපුවෙලේ සහයට ඕස්ට්‍රේලියාව සූදානම් වීමත් අන්තර් ජාතීන් අතර සමගිය ඇතිවෙනවානේ...
ඕස්ට්‍රේලියාවේ කට්ටිය ලෑස්ති වෙනකොට... ඉන්දියාවෙන් සහ චීනයෙන් ආධාර ලබාදීලත් ඉවරයි... කොහොමත් අසල්වැසියො තමයි වෙලාවට උදව්වට එන්නේ....