
(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකාව කලාපයේ අධ්‍යාපන කේන්ද්‍රය බවට පත් කිරීමට සහ මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ දියුණුව සඳහා උපරිම සහාය ලබාදෙන බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමතිනී කැරන් ඇන්ඩෘස් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පෙරේදා(20) පොරොන්දු වූවාය.
මේ අනුව ඕස්ට්‍රේලියාවේ උපාධි අපේක්ෂා කරන වෙනත් රටවල සිසුන්ට අදාළ පාඨමාලාවන්හි මූලික පාඨමාලා ශ්‍රී ලංකාවේදී හැදෑරීමට අවස්ථාව සලසා දීමට බලාපොරොත්තු වන බවද ඇය සඳහන් කළාය .
කැරන් ඇන්ඩෘස් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේදී පෙරේදා(20) පස්වරුවේ හමුවූවාය. ඇය මෙම පොරොන්දුව ලබාදී ඇත්තේ ඒ හමුවේදීය.
මේ අතර නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන ,පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව වෘත්තීය හා නිපුණතා සංවර්ධනය සඳහා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමටද ඕස්ට්‍රේලියානු රජය පියවර ගෙන ඇත.ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 12 කි.
ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදන ශ්‍රී ලංකාවට ගෙනවිත් අගය එකතු කර ප්‍රති අපනයනය කිරීමටද ඕස්ට්‍රේලියානු රජය අපේක්ෂා කරන බව ස්වදේශ කටයුතු ඇමැතිවරිය සඳහන් කළාය.
හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය ඇගයීමට ලක් කළ ඇන්ඩෘස් මහත්මිය තිරසර කෘෂිකර්මාන්තය සඳහා ඕස්ට්‍රේලියාවද උනන්දුවෙන් පසුවන බව පැවැසුවාය.
ඉන්දියන් සාගරයේ ස්ථායිභාවය
රැකගැනීම සඳහා දිගටම සහාය ලබා දෙන අතරේ කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් තම රජය දැඩි විමසිල්ලෙන් පසුවන බවද ඇය ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන ක්‍රියාවලියට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 11.7ක් පරිත්‍යාග කරමින් ලබාදුන් සහයෝගය ගැන ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.
මුහුදු ජාවාරම මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම් සහ මිනිස් ජාවාරම මැඩලීම සඳහා දෙරට අතර ශක්තිමත් යාන්ත්‍රණයක් තවදුරටත් අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා පැවසුවේය.
ඩයස්පෝරාව සමග අවබෝධයෙන් කටයුතු කිරීමටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇතැම් වගන්ති සංශෝධනයටත් රජය කටයුතු කරමින් සිටින බව ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීවේය .
මෙම සාකච්ඡාවට ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි, අමාත්‍ය උපදේශක ලව්ලින් මැක්නෝටන් , පළමු සහකාර ලේකම් ඇඩම් මේයර්, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ සහ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චක් ,බැසිල් මල්ලි වෙලාවටනේ රට ගියේ.හිටියනම් ඉංග්‍රීසියෙන් දෙයි බර බර ගාලා
කොහොමද රුවන් වැලි සෑ ඉදිරිපිට දුන් පොරුන්දු? ඩයස්පෝරාව සමග අවබෝධයෙන් කටයුතු කිරීමටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇතැම් වගන්ති සංශෝධනයටත් රජය කටයුතු කරනවලු. දැන් අපේ විමල්, ගම්මන්පිල සහ සරත් වීරසේකරලා කලබල වෙනවා. ඔවුන් කුලප්පු වෙනවා.
ඔස්ට්‍රෙලියාව එහෙම කියන්නෙ අනුබද්ධ විශ්ව විද්‍යාලවලට ලංකාවේ ආයතනය මුදල් ගෙවිය යුතු නිසයි. එහෙත් අප වගේ දූෂිත රටක මේවා නියාමනය නොවේ. ආයතන දෙක තුනක් හැරෙන්නට බොහෝ ඒවායේ අයිති කරුවන් බොරු ආචාර්ය උපාධි භාවිතා කරමින්ද, අඩු පඩියට තම ආයතනයේ ආදි සිසුන් සහ නවකයන් ලවා උගැන්වීම කොට ලාභ සාදා ගනිති. මේ අතර මේවායේ උපාධි සහතික සහිත අයට රැකියා ලබා ගැනීම අසීරුය. මුහුණු පොතට පින්තූර දැමීමට හා නම්බුව පමණක් තකා මේවා උපයෝගි වේ. එහෙත් අපේ රටේම මිනිසුන් මෙසේ රැවටෙනු බලා සිටීම රජයන්ට යෝග්‍ය නොවේ.
මැනිං මාර්කට් එකට ගිහිල්ල එළවලු මිල අහලා බැලුවානම් කෘෂිකර්මාන්තයට වෙලා තියෙන එක බලාගන්න පුළුවන්.