( තිළිණි ද සිල්වා )
ශ්‍රි ලංකාවේ මානව හිමිකම් ප්‍රගතිය සම්බන්ධව කටයුතු කිරීමට තවත් වසර 2ක් කල් දිය යුතු බවට ඇමෙරිකාව,බ්‍රිතාන්‍යය ප්‍රමුඛ රටවල් 4 ක් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි මහසභා සැසියට ඉදිරිපත් කළ යෝජනාව ඡන්දයකින් තොරව අද(23) සම්මත විය.
මෙම නව යෝජනාවේ ප්‍රධාන අනුග්‍රාහක රාජ්‍යයන් වූයේ බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව,උතුරු අයර්ලන්තය හා මොන්ටිනිග්‍රෝ යන රටවල් ය.
මෙම යෝජනාව සම්මත කිරීමට ජපානය ඇතුළු තවත් රටවල් 36 ක් අමතර සම අනුග්‍රාහකයින් ලෙස ශ්‍රී ලංකාවට සහාය දක්වා ඇතැයි ජිනීවා තානාපති ආරංචි මාර්ග කියයි.
සම්මත කළ නව යෝජනාවේ ප්‍රගතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් වාචික වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන වාර්ෂික සැසියට ඉදිරිපත් කළ යුතු අතර එම යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන ලිඛිත වාර්තාව 40 වැනි වාර්ෂික සැසියට ඉදිරිපත් කළ යුතුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි ඉන්න කට්ටියම අයෙත් බලයට පත්කරගත්තොත් තවත් අවුරුදු හත අටකට කාලේ දික්කරනවා. නොදුන්නොත් එන එකාගේ බෙල්ල හිරකරනවා.
වෙනස සැපද ද ද ද ? කෝ විදුලි පුටු ටු ටු ටු ?